Showing posts with label ශිරාජි රාජපක්ෂ. Show all posts
Showing posts with label ශිරාජි රාජපක්ෂ. Show all posts

Thursday, July 25, 2019

රෑ පැල් රැකලා

රෑ පැල් රැකලා
පැල් කවි කියලා
නිදි නැති දෙනෙත බරයි
වෙහෙස නිවන්නට තුරුලිය නළවා
එන මඳ පවන සුවයි

බොල් පිණි මත ළා හිරු රැස් වැටිලා මැණික් ලෙසින් දිලිසේ
මට බහ දුන් දා විලියෙන් ඇඹරුණ මැණිකෙගෙ නෙත් විලසේ
මෙදා සැරේ කුරහන් කිරි වැදිලා සුළඟේ ළෙල දෙනවා
කුඹුකෙන් නා ගෙන වරල විදා යන මැණිකෙව සිහිවෙනවා

ගොවිතැන් සාරයි ඒකෙන් නැහැ නොවැ අත මිට අඩුපාඩූ
පළඳන්නම් ගෙල මාල සවන් යුග ළෙලවමි රන් තෝඩූ
ගේ පොඩියෙත් වැඩපල අවසන් මුත් එළියක් එහි නෑනේ
මේ කන්නයෙදිම අස්වනු කැපුවම මැණිකෙත් එනවානේ

රෑ පැල් රැකලා
පැල් කවි කියලා
නිදි නැති දෙනෙත බරයි
වෙහෙසෙ නිවන්නට තුරුලිය නළවා
එන මඳ පවන සුවයි

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - ශිරාජි රාජපක්ෂ
තනුව - සී.ටී. ප්‍රනාන්දු