Showing posts with label සෝමදාස ඇල්විටිගල. Show all posts
Showing posts with label සෝමදාස ඇල්විටිගල. Show all posts

Tuesday, October 4, 2016

අන්න බලන් සඳ

අන්න බලන් සඳ රන් තැටියෙන්
සුදු සීත ගඟුල් ගලනා
හද සෝක තැවුල් නිවනා ...//

චන්දන පල්ලව කෝකිල කූජන සංගීතයේ පැටලී //
සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ //
ආදර බස් කියනා
හඬ දේවිනි කන් පිනනා

අත් පසුරෙන් තුරු පෙම්බරයන්
බඳ බන්දා සෙනේ සිතිනි
ලිය වැල් පැටලී ගොසිනී ....//

පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ මාරුතයේ හැපිලා //
මන්මද රංගන මණ්ඩපයේ මෙම //
මන්ද බලා හිඳිනේ
තව පෙම්බර මා සාමිනේ

අන්න බලන් සඳ රන් තැටියෙන්
සුදු සීත ගඟුල් ගලනා
හද සෝක තැවුල් නිවනා ...//

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ සන්ධ්‍යා දීපානි
පද - මහගම සේකර
තනුව - සෝමදාස ඇල්විටිගල
කුණ්ඩලකේශී නාට්‍යයේ ගීයකි.

මෙහි මුල් ගායනය - බෙන් සිරිමාන්න හා ට්‍රිලීශියා ගුණවර්ධන ගෙනි.

Friday, April 3, 2015

මේ ලොව යම් කිසිවෙකු

මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කළ බව
එතකොට  ගී රාවය

හීන් හඬින් මට කියාවි

මා මළ පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව

නන්නාඳුනනා ඔබ ගේ ...

නන්නාඳුනනා ඔබ ගේ
අත් අකුරින් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව

අඩ සඳ බැසගෙන යන සඳ
සීතල අඳුරු රැයක ...

අඬ සඳ බැසගෙන යන සඳ
රෑහි හඬන රැව් අතරින් ...

එතකොට  ගී රාවය
යාන්තමින් මට ඇසේවී
එතකොට  ගී රාවය
යාන්තමින් මට ඇසේවී

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මහගම සේකර
තනුව - සෝමදාස ඇල්විටිගල

Saturday, March 28, 2015

ගාලා සුවඳ රස අඳුන්



ගාලා සුවඳ රස අඳුන්
කාලා සුවඳ රස බොජුන්
බීලා මිහිරි මී විතෙන්
ජීවිතේ ගෙවී යාවී මේ ලෙසින්
සැමදාම සන්තෝසයෙන්...//

මල් පිපී සතර දිගන්තේ
රොන් සලා නැගෙන වසන්තේ ..//

ඇල් පවන් ඒ හමා
සිත් සතන් ගිමන් නිවා ..//

ගාලා සුවඳ රස අඳුන්
කාලා සුවඳ රස බොජුන්
බීලා මිහිරි මී විතෙන්
ජීවිතේ ගෙවී යාවී මේ ලෙසින්
සැමදාම සන්තෝසයෙන්

රත් දෙතොල් නුරා පිරී
රන් ළඳුන් සිනා සිසී ..//

ජීවිතේ අරුත මේ යැයි කියා
නිල් ඇසින් වහස් බැලුම් නැඟේ ...//

ගාලා සුවඳ රස අඳුන්
කාලා සුවඳ රස බොජුන්
බීලා මිහිරි මී විතෙන්
ජීවිතේ ගෙවී යාවී මේ ලෙසින්
සැමදාම සන්තෝසයෙන් ..//
සැමදාම සන්තෝසයෙන් /////

ගායනය - ත්‍රී සිස්ටර්ස්
පද රචනය - මහගම සේකර
තනුව හා සංගීතය - සෝමදාස ඇල්විටිගල
"සිහින ලොවක්" චිත්‍රපටිය (1972) සඳහා ගායනා කරන ලදී.

