Showing posts with label එඩ්වඩ් ජයකොඩි. Show all posts
Showing posts with label එඩ්වඩ් ජයකොඩි. Show all posts

Thursday, June 25, 2020

එකමත් එක රටක ඔන්න

කමත් එක රටක ඔන්න ඉස්සර කාලේ
මස් කන්නට බොහොම කැමති බල්ලෙක් හිටියා

එක දවසක් මේ බල්ලා මස් කඩයක් ළඟින් යද්දි
මසුත් සමග මස් කටුවක් අහුලා ගත්තා

මස් කටුවත් කටින් අරං සන්තෝසෙන් උඩ පැන පැන
ගෙදර ගිහිං කන්න හිතා දුවන්න ගත්තා

බල්ල ගෙදර යන පාරේ දියපාරෙන් එගොඩ වෙන්න
දමා තිබුණ ඒදණ්ඩෙන් යන්නට තිබුණා

ඒදණ්ඩෙන් යන අතරෙදි නිකමට මෙන් බිම බැලුවම
මස් කටුවක් කටින් ගත්ත බල්ලෙකු පෙනුණා

ඒ බල්ලා බය ගන්වා ඒ මස් කටුව ද ගන්නට
හිතා ගත්තු මේ බල්ලා බුඃ බුඃ ගෑවා

කටේ තිබුණ මස් කටුවද ජබොස් ගාලා දියට වැටුණි
දියේ පෙනුණෙ සෙවණැල්ලයි බල්ල රැවටුණා

තමන්ට තිබියදිත් එකක් අනුන්ගෙ ඒවා ගන්නට
ගියොත් කාට වුවත් වන්නෙ
ඔන්න ඔය ටිකයි

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - ලංකා චන්ද්‍ර ආරියරත්න
තනුව - ආනන්ද ජයසිංහ

Tuesday, March 19, 2019

රට රට රාජ්ජේ

රට රට රාජ්ජේ දීපංකරේහී
රෑට අනේ හිත දනවා
නැවු නැඟ ආවෙමි ඉහිලුම් නොදී මට
නුඹ ආලෙන් සිහිවෙනවා

අපට මේ හැටි මොකද ලෙන්ගතු
ඒකද ගම ආවේ
නැතුවද ඒ රට ලන්දූ සිනාවෙන්
ආල වදන් කීවේ

මද්දහනේ සිට ගිණි කාස්ටකේ නොවැ
ආදර හීතල නෑ ඒ රටේ
ඒ දුක් තැවුල් මං කාට කියන්නද
දින ගැණ ගැණ මං උන්නා ඔහේ

කීවොත් ඔයා පවු සිද්ධවේ අපි කොහේද සිහිවෙන්නේ
සාජ්ජ දාගෙන උන්නු හැටි එහෙ කාටද හංගන්නේ

රට රට රාජ්ජේ දීපංකරේහී
රෑට අනේ හිත දනවා
නැවු නැඟ ආවෙමි ඉහිලුම් නොදී මට
නුඹ ආලෙන් සිහිවෙනවා

අපට මේ හැටි මොකද ලෙන්ගතු
ඒකද ගම ආවේ
නැතුවද ඒ රට ලන්දූ සිනාවෙන්
ආල වදන් කීවේ

කාසි පනම් හෙම හරි හම්බ කරගෙන
රත්තරනේ ආවෙ නුඹ හින්ද නේ
පෑල දොරින් යන හද ආලෙ නෑ අපෙ
හිත උහුලාගෙන අපි උන්න නේ

ගම්මැද්දෙ කී ඔය කයි කතන්දර නෑ ඔයා දන්නේ
මා දමා රට රාජ්ජෙහී තව ආයේ නෑ යන්නේ

රට රට රාජ්ජේ දීපංකරේහී
රෑට අනේ හිත දනවා
නැවු නැඟ ආවෙමි ඉහිලුම් නොදී මට
නුඹ ආලෙන් සිහිවෙනවා

අපට මේ හැටි මොකද ලෙන්ගතු
ඒකද ගම ආවේ
නැතුවද ඒ රට ලන්දූ සිනාවෙන්
ආල වදන් කීවේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ මාලිනී බුලත්සිංහල
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ඔස්ටින් මුණසිංහ

Saturday, January 26, 2019

චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු

චක් ගුඩු ගුඩු
(චක් ගුඩු ගුඩු)

චක් ගුඩු ගුඩු
(චක් ගුඩු ගුඩු)
චක් ගුඩු ගුඩු
(චක් ගුඩු ගුඩු)

චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු ගුඩේ කියල
ගුඩු පනින්න එමුයි කියල

(කොල්ලො කොල්ලො එකට ඉඳල)
දෙන්න දෙන්න දෙකට බෙදිල ...//

උච්චි උච්චි
(තෝල් තෝල්) ...//

ඉර ද?
හඳ ද?
(ඉර ...)

යාළු යාළු දෙකට බෙදිල සටනට සැරසෙයි
නායකයා පොඩි එකාම සටනට පොළඹයි
බඳ හොළවයි
දණ නටවයි
ඉර පැන දඟලයි
ඔහු වැටුණොත් බැට දෙන්නට මුළ පිල පොරකයි

චක් ගුඩු ගුඩු
(චක් ගුඩු ගුඩු)

චක් ගුඩු ගුඩු
(චක් ගුඩු ගුඩු)

චක් ගුඩු ගුඩු
(චක් ගුඩු ගුඩු)

චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු ගුඩේ කියල
ගුඩු පනින්න එමුයි කියල

(කොල්ලො කොල්ලො එකට ඉඳල)
දෙන්න දෙන්න දෙකට බෙදිල ...//

උච්චි උච්චි
(තෝල් තෝල්) ...//

අව්ව ද?
වැස්ස ද?
(වැස්ස...)

ඇල්ලු ඇලුලු අය දැවේවි පිල පැන ආවොත්
තල්ලු කරති පිලෙන් යන්න ඔහු ගුටි කෑවොත්
ඇහැ කරකයි
බිම පොරකයි

සටනට ආවොත්
ඔහේ අදිමු උන් දෙන ගුඩු අපි හැමදාමත්

චක් ගුඩු ගුඩු
(චක් ගුඩු ගුඩු)

චක් ගුඩු ගුඩු
(චක් ගුඩු ගුඩු)
චක් ගුඩු ගුඩු
(චක් ගුඩු ගුඩු)

චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු ගුඩේ කියල
ගුඩු පනින්න එමුයි කියල

(කොල්ලො කොල්ලො එකට ඉඳල)
දෙන්න දෙන්න දෙකට බෙදිල ...//

උච්චි උච්චි
(තෝල් තෝල්) ...//

අහස ද?
පොළව ද?
(අහස...)

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - අමරසේන කංකානම්ගේ
තනුව - එඩ්වඩ් ජයකොඩි

පින්තූරය අන්තර්ජාලයෙනි.

Thursday, January 26, 2017

යට ගිය දවස


ආ.. ආ...  අඅආ......
ආ ආ ආ...... ආ... ආආආ....

යට ගිය දවස
දඹදිව සැවැත් නුවර දෙව්රම් වෙහෙර
අප බුදු හිමි සඳ වැඩ සිටිනා සඳ (ම්...ම්....)
යට ගිය දවස
(ආ ආ ආ... ...)
(ආ අඅ ආ....)

පිඬු සිඟා යන හිමි නමක් මඟ
දුසිරෙන් අග පත් යුවතියක බැඳ
පෙම් බැඳ ඇයට කෙලෙසුන් වසඟව
සසුනෙහි උකටලිව
යට ගිය දවස

බුදුන් වහන්සේ
උකටලි මහනුන් කැඳවා ගෙන දම් සභාවට
තමන් වහන්සේ පෙර අත් භවයක
කුස නම් රජ කුමරුව ඉපිද
පබාවතී නම් ලඳක නිසා
(ආ ආ ආ....  ආ... .... )

වින්ද නිරා දුක් දක්වන අටියෙන්
දෙසූහ මේ කුස ජාතකය

කාම ‍පාශයෙන් නෙත් අඳවී
බෝසතා (ම්.) දෝස දුක් වින්දෝ නම් (ම්.. ම්...)
දුගී දනන් ගැන කියනු කිම (ම්.. ම්...)
ජනයිනි එයවේ බුදු වදන

ගායනය - විශාරද එඩ්වඩ් ජයකොඩි (කාන්තා /පුරුෂ/සැවොම)
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය - රෝහණ වීරසිංහ

කුස පබා හා දැවටී ආ පහන් ගී රාවයකි.

Tuesday, October 4, 2016

බෝසත් ගුණ රැසින්

බෝසත් ගුණ රැසින් යුත් මගෙ පියබන්ද
මා වෙත් ඔබ එවූ පත රැස් විරි ඉන්ද

ඒ සිත් මහද සර රැඳි සිරි පිරි කුන්ද
පෑ පත් කළේ හමුවට තත් එක බන්ද

මනහර නුඹෙ පවර සිරි පිරි වත තඹර
බොහො වරෙකින් නුදුටුයෙන් මා නෙත් බමර

කරදර කර හඬන විට නළවන අයුර
නොවිසිර මට වහා දන්වන්නේ විතර

පෝසත් නෙක සතර පිරි නැණ ගුණ කන්ද
බෝසත් කිවි බසින් තොස කළ මැති සන්ද

ඒ සිත් මවෙත එව් පත බස් බැඳි නන්ද
මා සිත් අරම තුල විය දිවි එක බන්ද

ඔබ දැන්වූ විලස මා වෙත දිනෙක පෙර
එන මෙන් සිත සිතා පසුවෙමි දැන් නිතර

නැතියෙන් අවසරක් දැඩි බැවිනි කරදර
සතුටින් දැනුම් දෙමි යළි ඉඩ ලැබුණු වර

එහෙනම් ටික දිනක් යන්නට පෙර යෙහෙළ
අවුදින් එහි යතොත් ඉන් සිදුවන සපල

මුවකින් මට කියා ලිය නොහැකිය මෙ කල
අම වන් එ බස් සිහිකර වැඩ කළොත් දුල

එන සෙනසුරු දිනෙහි ඇළපාතට පවර
එන මෙන මහද පවතී අදහසක් තිර

පිනවන සොබන මැති සඳ සිටියොත් මැදුර
මන මෙන සතුටු වනු හැකි හැම කුකුස් හැර

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ නන්දා මාලිනී
පද - දයානන්ද ගුණවර්ධන
සංගීතය - රෝහණ බැද්දගේ

ගජමන් පුවත නාට්‍යෙයෙන්.

අන්න බලන් සඳ

අන්න බලන් සඳ රන් තැටියෙන්
සුදු සීත ගඟුල් ගලනා
හද සෝක තැවුල් නිවනා ...//

චන්දන පල්ලව කෝකිල කූජන සංගීතයේ පැටලී //
සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ //
ආදර බස් කියනා
හඬ දේවිනි කන් පිනනා

අත් පසුරෙන් තුරු පෙම්බරයන්
බඳ බන්දා සෙනේ සිතිනි
ලිය වැල් පැටලී ගොසිනී ....//

පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ මාරුතයේ හැපිලා //
මන්මද රංගන මණ්ඩපයේ මෙම //
මන්ද බලා හිඳිනේ
තව පෙම්බර මා සාමිනේ

අන්න බලන් සඳ රන් තැටියෙන්
සුදු සීත ගඟුල් ගලනා
හද සෝක තැවුල් නිවනා ...//

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ සන්ධ්‍යා දීපානි
පද - මහගම සේකර
තනුව - සෝමදාස ඇල්විටිගල
කුණ්ඩලකේශී නාට්‍යයේ ගීයකි.

මෙහි මුල් ගායනය - බෙන් සිරිමාන්න හා ට්‍රිලීශියා ගුණවර්ධන ගෙනි.

