අහිතක් නොසිතමි කිසි දින ඔබ ගැන
මා හැර ගියා කියා
සිත වෙනතක නම් සිරකර කුමටද
තව ඔබ මගේ කියා ..//
බාල වියේ සිට බැඳුණු සෙනෙහසින්
මෙතෙක් කලක් අප ගෙවා නොසිතු ලෙස
අන් සිගකට කෙලෙසද ඔබ බැඳුණේ
අදහාගන්නට නොහැක ලඳේ
අහිතක් නොසිතමි කිසි දින ඔබ ගැන
මා හැර ගියා කියා
සිත වෙනතක නම් සිරකර කුමටද
තව ඔබ මගේ කියා
දෑත අපේ බැඳ එකම රන් හුයෙන්
එක වහළක් යට එක්වූ දිනයක
හැර යන්නට පෙර ඒ ලොව බිඳදා
වෙන්වීමත් සැණසුමකි මෙසේ
අහිතක් නොසිතමි කිසි දින ඔබ ගැන
මා හැර ගියා කියා
සිත වෙනතක නම් සිරකර කුමටද
තව ඔබ මගේ කියා ..//
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
No comments:
Post a Comment