Showing posts with label අමරසෝම සමරක්කොඩි. Show all posts
Showing posts with label අමරසෝම සමරක්කොඩි. Show all posts

Saturday, March 2, 2019

හුරතලේට ගෙදර හිටිය පූසා

මගේ පූසා
මගේ පූසා

හුරතලේට ගෙදර හිටිය පූසා
උකුළු මුකුළු දාපු කැකුළු පූසා
මාත් එක්ක තරහද මගෙ පූසා
පූසා ගියොත් මට පාළුයි පූසා
අනෙ පූසී
පූසා ගියොත් මට පාළුයි පූසා

කළු උක් පැණි බේරි බේරි
රස මීකිරි ඉහිරි ඉහිරි
බිව්වෙ කවුද පූසා නේද පූසා
අයියෝ
බිව්වෙ කවුද පූසා නේද පූසා

හුරතලේට ගෙදර හිටිය පූසා
උකුළු මුකුළු දාපු කැකුළු පූසා
මාත් එක්ක තරහද මගෙ පූසා
පූසා ගියොත් මට පාළුයි පූසා
අනෙ යන්න එපා
පූසා ගියොත් මට පාළුයි පූසා

මෙලොවට දැලි ගාපු ගාපු
ලිප ළඟ අළු නාපු නාපු
පූසා මගේ කොහෙද යන්නෙ පූසා
ලස්සණ පූසී
පූසා මගේ කොහෙද යන්නෙ පූසා

හුරතලේට ගෙදර හිටිය පූසා
උකුළු මුකුළු දාපු කැකුළු පූසා
මාත් එක්ක තරහද මගෙ පූසා
පූසා ගියොත් මට පාළුයි පූසා
පූසී
පූසා ගියොත් මට පාළුයි පූසා

සීනි බනිස් කාපු කාපු
තනියට මගෙ ආපු ආපු
සේද කැටිය පූසා නේද පූසා
ලස්සණ පූසා
සේද කැටිය පූසා නේද පූසා

හුරතලේට ගෙදර හිටිය පූසා
උකුළු මුකුළු දාපු කැකුළු පූසා
මාත් එක්ක තරහද මගෙ පූසා
පූසා ගියොත් මට පාළුයි පූසා
අනෙ යන්න එපා
පූසා ගියොත් මට පාළුයි පූසා

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද - අමරසෝම සමරක්කොඩි
තනුව - ප්‍රේමසිරි කේමදාස *
1978 දී තිරගත වූ "සාරා" චිත්‍රපටියට ගැයුණු ගීයකි.

* මේ තනුවෙන්ම වූ ගීයක් (ගෙදර හිටිය රෝස කැකුළ) 1974 දී තිරගත වූ "ළසඳා" චිත්‍රපටියට ද ඇතුළත් විය.