Showing posts with label ශාමන් රණවීර. Show all posts
Showing posts with label ශාමන් රණවීර. Show all posts

Thursday, May 14, 2015

අම්මේ (මව්වරුන්ගේ දින ගීය)

 ම් ම්ම්...
හාහ හාහ හා
හාහ හාහ හා
ම් ම්ම් ...

ඔබේ දෑත විදහා
ජීවිතයම පුබුදා
මා පසු පස මා අතැර නොයන අම්මේ

ඔබේ රුවින්
නැණ පහන් වැටින්
මා ජීවිතයම සරසා
නිම් නැති සක්මන් අතරේ
ඉර හඳ ගහ කොළ මල් අතරේ
ලෝකය හඳුනා දුන්
අම්මේ ..
අම්මේ ..
බොඳ දෙනුවන් පිසදා
එළිය අඳුර පහදා
මා ජීවිතයේ පියා සරන්නට
හැඟුම් පැතුම් මට දුන් අම්මේ ////

ගායනය - නිරෝෂා විරාජිනී
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ශාමන් රණවීර

මව්වරුන්ගේ දින ගීය