Wednesday, April 15, 2015

නදී තෙරේ සුදු වැල්ලේ

නදී තෙරේ සුදු වැල්ලේ
ඇගෙ අත ගෙන සැනසිල්ලේ
පිය මැන ගිය අතීතයක රසකැන් බොඳවී
රසකැන් බොඳවී

තුරු පෙළ මල් පියළි වරා
තුරු යට පත් පරණ වෙලා
ගල්පර මත පාසි බැඳී සොඳුරු බව සිඳී //

නදී තෙරේ සුදු වැල්ලේ
ඇගෙ අත ගෙන සැනසිල්ලේ
පිය මැන ගිය අතීතයක රසකැන් බොඳවී
රසකැන් බොඳවී

කිචි බිචි ගී කුරුලු නාද
රැහැයි හඬින් නිහඬ වෙලා
ඔබ සමුගත් නදී තෙරයි සිතයි යා වෙලා //

නදී තෙරේ සුදු වැල්ලේ
ඇගෙ අත ගෙන සැනසිල්ලේ
පිය මැන ගිය අතීතයක රසකැන් බොඳවී
රසකැන් බොඳවී

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - පී.ජී. ප්‍රනාන්දු
තනුව - සරත් දසනායක

No comments: