Showing posts with label වසන්ත බණ්ඩාර දිසානායක. Show all posts
Showing posts with label වසන්ත බණ්ඩාර දිසානායක. Show all posts

Monday, April 20, 2020

බිඳුණු පෙම් හද නිවාලන්නට

බිඳුණු පෙම් හද නිවාලන්නට
කඳුළ නුඹ  දා
අඳුර රජයන හුදකලාවෙක
නුඹට පෙම් බැන්දා

පරාජිත වූ නෙතින් ගිලිහී
ජීවිතෙන් පිදු ආදරේ ....//
නිමා වූ සිහිවටන පමණෙකි
දෙනෙත් දෑලේ ඉදිවුණේ
කඳුළ නුඹ පිපුණා
දැවී ගිනිගත් පෙම් සුසානේ
කඳුළු මල් පිපුණා

බිඳුණු පෙම් හද නිවාලන්නට
කඳුළ නුඹ  දා
අඳුර රජයන හුදකලාවෙක
නුඹට පෙම් බැන්දා

ප්රේම ආතුරයන් වෙලා
ජීවිතේ තනි මංසලේ ...//
දිනෙක ඇය මා අමුත්තන් සේ
යළිත් හමුවේවී
කඳුළ නුඹ නාඬන්
දුරස් වන්නේ නැතේ නුඹ මා 
කඳුළ නුඹ නාඬන්

බිඳුණු පෙම් හද නිවාලන්නට
කඳුළ නුඹ  දා
අඳුර රජයන හුදකලාවෙක
නුඹට පෙම් බැන්දා

ගායනය - ගුණදාස කපුගේ
පද - වසන්ත බණ්ඩාර දිසානායක
තනුව - ගුණදාස කපුගේ

Wednesday, December 28, 2016

දුක හාදු දෙන රැයේ

දුක හාදු දෙන රැයේ
හිත පතුලටම වෙලා
යෞවනේ අකට විය
විරහී හද ගිලන් වෙලා ...//

ගහ කොළ ද මල් පිපේ
ඇළ දොළ විල කඩා හැලේ
පෙර දාක මිරිඟු සයුරේ
ඒ රුවට රැවටුණේ

දුක හාදු දෙන රැයේ
හිත පතුලටම වෙලා
යෞවනේ අකට විය
විරහී හද ගිලන් වෙලා

නන්නාඳුනන ලෙසේ මඟ තොට
යළිත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන
අපි යමු දුරස් වෙලා

දුක හාදු දෙන රැයේ
හිත පතුලටම වෙලා
යෞවනේ අකට විය
විරහී හද ගිලන් වෙලා ...//
දුක හාදු දෙන රැයේ

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - වසන්ත බණ්ඩාර දිසානායක
තනුව - විශාරද ගුණදාස කපුගේ

දොඹ මල් කැලෑවේ

දොඹ මල් කැලෑවේ බඹරුන් ගැයූ
කවියක් වගේ ආදරේ
අත්වැල් බැඳන් යන්න
ළංවී ළඟින් ඉන්න
සංසාර ගිරි දුර්ගයේ ...//

රෑ පිනි පොදේ සීත මිටියාවතේ
මේ කේතකී මල් වනේ
සඳ සේ උදාවූ
සෙනෙහේ නිමාවේද
දුක් දොරකඩින් හෙට දිනේ

දොඹ මල් කැලෑවේ බඹරුන් ගැයූ
කවියක් වගේ ආදරේ
අත්වැල් බැඳන් යන්න
ළංවී ළඟින් ඉන්න
සංසාර ගිරි දුර්ගයේ

කටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
හිනැහී දෙතොල් ඉරිතලා
පැදුණු සඳත් නිසරු අහසේ පිපේවා
කටු වැට උඩින් පායලා

දොඹ මල් කැලෑවේ බඹරුන් ගැයූ
කවියක් වගේ ආදරේ
අත්වැල් බැඳන් යන්න
ළංවී ළඟින් ඉන්න
සංසාර ගිරි දුර්ගයේ

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - වසන්ත බණ්ඩාර දිසානායක
තනුව - විශාරද ගුණදාස කපුගේ