දුක හාදු දෙන රැයේ
හිත පතුලටම වෙලා
යෞවනේ අකට විය
විරහී හද ගිලන් වෙලා ...//
ගහ කොළ ද මල් පිපේ
ඇළ දොළ විල කඩා හැලේ
පෙර දාක මිරිඟු සයුරේ
ඒ රුවට රැවටුණේ
දුක හාදු දෙන රැයේ
හිත පතුලටම වෙලා
යෞවනේ අකට විය
විරහී හද ගිලන් වෙලා
නන්නාඳුනන ලෙසේ මඟ තොට
යළිත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන
අපි යමු දුරස් වෙලා
දුක හාදු දෙන රැයේ
හිත පතුලටම වෙලා
යෞවනේ අකට විය
විරහී හද ගිලන් වෙලා ...//
දුක හාදු දෙන රැයේ
ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - වසන්ත බණ්ඩාර දිසානායක
තනුව - විශාරද ගුණදාස කපුගේ
No comments:
Post a Comment