Wednesday, April 15, 2015

සතුරුකමට නොසිටියෙමුත් කිසිදා

සතුරුකමට නොසිටියෙමුත් කිසිදා
ලොවම දිනන මඟ කීවද පහදා
නිහැඬියාව ඔබ ඉන්න එපා
ඇය අමතනතුරු පේනා තෙක් මානේ

තරු මල් පොපිරිල්ලෙන් මා ඇසුවා
මොනවද හෙට ඈ ළඟ මුමුණන්නේ
නිහැඬියාව ඔබ ඝණ අඳුරක් වී
අහසට නිසංසලේ

සතුරුකමට නොසිටියෙමුත් කිසිදා
ලොවම දිනන මඟ කීවද පහදා
නිහැඬියාව ඔබ ඉන්න එපා
ඇය අමතනතුරු පේනා තෙක් මානේ

සඳ ඇළි කඳුරැල්ලෙන් මා ඇසුවා
මොනවද ඈ වෙත ගෙනයන තිළිණේ
නිහැඬියාව ඔබ තණ නිල්ලක්වී
අහසට නිසංසලේ

සතුරුකමට නොසිටියෙමුත් කිසිදා
ලොවම දිනන මඟ කීවද පහදා
නිහැඬියාව ඔබ ඉන්න එපා
ඇය අමතනතුරු පේනා තෙක් මානේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව - සරත් දසනායක

No comments: