Showing posts with label ත්‍රී සිස්ටර්ස්. Show all posts
Showing posts with label ත්‍රී සිස්ටර්ස්. Show all posts

Sunday, December 9, 2018

ඔමරි ලතා



ඔමරි ලතා
කොමල කතා ...//

සම්පත සොම්නස දෙන්න ලබා //

මූණ බලාපන්
අඟර බලාපන් ...//
අඟර දඟර පාන කෙල්ල කවුද කියාපන්

රෑට පේන සීන බලා පේන කියාපන් //

නින්ද නොයන්නේ
මන්ද ලඳුන්නේ ...//

බැද්දට හඳපාන වැටී කිරි බැබලෙන්නේ
මැද්දට පැන විද්ද හීය කොහිද වැදෙන්නේ //

Don't you Worry muchan
what's this joking smiles

If you want to marry me honey
Meet with cash and coins ...///

ඔමරි ලතා
කොමල කතා ...//

සම්පත සොම්නස දෙන්න ලබා //

ඔන්න වනේ ඔමරි ලියා
ඉනේ හවඩි දරන්නියා
ඔබට බයේ දුවන්නියා //

ගායනය - ත්‍රී සිස්ටර්ස් සහය එම්. ඩී. චන්ද්‍රපාල
පද - ආනන්ද සරත් විමලවීර
සංගීතය - එම්. කේ. රොක්සාමි
1974 තිරගත වූ “ජීවන ගංගා” චිත්‍රපටයේ ගීයකි.
 

Saturday, December 8, 2018

මා ඔබෙ කළු කෙල්ලයි



මා ඔබෙ කළු කෙල්ලයි
ආදර ඕවිල්ලයි
ඒ සුව සැනසිල්ලයි
මේ හිත යළි ඉල්ලයි


රෝස මලක් නෙළලා (ආ ...)
මගෙ වරලේ ගසලා
ලස්සණ රුව දැකලා
ඔබ කීදේ මට මතකයි

මා ඔබෙ කළු කෙල්ලයි
ආදර ඕවිල්ලයි
ඒ සුව සැනසිල්ලයි
මේ හිත යළි ඉල්ලයි

දුක හෝ සැප අතරේ (ආ ...)
මම සිටියෙමි ඇසුරේ
ඔබ නාවත් මිහිරේ
හිත මාගේ ඔබ ළඟමයි

මා ඔබෙ කළු කෙල්ලයි
ආදර ඕවිල්ලයි
ඒ සුව සැනසිල්ලයි
මේ හිත යළි ඉල්ලයි ////.

ගායනය - ත්‍රී සිස්ටර්ස්
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය - වික්ටර් දළුගම

තරුණියන්ගෙ හිත




තරුණියන්ගෙ හිත මලක් වගේ
ආදරෙන් උදම් වෙලා පිපෙයි
ජීවිතේ විනෝදයෙන් ගෙවෙයි
අන්න එහෙම දාට ලොවම ලස්සණයි ....//

පියුමට යන්නේ සොයා බඹරාමයි
කුමුදට එන්නේ සඳේ රේඛාවයි
මුහුදට යන්නේ ගලා දිය පාරයි
තරුණියො වෙත ඔබයි ඇදෙන්නේ

තරුණියන්ගෙ හිත මලක් වගේ
ආදරෙන් උදම් වෙලා පිපෙයි
ජීවිතේ විනෝදයෙන් ගෙවෙයි
අන්න එහෙම දාට ලොවම ලස්සණයි ....//

දුක්වන අයගේ හදේ දුක යන්නේ
රජ දරුවන්නේ සිතේ සුව දෙන්නේ
කවිවරයන්නේ සිතේ කව එන්නේ
තරුණියොගෙනි කවුද නොදන්නේ

තරුණියන්ගෙ හිත මලක් වගේ
ආදරෙන් උදම් වෙලා පිපෙයි
ජීවිතේ විනෝදයෙන් ගෙවෙයි
අන්න එහෙම දාට ලොවම ලස්සණයි ....//

ගායනය - ත්‍රී සිස්ටර්ස්
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය - වික්ටර් දළුගම

වාසිටි කෙල්ලෝ




වාසිටි කෙල්ලෝ
වාසිටි කෙල්ලෝ
තරඟ කළොත් අපි දෙවෙනි වෙන්නෙ නෑ
වාසිටි කෙල්ලෝ
වාසිටි කෙල්ලෝ
උපාධියක් අරන් මිසක් යන්නෙ නෑ  ...//

අළුත් පන්නෙ අපිත් දන්නවා
නමුත් සිහළ සිරිත විරිත රකිනවා ...//
කවුද ඉන්නෙ යන්න එන්න
කන්න බොන්න පොත් බලන්න
වෙහෙස වෙද්දි තත්වෙ බොහොම දුෂ්කරයි

වාසිටි කෙල්ලෝ
වාසිටි කෙල්ලෝ
තරඟ කළොත් අපි දෙවෙනි වෙන්නෙ නෑ
වාසිටි කෙල්ලෝ
වාසිටි කෙල්ලෝ
උපාධියක් අරන් මිසක් යන්නෙ නෑ  ...//

අපිත් විහිළු තහලු කරණවා
හැබැයි ඊට තැනක් ඉමක් තියෙනවා ...//
මැණිකෙලාය නෝනලාය
වාද භේද ළඟ නැතේය
රටේ දැයේ අනාගතය අපෙ අතේ

වාසිටි කෙල්ලෝ
වාසිටි කෙල්ලෝ
තරඟ කළොත් අපි දෙවෙනි වෙන්නෙ නෑ
වාසිටි කෙල්ලෝ
වාසිටි කෙල්ලෝ
උපාධියක් අරන් මිසක් යන්නෙ නෑ  ...//

ගායනය - ත්‍රී සිස්ටර්ස්
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය - වික්ටර් දළුගම