නෙක උයන් වතු මැදින්
හමා යයි නව මන්ද මාරුතේ
සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
හිතමිතුරු වූ වසත් කාලයයි ....//
සිතුවමින් මතුව ආ සුසුම් රැල්
බොඳ මලක් මත වැටී බොඳව යයි
සිහිනයක් අවදි වී පිය නඟයි
අඬ අඳුරු සීත කඳු මාවතේ
නෙක උයන් වතු මැදින්
හමා යයි නව මන්ද මාරුතේ
සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
හිතමිතුරු වූ වසත් කාලයයි
නොම තැවෙන් රාත්‍රිය දිගු විනැයි
හෙට දවස මීවිතක් සේ දිසෙයි
නිදැල්ලේ ගලා ගිය ජීවිතේ
නිම්නයක නතර වී ගිම් නිවයි
නෙක උයන් වතු මැදින්
හමා යයි නව මන්ද මාරුතේ
සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
හිතමිතුරු වූ වසත් කාලයයි ...//
ගායනය - අමරසිරි පීරිස් සහ ප්‍රදීපා ධර්මදාස
පද රචනය - කපිල කුමාර කාලිංග
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
No comments:
Post a Comment