Showing posts with label ටී. ආර්. පාපා. Show all posts
Showing posts with label ටී. ආර්. පාපා. Show all posts

Wednesday, February 22, 2017

බුදු සිරිපාදේ

ඕ... සෑසී ලෝනාගේ
සම්බුදු සිරිපාදේ
දිළෙනාවූ බුදු රශ්මි විහිදමිනේ
බුදු සිරිපාදේ බුදු සිරිපාදේ
වඳිනා ලෙසින් යමු සමනලයේ
බුදු සිරිපාදේ බුදු සිරිපාදේ
වඳිනා ලෙසින් යමු සමනලයේ

සමන් දෙවිඳු කරුණාවෙන් සිරිපා පියුම්
සුගත් සෑසි ලෝනා වඳීමු බැතින් ...//

නඟා දෝත සෑමා තියා මල් පුදා
යමු සිරිපාදේ වඳිනා ලෙසින් යාමු
බුදු සිරිපාදේ
වඳිනා ලෙසින් යමු බැතියේනී
බුදු සිරිපාදේ බුදු සිරිපාදේ
වඳිනා ලෙසින් යමු සමනලයේ

කරුණාවයි දෙවි කරුණාවයි
සුමන සමන් දෙවි කරුණාවයි ...//

සුර බඹ කැළ නිති පුද ලබනා
සිරිපද ඉඳුනිල සේ දිළෙනා

කරුණාවයි දෙවි කරුණාවයි
සුමන සමන් දෙවි කරුණාවයි

දුක දුරු කර දෙවි පිහිට ලබා
වඳිමු පුදමු සිරිපද දිළෙනා

පූජාති පූජනීය සම්බුදු සිරිපා
වඳිමු පතමු නිවනෙහි සැපතා

කරුණාවයි දෙවි කරුණාවයි
සුමන සමන් දෙවි කරුණාවයි ...//

ගායනය - ධර්මදාස වල්පොල සහ ජී.එස්.බී. රාණි පෙරේරා
පද - ඩබ්ලිව්. විල්ෆ‍්‍රඩ් සිල්වා
සංගීතය - ටී. ආර්. පාපා
1955 දී තිරගතවූ සුරඟනී චිත්‍රපටියේ ගීයකි.

1953 දී තිරගතවූ  "Rahi" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ "O Jaanewaale Raahi" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

සුරඟනාවි මාගේ

සුරඟනාවි මාගේ
ඔබ නොම වේය හීන කුලයේ
ගයමු ගීත සොඳුරේ
පීනා නාමු ප්‍රේම සයුරේ

ප්‍රේම රූප රාජා
ආලේ දිනුව මාගෙ හර්දේ
ගයමු ප්‍රේම ගීතේ
පීනා නාමු ප්‍රේම සයුරේ

ඔබයි පෙම් ප්‍රදීපේ දැල්වෙන මා හද මන්දීරේ
ප්‍රදීපේ මා හද මන්දීරේ

ඔඔ ඔඔ ඔඔඕ.. ඔඕ.. ඕ.. ඕ.. ඕ..

ඔබයි පෙම් ප්‍රදීපේ දැල්වෙන මා හද මන්දීරේ
ප්‍රදීපේ මා හද මන්දීරේ

ඔඔ ඔඔ ඔඔඕ.. ඔඕ.. ඕ.. ඕ.. ඕ..

පිපේ පෙම් කුසුම් විලේ
සැලී පෙම් තලේ
දිනූ මා‍ගෙ ආදරේ
ඔබයි ප්‍රේම රාජයා
මගේ රාජයා

සුරඟනාවි මාගේ
ඔබ නොම වේය හීන කුලයේ
ගයමු ගීත සොඳුරේ
පීනා නාමු ප්‍රේම සයුරේ

හෝ... ඔඔ ඔඔ හෝ... ඔඔ ඔඔ හෝ... ඔඔ ඔඔ ඕ
හා අඅඅඅ ආ.. හඅඅ ආආ ආ ආ ලා..ලලා..

දුගී මා රොඩී කුලේ
ප්‍රියේ ඉන් ඔබේ ආදරේ
ධනේ හා බලේ නිසා
නැසී දේ හදේ වේදනා

ඔබේ රූ දෙපා මුලේ
ධනේ හා බලේ
පලා යාවි මා හදේ
මවා පෙම් රසේ
මවා පෙම් රසේ

සුරඟනාවි මාගේ
ඔබ නොම වේය හීන කුලයේ (ඕ..... )
ගයමු ගීත සොඳුරේ (ඕ..... )
පීනා නාමු ප්‍රේම සයුරේ (ඕ..... )

ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සහ ධර්මදාස වල්පොල
පද - ඩබ්ලිව්. විල්ෆ‍්‍රඩ් සිල්වා
සංගීතය - ටී. ආර්. පාපා
1955 දී .තිරගතවූ සුරඟනී චිත්‍රපටියේ ගීයකි.

හින්දි ගී තනුවකි.

ආලේ පෙම් රැස් දහරා

ආලේ පෙම් රැස් දහරා //
වැදී පෙම් මල් පෙති හිනැහෙන්නා
පෙම් ගඟ උතුරා බැසයාවි වේගෙන්
පෙම් දිය රැළි නංඟා

තුරුලිය පවනේ සැළෙනා //
විනෝදේ රසයෙනි නැළවෙන්නා
සැනසීම හදේ නැග ඒය ප්‍රේමේ
ආලෝකය විහිදා

නැගි හර්දේ ප්‍රේම පිපාසේ
සිඳුණා ඔබ සොඳුරු සිනාවේ
තනිවූ හද පෙමට ලොබා වූ
ආදරයේ රස වගුරාවී

දෙව් සැප කිම මා හමුවේ //
පෙමේ රස උතුරයි අද වේගේ
සැනසීම හදේ නැග ඒය ප්‍රේමේ
ආලෝකය විහිදා

හොහ් හො හෝ ඕ ඕ..
හොහ් හො හෝ ඕ ඕ..
ආඅඅ ආඅඅ ආඅඅ ආ....
ආඅඅ ආඅඅ ආඅඅ ආ....
ආඅඅ ආඅඅ ආඅඅ ආඅඅ ආඅඅ ආඅඅ ආ....

සැළලිහිණිය ඔබ තනිවී
සිරවීලා කූඩුවෙහී

මේ කිමදෝ සෝකේනී
ප්‍රේමේ නැති ද හදේහී
යනු කෝ ඉගිලී තුටිනී //
සොයා ප්‍රේමිය ඔබ සිනහසිසී
සැනසීම ඔබේ හද ඒ නැගී
මා හද යාවි පිනා

හහහා.. හහහා...
හාඅආ හාඅආ හාඅආ හාඅආ...
ලල ලා ලාලා...
ලල ලා ලාලා ලා ලාලා ලා. ආආආ..............

ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා
පද - ඩබ්ලිව්. විල්ෆ‍්‍රඩ් සිල්වා
තනුව - ආර්. සුන්දරම්
සංගීතය - ටී. ආර්. පාපා
1955 දී .තිරගතවූ සුරඟනී චිත්‍රපටියේ ගීයකි.

1953 දී තිරගතවූ Ladki චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ “Main Hoon Bharat Ki Hun Naar" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
 

හින්දි ගීතය

Main hu bharat ki naar
Main hu bharat ki naar
Ladne marne ko tyar
Mujhe samjho na kamjor logo
Samjho na kamjor
Us desh ki hu santan
Us desh ki hu santan
Ke jisna naam hai hidustan
Sah jor badi sah jar logo
Samjho na kamjor

Main bijli bankar damku
Main bhala ban kar chamku
Koi hai jo hare mera chir
Mare khinch ke aisa teer
Jo lage kalejwa par
Jo lage kalejwa par
Mai hu bharat ki nar
Ladne marne ko tyar
Mujhe samjho na kamjor logo
Samjho na kamjor

Main hu jhansi ki sham sheer
Main hu arjun ka teer
Main sita ka vardan
De sakti hu balidan
Main bhim ki hu jhankar
Main bhim ki hu jhankar
Ladne marne ko tyar
Mujhe samjho na kamjor logo
Samjho na kamjor.

मैं हु भारत की नजर
मैं हु भारत की नजर
लड़ने मरने को त्यार
मुझे समझो न कमजोर लोगो
समझो न कमजोर
उस देश की हो संतान
उस देश की हो संतान
के जिस्ना नाम है हिदुस्तान
सह जोर बड़ी सः जार लोगो
समझो न कमजोर

मैं बिजली बनकर दमकु
मैं भला बन कर चमकू
कोई है जो हरे मेरा चिर
मरे खिंच के ऐसा तीर
जो लगे कॉलेजवा पर
जो लगे कॉलेजवा पर
मई हु भारत की नार
लड़ने मरने को त्यार
मुझे समझो न कमजोर लोगो
समझो न कमजोर

मैं हु झाँसी की शाम शीर
मैं हुँ अर्जुन का तीर
मैं सीता का वरदान
दे सकती हू बलिदान
मैं भीम की हुँ झंकार
मैं भीम की हुँ झंकार
लड़ने मरने को त्यार
मुझे समझो न कमजोर लोगो
समझो न कमजोर.

