Showing posts with label ගීත් තරංග. Show all posts
Showing posts with label ගීත් තරංග. Show all posts

Saturday, September 14, 2019

දස මහ යෝධයෝ


ගින්දරයා ආවෝ
සිංහ පැටවු ටික කෝ
රංචු පිටන් එන සිව්රඟ සෙනගට
ස්කන්ද සුරිඳු පිහිටෝ


සිඳ මර බල යන පාරේ
පෙරහැර යමු මිතුරේ
දෙවනත් කෙරුමට සටන් බිමට පැන
කඩොලැතු පිටින් වරෝ


ආ..
දොංත ගතං ගත
ගදිත ගතං ගුද

අණබෙර හඬ ඇහුණෝ
ආ..
කඩුවට දුන්නට තෝමර හෙල්ලට

පණ පොවමුද මැණිකෝ

ජාතිය විපතින් ගලවන්නේ
පුත මේ නුඹගේ උරුමය නේ
දස මහ බලයක් නගමින්නේ

කුමරෙක් එනවා....

හැහ් හ හැහ්

කුමරෙක් එනවා ඌරුපැලැස්සේ
නන්දිමිත්‍ර කොහිදෝ
සූරනිමල කොහිදෝ
ගෝඨයිම්බරයි බරණ යෝදයයි
මහාසේන කොහිදෝ


සිඳ මර බල යන පාරේ
පෙරහැර යමු මිතුරේ
දෙවනත් කෙරුමට සටන් බිමට පැන
කඩොලැතු පිටින් වරෝ



ඇත්තු පරද්දන හයිය තියෙනවා
නන්දිමිත්‍ර ආවෝ
හුළං කපන් යන ගමන් බිමන් ඇති
සූරනිමල ආවෝ

ජාතිය විපතින් ගලවන්නේ
පුත මේ නුඹගේ උරුමය නේ
දස මහ බලයක් නගමින්නේ

කුමරෙක් එනවා....

කුමරෙක් එනවා ඌරුපැලැස්සේ
වේළුසුමන කොහෙදෝ
ඵුස්සදේව කොහෙදෝ
ථෙරපුත්තලා කච්චදේවලා
ලභියවසභ කොහෙදෝ


සිඳ මර බල යන පාරේ
පෙරහැර යමු මිතුරේ
දෙවනත් කෙරුමට සටන් බිමට පැන
කඩොලැතු පිටින් වරෝ


ලෝහ යකඩ පට විනිවිද විදිනා

ඵුස්සදේව ආවෝ
හෙණ ගෙඩි වේගෙන් අසු පිට නැගගෙන
වේළුසුමන ආවෝ

දහ දෙනාම එකා වාගේ
එක පිලකට බැඳෙමූ
දහ දෙනාම දහය ගාණේ
තව සීයක් හදමූ
සිය දෙනාම දහය ගාණේ
තව දාහක් හදමූ
එක් දහසක් සිව් සිය දහසක සේනාවක් හදමූ
බල සේනාවක් හදමූ
බල සේනාවක් හදමූ
බල සේනාවක් හදමූ
බල සේනා ....
හදමූ

ගායනය - රන්වල ළමා බලකාය
පද - ගීත් තරංග
නාද රටා - සහන් රන්වල



Dasa Maha Yodayo - Ranwala Balakaya