Showing posts with label කපිල කුමාර කාලිංග. Show all posts
Showing posts with label කපිල කුමාර කාලිංග. Show all posts

Tuesday, September 13, 2016

වසන්තයේ අග හමුවෙමු සොඳුරිය

හ්ම් හ්ම්.. හ්ම් හ්ම්.. හ්ම් හ්ම්.. හ්ම් හ්ම්..

වසන්තයේ අග හමුවෙමු සොඳුරිය
ළවැලි තලාවක විසුළ කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අලූතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ළා සඳ නැගෙනා හෝරාවේ

ගිමන් නිවන්නට ජීවිතයේ
යළි කෙදින ද ඉඩ සැලසෙන්නේ
නොදනිමු එය අප නොවී පමා
පියවර මැන යමු යොදුන් ගෙවා

වසන්තයේ අග හමුවෙමු සොඳුරිය
ළවැලි තලාවක විසුළ කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අලූතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ළා සඳ නැගෙනා හෝරාවේ

දොරගුළු හැරලමු අපි දෙහදේ
හිනැහෙමු පෙර අපි පැතූ ලෙසේ
කිසිවෙකු නොදකින නිහඬ පැයේ
තනිවෙමු මොහොතක් අපේ ලොවේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - කපිල කුමාර කාලිංග
තනුව - එඩ්වඩ් ජයකොඩි

Thursday, April 9, 2015

එකම වැකියක් හෝ


එකම වැකියක් හෝ
එකම පැදියක් හෝ
නොමැති සුවිසල් ගතෙක වූ මඟ අසා
කියවා
මෙදිගු ගමනේ යෙදෙන්නෙමු අපි
සියපතින් සැරසී
සුනිල ගඟබඩ අසල නතරව
ගිම් නිවා

පියාපත් ලබන්නට මිනිස් නෑසියන්ගේ
විරාමය මෙතැනදෝ

එකම වැකියක් හෝ
එකම පැදියක් හෝ
නොමැති ඒ විසල් වූ පොතේ
මොහුගෙ රූපය තිබුනා
එසේ නම් මේ කෞ‍තුක වූ
මන්දිරයයි මේ තියෙන්නේ
අප දෙනෙත් අභියසේ මහා වන ගැබේ
මගේ දිවි සිහිනේ
සැබෑ වේ.

ගායනය – ප්‍රදීපා ධර්මදාස සහ පිරිස
පද රචනය - කපිල කුමාර කාලිංග
තනුව හා සංගීතය - සේන වීරසේකර
"නෙළුම් පොකුණ" වේදිකා නාට්‍යයෙන්.


"නෙළුම් පොකුණ" වේදිකා නාට්‍යය 1988 දී වේදිකා ගතවූවකි. එහි ප්‍රදීපා "රාධා" චිරතයට පණ පොවන්නේ මුළු නාට්‍ය දිගහැරෙන කාලය පුරාවටම රෝද පුටුවක සිටයි.

රත් පියුමින් සැදි


රත් පියුමින් සැදි පොකුණක් බලන්න අපි යනවා
කවුරුද එන්නේ (කවුරුද එන්නේ)

රත් පියුමින් සැදි පොකුණක් බලන්න අපි යනවා
කවුරුද එන්නේ (කවුරුද එන්නේ)

යුගයෙන් යුගයට පියමං කරමින්
සිහිලැල් රළවැල් සොයමින් කරදියරේ
යනවෝ
තරු ලකුණක් සොයමින් යනවෝ

කවුරුද එන්නේ (කවුරුද එන්නේ) ..//////

ගායනය – ප්‍රදීපා ධර්මදාස සහ පිරිස
පද රචනය - කපිල කුමාර කාලිංග
තනුව හා සංගීතය - සේන වීරසේකර

"නෙළුම් පොකුණ" වේදිකා නාට්‍යයෙන්...

එක මඟ යන සොහොයුරන්


එක මඟ යන සොහොයුරන් වෙමු අපි ජීවිතේ
කැටිවුණු  අඳුරේ 
දෙපයින් යන්නෝ
සසලවු සුළඟේ
රැය දිව යන යාමයේ
උහුලනු බෑ පාළුයි
කෝ.... ඕ.... ඕ....   ළඳුන් (ළඳුන්)
කෝ.... ඕ.... ඕ....   ළඳුන් (ළඳුන්)

ඉඳහිට එන මගියෙක් විමසයි යම් තැනක්
දන්නෙමි එය
ගෙනයමි ඔහු මම කෙටි දුරක්
ආපසු එන ගමනේ
සෙබළුන් මොර දිදී විමසයි මගෙ ජාතිය
රළු බසින්
රළු බසින්

ලල් ලල් ලල් ලල් ලලල්ල ලා ////////

පියපත් විදහා යමි මම දැන් නිදහසේ
මුහුදක් සේ ගැඹුරුයි මට දැන් ජීවිතේ
පියපත් නැති කවුරුද ඉන්නේ මාවතේ
කඳුළක් ගෙන දෝතට දෙන්නෙමි හදවතේ

අළුයම සිහිලැල්  පිනි කඳුළින් නෙත් තෙමා
හිම සුණු අතරේ ඒ මාවත දිස්වේ
පැහැබර කළ මැන ඒ ලොව දෙතොළින්
ගීයක් පුදදෙමි ඔබ වෙනුවෙන්

ගායනය – ප්‍රදීපා ධර්මදාස සමග ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - කපිල කුමාර කාලිංග
තනුව හා සංගීතය - සේන වීරසේකර

"නෙළුම් පොකුණ" වේදිකා නාට්‍යයෙන්...