Song - Main Hoon Bharat Ki Naar
Singer - Lata Mangeshkar
Lyricist - Rajendra Krishan
Composer - Dhaniram, R. Sudarsanam
Movie - Ladki (1953)

සෝක නැගේවී

තනිවූ හදේ සෝකේ ....
ප්‍රේමේ වියෝගෙනී මේ ....
පාවේ වේදනා අහෝ ....
සිහිවේවි ප්‍රේම රාජා ....
ප්‍රේම රාජා ....

සෝක නැගේවී හ‍දේ මා
ප්‍රේමේ නෑ ලොවේ සම්පතා
ප්‍රේමේ නෑ ලොවේ සම්පතා ....//

රූපෙ නිසා මේ විඳිනා දුක මා
නොදනී අයියෝ සිදුවූ මේ සෝකා  ...//
ආලේ මායා සිහිනේකී පේනා
ගෙන දෙන්නාවු හදේ වේදනා
ගෙන දෙන්නාවු හදේ වේදනා

දෝසෙ නිසා මා රජිඳා ප්‍රේමා
විඳි මේ  අයියෝ අපහාසේ සෝකා
ආලේ මාගේ දොස් වේය නොදැනා
පිදුවේ මා හදේ ප්‍රේමෙනා
පිදුවේ මා හදේ ප්‍රේමෙනා

සෝක නැගේවී හ‍දේ මා
ප්‍රේමේ නෑ ලොවේ සම්පතා
ප්‍රේමේ නෑ ලොවේ සම්පතා

ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා
පද - ඩබ්ලිව්. විල්ෆ‍්‍රඩ් සිල්වා
සංගීතය - ටී. ආර්. පාපා
1955 දී .තිරගතවූ සුරඟනී චිත්‍රපටියේ ගීයකි.

හින්දි ගී තනුවකි.

Thursday, October 6, 2016

සිරියා මේ සාරා


සිරියා මේ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා ....//

ප්‍රේමේ නුරා ගීත රාවේ ඇසෙන්නා
මේ පෙම් මල් පිපීලා මා හර්දේ පිරෙන්නා //
හෝ...
දින රාජයා ඈත අහසේ දිලෙන්නා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා


සිරියා මේ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා

ගංගා පිරීලා‍ ඉතිරී ගලන්නා

ගංගා පිරීලා‍ ඉතිරී ගලන්නා
ආලේ රසේ මා හදේහි නැගෙන්නා //
හෝ..

යාමී මේ දැන් පෙම් කුමාරි සොයාලා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අමධාරා

සිරියා මේ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා ....//

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
සංගීත අධ්‍යක්‍ෂණය ටී.ආර්. පාපා
1956 දී තිරගත වූ "සුරතලී" චිත්‍රපටියේ ගීයකි.
එච්. ආර්. ජෝතිපාල මහතාගේ පළමු චිත්‍රපට පසුබිම් ගීතයයි.

1954 දී තිරගත වූ "මස්තානා" චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ "දුනියා කේ සාරේ ගමොන් සේ බෙගානා" (Duniya Ke Saare Ghamon Se Begaana) ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

හින්දි ගී පද


Duniya ke sare
Ghamon se begana
Ho main hun mastana
Ho main hun mastana
Duniya ke sare
Ghamon se begana
Ho main hun mastana
Ho main hun mastana

Jeeta hun duniya
Mein apani kushi se
Jeeta hun duniya
Mein apani kushi se
Na dushman kisi
Ka na ulfat kisi se
Na dushman kisi
Ka na ulfat kisi se
Din raat mera
Yahi hai taraana
Ho main hun mastana

Nashaad hun main
Dilashaad hun main
Nashaad hun main
Dilashaad hun main
Duniya ke jhagadon
Se aazaad hun main
Duniya ke jhagadon
Se aazaad hun main
Ye sara jahaan
Hai mera aashiyana
Ho main hun mastana

Jeena yaa marna hasna rona
Hota rahegaa ho kuchh hai hona
Hota rahegaa ho kuchh hai hona
Khaaenge ham aur
Kamaae zamana
Ho main hun mastana
Ho main hun mastana

दुनिया के सारे ग़मों से बेगाना
हो मैं हूँ मस्ताना -२

जीता हूँ दुनिया में अपनी ख़ुशी से
ना दुश्मन किसी का ना उल्फ़त किसी से -२
दिन-रात मेरा यही है तराना
हो मैं हूँ मस्ताना ...

नाशाद हूँ मैं दिलशाद हूँ मैं
दुनिया के झगड़ों से आज़ाद हूँ मैं -२
ये सारा जहाँ है मेरा आशियाना
हो मैं हूँ मस्ताना ...

जीना या मरना हँसना-रोना
होता रहेगा हो कुछ है होना -२
खाएंगे हम और कमाए ज़माना
हो मैं हूँ मस्ताना ...


Monday, April 27, 2015

අම්බරේ බලන්න පුන් සඳේ

අම්බරේ බලන්න පුන් සඳේ
අම්බරේ බලන්න පුන් සඳේ
මැදින්ම සුදු ලපේ පෙනේ
රෝස මලෙත් නටුවෙ කටු කවුද නොදන්නේ //

ඇත්තමයි කියන්නෙ ඇත්තමයි
ඇත්තමයි කියන්නෙ ඇත්තමයි
දිවෙන් කියන්නෙ ඇත්තලූ
කොහොඹ කොළේ පැණි ගෑවත් තිත්ත තිත්තලූ //

කලියුග කාලේ මාළු නටයි සෝඩ බෝතලේ
මේ වගෙ කාලේ දෙල් හැදෙන්න බැරිද පොල් පැලේ ...//

පාවෙනා කළු වලාකුළේ ////
රිදී ඉරක් ඇඳී බොලේ
ගොහොරු මඩේ බමරු සිඹින පියුම් පිපෙන්නේ

බිම වැටී බිඳිච්ච මුට්ටියේ ////
සෝදල කැළල නොයන්නේ
විදුලි කොටා ගෙරෙව්වාට නැතිලු වහින්නේ

කලියුග කාලේ මාළු නටයි සෝඩ බෝතලේ
මේ වගෙ කාලේ දෙල් හැදෙන්න බැරිද පොල් පැලේ ...//

ගායනය - ධර්මදාස වල්පොල සමග ලතා වල්පොල
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - ටී. ආර්. පාපා
සුජාගේ රහස (1964) චිත්‍රපටියේ ගීයක්.
ස්වතන්ත්‍ර නිර්මානයක් ද අනුකාරක ගීයක්ද යන්න නොදනී. කෙසේ නමුත් මේ ගීය ඇතුළත් "සුජාගේ රහස" චිත්‍රපටිය "දාසි" නම් දෙමළ චිත්‍රපටියක අනුකරණයකි.

Tuesday, March 24, 2015

මෝරලා ප්‍රේම ගීතේ

හා ආ ආ ආඅආ ආඅආ...
හා ආ ආ ආඅආ ආ ආ...

ආඅආ ආඅආ ආඅආ ආ ආඅආ

මෝරලා ප්‍රේම ගීතේ
ආදරේ මිහිර නෑවේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
හොඔ ඕඔ ඕඔ ඕඕ

මෝරලා ප්‍රේම ගීතේ
ආදරේ මිහිර නෑවේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ

දිළෙනා අහසේ තරු කැල වාගේ
සැමදා ප්‍රේම ලොවේ දි‍ලේ සුදා මා ..//
ඔබවේ මාගේ ප්‍රෙමේ රාජයා //
ලාලනී රූපිකාවී සෝභනී මා හදේ //
හොඔ ඕඔ ඕඔ ඕඕ

මෝරලා ප්‍රේම ගීතේ
ආදරේ මිහිර නෑවේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ

වනලිය මාගේ රැජිණය වාගේ
මිහිරේ මා ඔබගේ හදේ සුරූපා ..//
ගයමූ ප්‍රේමේ අමා ගීතිකා
අමා ගීතිකා
ආදරේ මා සුදාගේ සෑමදා ජීවිතේ //
හොඔ ඕඔ ඕඔ ඕඕ

මෝරලා ප්‍රේම ගීතේ
ආදරේ මිහිර නෑවේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
හොඔ ඕඔ ඕඔ ඕඕ

මෝරලා ප්‍රේම ගීතේ
ආදරේ මිහිර නෑවේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ

හා ආ ආ ආඅආ ආඅආ...
හා ආ ආ ආඅආ ආ ආ...

ගායනය - ජී. එස්. බී. රාණි පෙරේරා සහ සුනෙත් වල්පොල
පද රචනය - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
සංගීතය - ටී. ආර්. පාපා
මෙම ගීයේ මුල් ගැයුම  ජී. එස්. බී. රාණි පෙරේරා සමග ධර්මදාස වල්පොල ගේය.
අනුකාරක ගීතයක් දැයි නොදනී.