Showing posts with label රොඩ්නි වර්ණකුල. Show all posts
Showing posts with label රොඩ්නි වර්ණකුල. Show all posts

Saturday, December 31, 2016

හඬන්නෙපා හඬන්නෙපා

හඬන්නෙපා හඬන්නෙපා
මගෙ රන් මැණිකෝ
මගෙ කළු මැණිකෝ ...//

ටිකිරි ටිකිරි කොමඩු කැකිරි
රන් පාටින් බබළන සඳ ...//
මුහුණ වසා කඳුළු ඉසී මගෙ රන් මැණිකෝ //

හඬන්නෙපා හඬන්නෙපා
මගෙ රන් මැණිකෝ
මගෙ කළු මැණිකෝ ...//

සෝඩි ටිකිරි දෙතන කැළුම්
රන් ගෝමර ළමැද ගඟේ ...//
සුසුම් සලා රඟනා සැටි මගෙ කෝමලියේ //

හඬන්නෙපා හඬන්නෙපා
මගෙ රන් මැණිකෝ
මගෙ කළු මැණිකෝ ...//

නාඬන් මගෙ මුතු කුමාරි
කුමරෙක් අද හෙටම ඒවි ...//
මංගල්ලේ හරි ගිහාම තෑගි එවාපන් ‍//
ඔහු එනතුරු උ‍ඹ තනියෙන් සිං‍දු කියාපන් //

හඬන්නෙපා හඬන්නෙපා
මගෙ රන් මැණිකෝ
මගෙ කළු මැණිකෝ ...////

ගායනය - රොඩ්නි වර්ණකුල සහ පිරිස
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව හා සංගීතය - විශාරද ගුණදාස කපුගේ

Friday, March 27, 2015

සෙංකඩගල දිලෙනා

සෙංකඩගල දිලෙනා
දෝතලු මල් එතනා
මේ ....
මේ මල් රේණු නැතුව කලියුගයට පිපුණා
කොහොමද, කොහොමද
කොහොමද නොවී හිනා

සෙංකඩගල දිලෙනා
දෝතලු මල් එතනා
මේ මල් රේණු නැතුව කලියුගයට පිපුණා
කොහොමද, කොහොමද
කොහොමද නොවී හිනා

පුරාම දොළොස් මහේ
මහ වාසල හිනා වුණා
නාමෙට සද්ද විද්ද වුණත් මගේ ඉල ඇදුනා

අදවත් හිනාවෙන්න
බැරි ඇයි පුංචි අපට
කියපන් කියපන් මට කියපන් එතනා

සෙංකඩගල දිලෙනා
දෝතලු මල් එතනා
මේ මල් රේණු නැතුව කලියුගයට පිපුණා
කොහොමද, කොහොමද
කොහොමද නොවී හිනා

මතකද නානතොටේ
එක දවසක් විහිළු කළා
බිත්තර අරන් එන්න හැමෝම දිය යටට ගියා

තවමත් එදා වගෙම
මේ කිකිළියන් අතර
කුකුළා කුකුළා මං විතරයි කුකුළා

සෙංකඩගල දිලෙනා
දෝතලු මල් එතනා
මේ මල් රේණු නැතුව කලියුගයට පිපුණා
කොහොමද, කොහොමද
කොහොමද නොවී හිනා ...//

ගායනය - රොඩ්නි වර්ණකුල
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - ආනන්ද පෙරේරා ප්‍රමුඛ සිහශක්ති

මෙම ගීය ජාතික රූපවාහිනිය නිෂ්පාදනය කළ 'මියුරුසර' සංගීත වැඩසටහනේ "වසන්තයේ ගී රූපවාහිනී විචිත්‍රාංගය" වෙනුවෙන් නිර්මානය වූවකි.