කඳුළකදෝ සැඟවී උන්නේ
නෙතු කඳුළැල් නැහැ එය දන්නේ
ඔබ සිටිනා බව දැණුනා නම්
මා නැත කඳුළැලි වගුරන්නේ
බොළඳ වියෙන් මා සමුගෙන පෙරදා
යොවුන් ලොවට ගිය දා
ළංවී ආ මඟ අද මගහැරිලා
කඳුළැලි එයි සිහිවී
කඳුළැලි එයි සිහිවී
කඳුළකදෝ සැඟවී උන්නේ
නෙතු කඳුළැල් නැහැ එය දන්නේ
ඔබ සිටිනා බව දැණුනා නම්
මා නැත කඳුළැලි වගුරන්නේ
වියෝ දුකට කඳුළක් එක් වූයේ
ඇයිද කියා නැහැඟේ
කඳුළින් සමුගෙන ඔබ වෙත එන දා
අද හෝ හෙට වේවී
අද හෝ හෙට වේවී
කඳුළකදෝ සැඟවී උන්නේ
නෙතු කඳුළැල් නැහැ එය දන්නේ
ඔබ සිටිනා බව දැණුනා නම්
මා නැත කඳුළැලි වගුරන්නේ
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - ඩොනල්ඩ් අයිවන්
තනුව - ස්ටැන්ලි පීරිස්
No comments:
Post a Comment