Showing posts with label තිලක් කොස්ලන්ද. Show all posts
Showing posts with label තිලක් කොස්ලන්ද. Show all posts

Wednesday, April 15, 2015

සමනල් තටු විසිරී ඇත මිදුලේ

සමනල් තටු විසිරී ඇත මිදුලේ
කුහුඹු පේළි එකිනෙක ගෙනයයි
මිදුලෙන් පීදුන පාට පාට මල්
පෙති සුදුමැලි වීලා
පොළවේ වැතිරෙනවා

ලා දළු ගහ කොළ අද දැක්කේ නෑ
බැලු බැලු හැම අත සුදුමැලි වීලා
හැන්දෑවේ රුක්අත්තන මල මත
අඬන්නෙවත් නෑ අද බට්ටිච්චා

සමනල් තටු විසිරී ඇත මිදුලේ
කුහුඹු පේළි එකිනෙක ගෙනයයි
මිදුලෙන් පීදුන පාට පාට මල්
පෙති සුදුමැලි වීලා
පොළවේ වැතිරෙනවා

පුංචි කූඹයණි සමනල් තටු ගෙන
නිහඬව ඔයි ලෙස ගමනක් යන්නේ
දෙඇස් නාරිනා නින්දට වන් ඇගෙ
සීතල සිරුරට අතුරන්නටදෝ

සමනල් තටු විසිරී ඇත මිදුලේ
කුහුඹු පේළි එකිනෙක ගෙනයයි
මිදුලෙන් පීදුන පාට පාට මල්
පෙති සුදුමැලි වීලා
පොළවේ වැතිරෙනවා

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - තිලක් කොස්ලන්ද
තනුව - ස්ටැන්ලි පීරිස්