යකඩ දැවී ගිය තැන

කඩ දැවී ගිය තැන ගිනි නිවුන පසූ
පුළුන් තිබේ යැයි කියලා රටක මින් පසු
කුමක් කරම්දැයි සිතනා ..
කුමක් කරම්දැයි සිතනා දනෝ දුක් මුසු
කතා තියති වැලි පාරට ..
බොරලු ගල් වැසූ

දුකින් දොවා ගත් කිරි කළ කිරට හඬනවා
ඒ මත ගොම පිඩක් හෙළා අප හිනැහෙනවා
කිරි කළේම අහක ගියා ...
කිරි කළේම අහක ගියා ගම දුක් වෙනවා
ගමේ පුංචි ළමයි අනේ ..
ඇල් දිය බොනවා

පින් මඳ නෑ සියළු පුත්තු පින්කර ඇත්තෝ
වාසනාව උදුරාගෙන රට ගිය ඇත්තෝ
වරද කාට හරි පවරා ...
වරද කාට හරි පවරා උඩ යන ඇත්තෝ
කරපු විනේ මදි නෑ අපෙ ..
ලොකු ලොකු ඇත්තෝ
කරපු විනේ මදි නෑ අපෙ ..
ලොකු ලොකු ඇත්තෝ

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - රෝහණ වීරසිංහ

යුග යුග රංජිත

යුග යුග රංජිත න‍ර‍ විරුවන්
යුද වැද වන්දිත රජ දරුවන්
කළ හද නන්දිත දුක දුරුවන්
නැත වෙන සම්පත නිදහස වන් ..//

දැමුවත් රුපුනොද තෙද කඳ සිඳ බිඳ
නැඟුවත් ජය නද ජය දද බැඳ බැඳ
ගිනි ගත් අවි හැම අත එසවෙන සඳ
නිදහස් සුවයක සුව නොම වැටහෙද

යුග යුග රංජිත න‍ර‍ විරුවන්
යුද වැද වන්දිත රජ දරුවන්
කළ හද නන්දිත දුක දුරුවන්
නැත වෙන සම්පත නිදහස වන්

උඩිනුත් ගෙන සැරුවත් විලිකුන් ඵල
නොයෙකුත් පැහැ ගත් නන් සියොතුන් කැළ
තිබුණත් මුළු ලොව වෙත අම මල් ඵල
නිදහස් රැස කිසි දින නොතැවෙයි බල

යුග යුග රංජිත න‍ර‍ විරුවන්
යුද වැද වන්දිත රජ දරුවන්
කළ හද නන්දිත දුක දුරුවන්
නැත වෙන සම්පත නිදහස වන් ...//

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - යමුනා මාලිනී පෙරේරා
තනුව - රංජිත් බාලසූරිය

Monday, October 3, 2016

පලුපල මල්

ලුපල මල් සපිරී
නෙතුරු ඇසුරු බමරු රැසා එයි ...//

මීරි මීරි නාදෙ තොසා වෙයි
කිර කිර නාදෙ එසේමැයි ...////

පලුපල මල් සපිරී
නෙතුරු ඇසුරු බමරු රැසා එයි

උයන මෙ අරණ සැරී
සපිරි රුසිරි කුමරි සිරීයෙයි ...//

නිලුපුල් අක්ෂි සිරි දෙයි
මාලා මුතු බෙල්ලේ දිළිසෙයි ...////

පලුපල මල් සපිරී
නෙතුරු ඇසුරු බමරු රැසා එයි ...//

ගා‍ය‍න‍ය‍ - එ‍ඩ්‍ව‍ඩ්‍ ජ‍ය‍කො‍ඩි‍
පද - සී. දොන් බැස්ටියන්

සී. දොන් බස්තියන් ජයවීර බණ්ඩාරයන් ගේ රොම්ලින් හෙවත් දිව්යර කුසුම නාට්‍ය‍ය‍යේ එන ගීයකි. මේ එම ගීය පසු කලෙක එඩ්වඩ් ගැයූ අයුරුයි.

Friday, September 30, 2016

තටු ගසා ඉගිල්ලෙන්නට

ටු ගසා ඉගිල්ලෙන්නට
අලුත් පියපත් වරම් ලැබුණා
අලුත් පියපත් වරම් ලැබුණා
අහස් මාළිග සොයා ඉතින් යමු
සිනිඳු නාඹර කිරිල්ලියනේ
සිනිඳු නාඹර කිරිල්ලියනේ

තොල් පොපියනවා
සිනාසෙන්නට
නෙත් නැටවෙනවා
ඉඟි කරන්නට
සිව් සිය ගව් උස මංගල මණ්ඩපයේ
සිව් සිය ගව් උස මංගල මණ්ඩපයේ

සිව් දෙසින් ආ කුමර වළල්ලේ
රුවින් උතුම් කුමරී
ස්වයංවරය වෙත පිය නඟනා
ස්වයංවරය වෙත පිය නඟනා

උනුන් හඹා
තරඟ වදිනා
දිනූ තැනැත්තෝ
ඔටුණු දරණා
ඒ දිස්නෙන් ඇස් නිලංකාරවූ දා
ඒ දිස්නෙන් ඇස් නිලංකාරවූ දා
මං මුලාවැල් පෑගුණු වැන්නේ
රුවින් උතුම් කුමරී
දොර නාරින් නුඹ අමල්බිසෝ
දොර නාරින් නුඹ අමල්බිසෝ

තටු ගසා ඉගිල්ලෙන්නට
අලුත් පියපත් වරම් ලැබුණා
අලුත් පියපත් වරම් ලැබුණා
අහස් මාළිග සොයා ඉතින් යමු
සිනිඳු නාඹර කිරිල්ලියනේ
සිනිඳු නාඹර කිරිල්ලියනේ

සිනිඳු නාඹර කිරිල්ලියනේ
සිනිඳු නාඹර කිරිල්ලියනේ ..////..

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ දමයන්ති ජයසූරිය
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය - ආනන්ද පෙරේරා
ගැහැණු ළමයි ටෙලි වෘතාන්තයෙනි.

හිරි පොද ඉවසන

හිරි පොද ඉවසන මලක් වගේ
තෙමි තෙමි යන්නේ පාර දිගේ
වහින්නෙ මල් වැහි දෝ

මල් වගෙ ඉන්නට පින් නැති දා
වැස්සට පින්නට හුරු වෙනවා
අහන්නෙ හොඳ නැතිදෝ

අහසෙ මාලිගා තනන්නෙපා
ඉහ මත දී කිරි මුට්ටිය බිමට පනී
ඉහ මත ඉර හඳ තියෙන තුරා
ඉහිරුණු කිරකට හඬමුද කුමට අපී

හිරි පොද ඉවසන මලක් වගේ
තෙමි තෙමි යන්නේ පාර දිගේ
වහින්නෙ මල් වැහි දෝ

මල් වගෙ ඉන්නට පින් නැති දා
වැස්සට පින්නට හුරු වෙනවා
අහන්නෙ හොඳ නැතිදෝ

වැල යන අතකට මැහි බැඳලා
එන කල දවසට ඉඩදී බලනු වටී
දෑස පෙනේ යන පාර තියේ
බැද්දට තැබු පය පස්සට ගනිමු අපී

හිරි පොද ඉවසන මලක් වගේ
තෙමි තෙමි යන්නේ පාර දිගේ
වහින්නෙ මල් වැහි දෝ

මල් වගෙ ඉන්නට පින් නැති දා
වැස්සට පින්නට හුරු වෙනවා
අහන්නෙ හොඳ නැතිදෝ

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ මැණික් ජයසේකර
පද - ලූෂන් බුලත්සිංහල
තනුව - තිස්සසිරි පෙරේරා

සුදු මල වගේ

සුදු මල වගේ පොඩි කැකුළියේ
තොල් පෙති විදා මුදු පෙති වගේ
මල්වර වියේ හිනැහෙන රඟේ
හා පැංචියේ කඳුළුත් තියේ

සුදු මල වගේ පොඩි කැකුළියේ

මග වස නපුරු සල්ලාල සිත්
තොල් පෙති අගදි රස ගී ගයත් ..//
පොඩි නැගණියේ විමසිලි ඇසින්
ලොව නෙත් යොමා දැනුවත් වෙයන්