නෙල්ලි කැලේ ගඟ අයිනේ

නෙල්ලි කැලේ ගඟ අයිනේ පුංචි කැකුළු ළමුන්නේ
හමන සුළඟ මුමුණා යන රහසයි මේ කියන්නේ

ඉස්කෝලේ දරුවන් මැද දෙවැනි මවක් සිටින්නේ
(ඉස්කෝලේ දරුවන් මැද දෙවැනි මවක් සිටින්නේ)

මහත් පෙමින් අකුර අකුර සොඳින් කියා දෙමින්නේ
(මහත් පෙමින් අකුර අකුර සොඳින් කියා දෙමින්නේ)

කඳු යායෙන් එහා දෙසක සැණකෙළි සිරි තිබෙන්නේ
(කඳු යායෙන් එහා දෙසක සැණකෙළි සිරි තිබෙන්නේ)

ඒ අසිරිය මේ දරු කැළ කවදා දෝ දකින්නේ
(ඒ අසිරිය මේ දරු කැළ කවදා දෝ දකින්නේ)

නෙල්ලි කැලේ ගඟ අයිනේ පුංචි කැකුළු ළමුන්නේ
හමන සුළඟ මුමුණා යන රහසයි මේ කියන්නේ

ගායනය – ප්‍රදීපා ධර්මදාස සහ ළමා පිරිස
පද රචනය - කපිල කුමාර කාලිංග
තනුව හා සංගීතය - ආනන්ද ගමගේ

Wednesday, April 8, 2015

දේවි නොවෙද මා ඔබේ

දේවී දේවී
දේවි නොවෙද මා ඔබේ
ප්‍රතාපි ස්වාමිනේ ....//

අනඟ සැණකෙළි හලක වැද රෑ
පුරඟනන් හා මධු මතින්
නඟන හසරැළි ගලා එන්නේ
සී මැදුරු කවුළුවෙන්

තුරුණු සිරි ගිලිහී ගියද මා
පළමු මිණ විය නිරිඳු කිරුළේ
රැකවලුන් සුරකිනා මැදුරක
තනිව යහනේ බලා හිදිමී

දේවී දේවී
දේවි නොවෙද මා ඔබේ
ප්‍රතාපි ස්වාමිනේ

දෙන්න අවසර
ළඟ රැඳෙන්නට පෙම් සිතින්
වී පාද පරිචාරිකා සදා
ප්‍රතාපි ස්වාමිනේ
ස්වාමිනේ
දේවි නොවෙද මා ඔබේ

ගායනය – ප්‍රදීපා ධර්මදාස
පද රචනය - කපිල කුමාර කාලිංග
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

සුපෙම් හැඟුම් ඔබෙන් එපා

සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ ...//

තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසිදින අප හමු නොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්

සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි මා ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

ගායනය – ප්‍රදීපා ධර්මදාස සහ ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - කපිල කුමාර කාලිංග
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

Monday, March 30, 2015

නෙක උයන්

නෙක උයන් වතු මැදින්
හමා යයි නව මන්ද මාරුතේ
සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
හිතමිතුරු වූ වසත් කාලයයි ....//

සිතුවමින් මතුව ආ සුසුම් රැල්
බොඳ මලක් මත වැටී බොඳව යයි
සිහිනයක් අවදි වී පිය නඟයි
අඬ අඳුරු සීත කඳු මාවතේ

නෙක උයන් වතු මැදින්
හමා යයි නව මන්ද මාරුතේ
සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
හිතමිතුරු වූ වසත් කාලයයි

නොම තැවෙන් රාත්‍රිය දිගු විනැයි
හෙට දවස මීවිතක් සේ දිසෙයි
නිදැල්ලේ ගලා ගිය ජීවිතේ
නිම්නයක නතර වී ගිම් නිවයි

නෙක උයන් වතු මැදින්
හමා යයි නව මන්ද මාරුතේ
සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
හිතමිතුරු වූ වසත් කාලයයි  ...//

ගායනය - අමරසිරි පීරිස් සහ ප්‍රදීපා ධර්මදාස
පද රචනය - කපිල කුමාර කාලිංග
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

Sunday, December 8, 2013

මීන නුවන් යුග

මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ

බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි
අද වෙන් වී නුඹ හිම පියසේ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
බොඳ වී යයි මුදු වදන් මෙදා
බොඳ වී යයි මුදු වදන් මෙදා

මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ

සීත රටේ තනි මලට ලොබින්
ඈත ඉඳන් ආ බමරින්දූ
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
මාලවිකා මා බාල ලියේ
මාලවිකා මා බාල ලියේ

මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ

ගායනය - සේනානායක වේරලියද්ද
පද - කපිල කුමාර කාලිංග
තනුව - සේනානායක වේරලියද්ද