අන්න බලන් සඳ රන් තැටියෙන්
සුදු
සීත ගඟුල් ගලනා
හද
සෝක තැවුල් නිවනා ...//
චන්දන
පල්ලව කෝකිල කූජන සංගීතයේ පැටලී //
සුන්දර
මේ වන ගුල්ම යහන් ගැබ //
ආදර
බස් කියනා
හඬ
දේවිනි කන් පිනනා
අත්
පසුරෙන් තුරු පෙම්බරයන්
බඳ
බන්දා සෙනේ සිතිනි
ලිය
වැල් පැටලී ගොසිනී ....//
පුෂ්ප
පිපී මකරන්ද ගලා ඒ මාරුතයේ හැපිලා //
මන්මද
රංගන මණ්ඩපයේ මෙම //
මන්ද
බලා හිඳිනේ
තව
පෙම්බර මා සාමිනේ
අන්න
බලන් සඳ රන් තැටියෙන්
සුදු
සීත ගඟුල් ගලනා
හද
සෝක තැවුල් නිවනා ...//
ගායනය
- එඩ්වඩ් ජයකොඩි සහ සන්ධ්‍යා දීපානි
පද
- මහගම සේකර
තනුව
- සෝමදාස ඇල්විටිගල
කුණ්ඩලකේශී
නාට්‍යයේ ගීයකි.
මෙහි
මුල් ගායනය - බෙන් සිරිමාන්න හා ට්‍රිලීශියා ගුණවර්ධන ගෙනි.
No comments:
Post a Comment