Showing posts with label ජයන්ත රත්නායක. Show all posts
Showing posts with label ජයන්ත රත්නායක. Show all posts

Saturday, May 23, 2015

දූවිල්ලේ පිපුණයි

දූවිල්ලේ පිපුණයි
දූවිලි රොන් සුවඳයි
වීදි පුරා පොකුරු ගැහෙන නම නොදන්න මල්
අපට කොහිද පූජාසන වසන්ත සල්පිල් ...//

රෑ හිරිකඩ ඇවිදින්
පැන් ඉස ඉස යනවා
දාවල ඉර ඇවිදින්
නෙතු පිය ඇහැරනවා ...//
අපි වගේ මල් තමයි
සුවඳට පෙම් බඳිනා

දූවිල්ලේ පිපුණයි
දූවිලි රොන් සුවඳයි
වීදි පුරා පොකුරු ගැහෙන නම නොදන්න මල්
අපට කොහිද පූජාසන වසන්ත සල්පිල්

රන් මිරිවැඩි දෙපසට
පෑගී හිත රිදෙනා
අත පා ඉල්ලන විට
බමරුන් ඔරවනවා ..//
අපි වගේ මල් තමයි
කවදා හරි පිපෙනා

දූවිල්ලේ පිපුණයි
දූවිලි රොන් සුවඳයි
වීදි පුරා පොකුරු ගැහෙන නම නොදන්න මල්
අපට කොහිද පූජාසන වසන්ත සල්පිල්

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය - ජයන්ත රත්නායක

Friday, March 6, 2015

බුදුන් දකිනවා සත්තයි

සාධු ! සාධු ! සාධු !

සැදැහැ සිතින්
සාධු හඬින්
පින් දෑතින්
අම්බස්තල මහමළුවම
සරසමු අපි නෙළුම් මලින්
ඒ මළුවේ සැරසූ මල් අපි දැකලා

බුදුන් දකිනවා සත්තයි
නිවන් දකිනවා සත්තයි ....//

සුදු රතු වියනින් බැඳි පෙති එකට බැඳී
සෑ මළුවම මලක් වෙලා
ඒ දිලිසෙන මල දැකලා
සාධු කියන අපි දකින්නෙ
සඳ හිරු තාරකා නොවේ
බුදු රැස්මයි බුදු රැස්මයි

නෙලා ගෙනා ඈත දියේ පිපෙනා මල්
හැම මලක්ම පුබුදන්නේ වෙහෙර මළුව සරසන්නයි
ඒ මළුවේ සරසන මල් අපි දැකලා

බුදුන් දකිනවා සත්තයි
නිවන් දකිනවා සත්තයි ....//

මිහිතලයේ පින් කාලෙට පිපෙනා පින් මල්
පුදලා අපි මේ වෙහෙරට
සිතින් සිත පුබුදුවමින්
දැහැමි ලොවක් ගොඩනගන්න
තුන් රුවනම නමදිමු අපි
සිත් පුරවමු මෙත් ගුණයෙන්

සැදැහැ සිතින්
සාධු හඬින්
පින් දෑතින්
අම්බස්තල මහමළුවම
සරසමු අපි නෙළුම් මලින්
ඒ මළුවේ සැරසූ මල් අපි දැකලා

බුදුන් දකිනවා සත්තයි
නිවන් දකිනවා සත්තයි ....////

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ඉන්දික  ප්‍රදීප්
තනුව - ජයන්ත රත්නායක
Anyone who has the link can play this song in your "Smart Phone"

Sunday, December 1, 2013

ඇත් රජුනි ඔබ එන්න


ඇත් රජුනි ඔබ එන්න
සද්දන්ත පෙම රැගෙන
අනුරාගයට ප්‍රථම
ඔබ දෙපා නමදින්න
අනේ මට ඉඩ දෙන්න

සඳ රැජිණ ඔබ ඉන්න
මල් විලෙක පියා නෙත
ස්වයංවරයට ප්‍රථම
මගේ සඳ දැක ගන්න
ප්‍රියේ මට ඉඩ දෙන්න

අකලංක මලින් පිරි
සඳ යහන මත වැතිර
නිරිඳුනේ මම ඉඳිමි
ඔබ නෙතින් ඉඳුල් වෙමි
මම ඔබේ රැජින වෙමි

පුර පසින් සඳ නැගී
අවපසින් බසින තුරු
රැජිණියේ මම ඉඳිමි
ඔබ දෙසම බලා ඉමි
මම ඔබේ රජුන් වෙමි

සියපතක් ලෙස සිතා
ඔබ දෙපා සිප ගනිමි
මගේ දෙවිඳුන් ඔබයි
දේව දාසියක් වෙමි
ප්‍රේමයේ වන්දනා

රන් රුවන් කරඬුවක්
ලෙසින් ඔබ රැක ගනිමි
හදේ ලේ බිඳු රැගෙන
ලයේ පෙම් කව ලියමි
පාද පරිචාරිකා

ඇත් රජුනි ඔබ එන්න
සද්දන්ත පෙම රැගෙන
අනුරාගයට ප්‍රථම
ඔබ දෙපා නමදින්න
අනේ මට ඉඩ දෙන්න

සඳ රැජිණ ඔබ ඉන්න
මල් විලෙක පියා නෙත
ස්වයංවරයට ප්‍රථම
මගේ සඳ දැක ගන්න
ප්‍රියේ මට ඉඩ දෙන්න

ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක සමග උරේෂා රවිහාරි
පද රචනය: සුජීව ප්‍රසන්නආරච්චි
තනුව: ජයන්ත රත්නායක