සුදු මල වගේ පොඩි කැකුළියේ

ගෙයි ඇතුළෙ මගතොට සර්පයින්
නෙක බමරු වෙස් විෂ මුරුගයින් ..//
මව්පියන් වැනි සත් පුරුෂයින්
දැන ඔවුන් ළඟ නොතැලී හිඳින්

සුදු මල වගේ පොඩි කැකුළියේ

මඟ හරිම කටුකයි දියණියේ
ගල් බොරළු මුදු පා රිදවතේ ...//
ගිය හොතින් මඟ සිහි බුද්ධියෙන්
නුඹෙ පයට විල්ලුද හමුවෙතේ

සුදු මල වගේ පොඩි කැකුළියේ
තොල් පෙති විදා මුදු පෙති වගේ
මල්වර වියේ හිනැහෙන රඟේ
හා පැංචියේ කඳුළුත් තියේ
සුදු මල වගේ පොඩි කැකුළියේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී
පද - ප්‍රීති රන්දෙණිය
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

සාදු කියන්නට

සාදු කියන්නට මල් වට්ටියකට
තෙල් මල් අරගෙන පෙර කාලේ
ආවා මිනිසුන් පෝයට පන්සක්
ගම රට යහපත් ඒ කාලේ
(ගම රට යහපත් ඒ කාලේ)

අසමින් බුදු බණ උන්නා බිම හිඳ
විඳිමින් බණ රස ඒ කාලේ
කියමින් බුදු ගුණ වැන්දා වෙහෙරට
නිවමින් හිත දුක සංසාරේ
(නිවමින් හිත දුක සංසාරේ)

එදා සාදු හඬ මෙදා නැතේ ගම
දියුණුව ඒකද අද කාලේ
මේවා දැක දැක
කම්පා වෙන්නට
උන්නා නොවැ අපි මේ කාලේ
(උන්නා නොවැ අපි මේ කාලේ)

මේවා දැක දැක
කම්පා වෙන්නට
උන්නා නොවැ අපි මේ කාලේ
(උන්නා නොවැ අපි මේ කාලේ) ...///.

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - එච්.එම්. ජයවර්ධන

සරසවි කඳුළු

රසවි කඳුළු පාය
ගුටි කෑ කරුණු බෝය
ඉකිබිඳ හැඬුවෙ රෑ ගනන්
රට ගැන හිතුව සොහොයුරන්
ඒකයි කඳුළු මේ තරම්

සටනට පෙරට ආව
සරසවි කඳුළු පෑන
හැදුවේ වීර දූ පුතුන්
සරසවි කඳුළු මාල
සොරකම් කරපු දාය
වෙළුණේ පපුව ගිනි වලින්
ඒකයි කඳුළු මේ තරම්

සරසවි කඳුළු පාය
ගුටි කෑ කරුණු බෝය
ඉකිබිඳ හැඬුවෙ රෑ ගනන්
රට ගැන හිතුව සොහොයුරන්
ඒකයි කඳුළු මේ තරම්

සරසවි කඳුළු යාය
ගම් බිම් පැතිර යාය
සටනට කඳුළු බත් බැඳන්
පරහිත තරුණයාය
පෙරමඟ කොඩිය දාය
රට තොට බඳිව් මහ තොරන්
රට තොට බඳිව් මහ තොරන්

සරසවි කඳුළු පාය
ගුටි කෑ කරුණු බෝය
ඉකිබිඳ හැඬුවෙ රෑ ගනන්
රට ගැන හිතුව සොහොයුරන්
ඒකයි කඳුළු මේ තරම්

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ ගුණදාස කපුගේ
පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - ගුණදාස කපුගේ

වැල් මී වැල් හිඹටු වීර

වැල් මී වැල් හිඹටු වීර වැව් ඉවුරෙන් ඇස නොගැසේ
නුම කොතැනේ මා කොතැනේ ගම කොතැනේ කියනු මැනේ ...//

ගඟේ ඉහළ රිදී දියේ නුඹගේ බඳ තෙමී තෙමී
හැමූ සුවඳ ගඟේ පහළ ඇලේ දොළේ ඉස්මතුවී
රටින් පුයර නොගෑ මුවේ
සඳුන් කැටේ පිරිමැදුනේ
ඒ රස යුවතියම නොවෙද
රට හැරදා නොරට ගියේ

වැල් මී වැල් හිඹටු වීර වැව් ඉවුරෙන් ඇස නොගැසේ
නුම කොතැනේ මා කොතැනේ ගම කොතැනේ කියනු මැනේ

පැල් කවියේ රස තවමත් බුලතේ රස සමග නො ඒ
පන්සල් බිම ගඳකිළියේ ඒ නාමල් සුවඳ නොදේ
උළු කියලා හදා මොටද අපෙ පොල් අතු ඉස්කෝලේ
ගමේ සුවඳ ගමට හොරෙන්
ඇයි දුරු රට අරන් ගියේ

ගමේ සුවඳ ගමට හොරෙන්
ඇයි දුරු රට අරන් ගියේ ...///.

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය - සෝමපාල රත්නායක

රන් දියඹයි

රන් දියඹයි
ඈත නිල් අහසයි
මෑත සයුර බලා
සුසුම් හෙළන්නී ...//

ජීවිතේ සදා නිවහනක් නැතේ
සිතුම් පැතුම් අනන්ත සාගරේ මැදින් ගලා යතේ

ඈත එපිට පාවෙනා ලොවක් බලා //

රන් දියඹයි
ඈත නිල් අහසයි
මෑත සයුර බලා
සුසුම් හෙළන්නී ...//

ජීවිතේ සදා නිවහනක් නැතේ
සිතුම් පැතුම් අනන්ත සාගරේ මැදින් ගලා යතේ

තෝර පැටව් සුරා පරව් රාසි ගණන් ගොඩ
වාරකන් ඇතත් මෙහෙමයි අපේ අරුම වැඩ
කාසි පනම් වාසි දාට චීත්ත මල් වැඩ
තෝඩු මාල වළලු දාලා ළඳේ නුඹගෙ හැඩ

රන් දියඹයි
ඈත නිල් අහසයි
මෑත සයුර බලා
සුසුම් හෙළන්නී ...//

ජීවිතේ සදා නිවහනක් නැතේ
සිතුම් පැතුම් අනන්ත සාගරේ මැදින් ගලා යතේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - සී. ද එස්. කුලතිලක
තනුව - සී. ද එස්. කුලතිලක

යළි උදාවූ වසන්තේ ලෙසින්

යළි උදාවූ වසන්තේ ලෙසින්
එන්න ළංවී සදා ආදරෙන්
කඳුළු බිඳුවක් වගේ නෙත් අගින්
ඇයි ද සමුගන්නෙ මේ ජීවිතෙන්
එන්න ළංවී සදා ආදරෙන්

විරහිනියක සේ හිත ඉල්ලූ දා
ඔබ හට මතක නැතී
සැමටම පිටුපා සිත දන් දුන් මා
ඔබගේ හිතට මදී
ජීවත් වෙනවා නම් මා වෙනුවෙන්

එන්න ළංවී සදා ආදරෙන්
යළි උදාවූ වසන්තේ ලෙසින්
එන්න ළංවී සදා ආදරෙන්

නන්නාඳුනනා කිසිවෙකු වෙනුවෙන්
ඔබ සිත හඬණු නැතී
ඔබ හද සොහොනේ මිහිදන් කළ මා
දැන්නම් අගය නැතී
ජීවත් වෙනවා නම් මා වෙනුවෙන්

එන්න ළංවී සදා ආදරෙන්
යළි උදාවූ වසන්තේ ලෙසින්
කඳුළු බිඳුවක් වගේ නෙත් අගින්
ඇයි ද සමුගන්නෙ මේ ජීවිතෙන්
එන්න ළංවී සදා ආදරෙන්

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - ප්‍රියානන්ද විජේසුන්දර
තනුව - සරත් ද අල්විස්