Wednesday, February 22, 2017

සුරඟනාවි මාගේ

සුරඟනාවි මාගේ
ඔබ නොම වේය හීන කුලයේ
ගයමු ගීත සොඳුරේ
පීනා නාමු ප්‍රේම සයුරේ

ප්‍රේම රූප රාජා
ආලේ දිනුව මාගෙ හර්දේ
ගයමු ප්‍රේම ගීතේ
පීනා නාමු ප්‍රේම සයුරේ

ඔබයි පෙම් ප්‍රදීපේ දැල්වෙන මා හද මන්දීරේ
ප්‍රදීපේ මා හද මන්දීරේ

ඔඔ ඔඔ ඔඔඕ.. ඔඕ.. ඕ.. ඕ.. ඕ..

ඔබයි පෙම් ප්‍රදීපේ දැල්වෙන මා හද මන්දීරේ
ප්‍රදීපේ මා හද මන්දීරේ

ඔඔ ඔඔ ඔඔඕ.. ඔඕ.. ඕ.. ඕ.. ඕ..

පිපේ පෙම් කුසුම් විලේ
සැලී පෙම් තලේ
දිනූ මා‍ගෙ ආදරේ
ඔබයි ප්‍රේම රාජයා
මගේ රාජයා

සුරඟනාවි මාගේ
ඔබ නොම වේය හීන කුලයේ
ගයමු ගීත සොඳුරේ
පීනා නාමු ප්‍රේම සයුරේ

හෝ... ඔඔ ඔඔ හෝ... ඔඔ ඔඔ හෝ... ඔඔ ඔඔ ඕ
හා අඅඅඅ ආ.. හඅඅ ආආ ආ ආ ලා..ලලා..

දුගී මා රොඩී කුලේ
ප්‍රියේ ඉන් ඔබේ ආදරේ
ධනේ හා බලේ නිසා
නැසී දේ හදේ වේදනා

ඔබේ රූ දෙපා මුලේ
ධනේ හා බලේ
පලා යාවි මා හදේ
මවා පෙම් රසේ
මවා පෙම් රසේ

සුරඟනාවි මාගේ
ඔබ නොම වේය හීන කුලයේ (ඕ..... )
ගයමු ගීත සොඳුරේ (ඕ..... )
පීනා නාමු ප්‍රේම සයුරේ (ඕ..... )

ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සහ ධර්මදාස වල්පොල
පද - ඩබ්ලිව්. විල්ෆ‍්‍රඩ් සිල්වා
සංගීතය - ටී. ආර්. පාපා
1955 දී .තිරගතවූ සුරඟනී චිත්‍රපටියේ ගීයකි.

හින්දි ගී තනුවකි.

No comments: