Tuesday, October 4, 2016

යකඩ දැවී ගිය තැන

කඩ දැවී ගිය තැන ගිනි නිවුන පසූ
පුළුන් තිබේ යැයි කියලා රටක මින් පසු
කුමක් කරම්දැයි සිතනා ..
කුමක් කරම්දැයි සිතනා දනෝ දුක් මුසු
කතා තියති වැලි පාරට ..
බොරලු ගල් වැසූ

දුකින් දොවා ගත් කිරි කළ කිරට හඬනවා
ඒ මත ගොම පිඩක් හෙළා අප හිනැහෙනවා
කිරි කළේම අහක ගියා ...
කිරි කළේම අහක ගියා ගම දුක් වෙනවා
ගමේ පුංචි ළමයි අනේ ..
ඇල් දිය බොනවා

පින් මඳ නෑ සියළු පුත්තු පින්කර ඇත්තෝ
වාසනාව උදුරාගෙන රට ගිය ඇත්තෝ
වරද කාට හරි පවරා ...
වරද කාට හරි පවරා උඩ යන ඇත්තෝ
කරපු විනේ මදි නෑ අපෙ ..
ලොකු ලොකු ඇත්තෝ
කරපු විනේ මදි නෑ අපෙ ..
ලොකු ලොකු ඇත්තෝ

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - රෝහණ වීරසිංහ

No comments: