සමනල් තටු විසිරී ඇත මිදුලේ
කුහුඹු පේළි එකිනෙක ගෙනයයි
මිදුලෙන් පීදුන පාට පාට මල්
පෙති සුදුමැලි වීලා
පොළවේ වැතිරෙනවා
ලා දළු ගහ කොළ අද දැක්කේ නෑ
බැලු බැලු හැම අත සුදුමැලි වීලා
හැන්දෑවේ රුක්අත්තන මල මත
අඬන්නෙවත් නෑ අද බට්ටිච්චා
සමනල් තටු විසිරී ඇත මිදුලේ
කුහුඹු පේළි එකිනෙක ගෙනයයි
මිදුලෙන් පීදුන පාට පාට මල්
පෙති සුදුමැලි වීලා
පොළවේ වැතිරෙනවා
පුංචි කූඹයණි සමනල් තටු ගෙන
නිහඬව ඔයි ලෙස ගමනක් යන්නේ
දෙඇස් නාරිනා නින්දට වන් ඇගෙ
සීතල සිරුරට අතුරන්නටදෝ
සමනල් තටු විසිරී ඇත මිදුලේ
කුහුඹු පේළි එකිනෙක ගෙනයයි
මිදුලෙන් පීදුන පාට පාට මල්
පෙති සුදුමැලි වීලා
පොළවේ වැතිරෙනවා
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - තිලක් කොස්ලන්ද
තනුව - ස්ටැන්ලි පීරිස්
No comments:
Post a Comment