Wednesday, March 4, 2015

පිපුණු කුසුම පරවූවා

පිපුණු කුසුම පරවූවා

පිපුණු කුසුම පරවූවා
බමර කිකිණි ගොළු වුනා
මුතු කැට සුද සැඟවුනා
හසරැළි වියළී ගියා
හසරැළි වියළී ගියා

පිපුණු කුසුම පරවූවා

සිතක නැගී පෙම් රළ පෙළ
වෙරළ වැළඳ නිල් දෑසක ...//
කදුළු වලට පෙරළුනා
කදුළු වලට පෙරළුනා

කඳුළු වලට පෙරළුනා
දෑස අඳුර කැටි වුනා

පිපුණු කුසුම පරවූවා

පිපුණු කුසුම පරවූවා
බමර කිකිණි ගොළු වුනා
මුතු කැට සුද සැඟවුනා
හසරැළි වියළී ගියා
හසරැළි වියළී ගියා

පිපුණු කුසුම පරවූවා

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - සිරි ගුණසිංහ
තනුව - සෝමදාස ඇල්විටිගල

1967 දී තිරගතවූ "සත් සමුදුර" සිනමා සිත්තමට නිමවූවකි.

Tuesday, March 3, 2015

ආදර හැඟුම්

ආදර හැඟුම් ආදර හැඟුම්
නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම්
ආදර හැඟුම් ආදර හැඟුම්
කිතිකවයි හද කිතිකවයි ඒ හැඟුම්
ආදර හැඟුම්
ආදර හැඟුම්
ආදර හැඟුම්

සැඳෑ අඳුරේ සැළෙන තරු එළි

මගේ හද තුළ කරයි විමසිලි

සැඳෑ අඳුරේ සැළෙන තරු එළි
මගේ හද තුළ කරයි විමසිලි
නැගෙන ගනඳුර වඩයි සිතුවිලි
මේ මඟුල් රෑ බිඳෙයි ඉවසිලි

ආදර හැඟුම්
ආදර හැඟුම්
ආදර හැඟුම්

කිමද ඔබ මල් කුමරියන්නේ
පෙති විදා සතුටින් නොඉන්නේ
රහස නැතිවද මං නොදන්නේ
තුරුළෙ බමරුන් නොවෙද ඉන්නේ

ආදර හැඟුම්
ආදර හැඟුම්
ආදර හැඟුම්

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - දයානන්ද ගුණවර්ධන
තනුව - සෝමදාස ඇල්විටිගල

Thursday, December 5, 2013

කන්ද උඩින්



කන්ද උඩින්
කන්ද උඩින් හඳ පායන ලීලා
ලන්ද වෙලේ රුක් අත්තන පිපීලා
මන්ද කොහෝ හඬලනු හැංගීලා
එන්න තමා බක් මහ ළංවීලා
එන්න තමා බක් මහ ළංවීලා ....//

දුන්න බහක් හින්දා මම කැන්දා
යන්න කෙනෙක් ඇත ආදරෙ හන්දා ...//
උන්නෙ මෙතෙක් නැකතක් එන සන්දා
ඉන්නෙ එතෙක් ඉවසන්න ද මන්දා
ඉන්නෙ එතෙක් ඉවසන්න ද මන්දා
ඉන්නෙ එතෙක් ඉවසන්න ද මන්දා

කන්ද උඩින්
කන්ද උඩින් හඳ පායන ලීලා
ලන්ද වෙලේ රුක් අත්තන පිපීලා
මන්ද කොහෝ හඬලනු හැංගීලා
එන්න තමා බක් මහ ළංවීලා
එන්න තමා බක් මහ ළංවීලා ....//

ගායනය - අමිතා වැදිසිංහ
පද - දයානන්ද ගුණවර්ධන
තනුව - සෝමදාස ඇල්විටිගල

සිනිඳු සුදු මුතු තලාවේ


සිනිඳු සුදු මුතු (ආ ආ ආ ආ.. ආ  ආ ආ.. ආ  ආ ආ.. ආ..
තලාවේ (ආ ආ.. ආ ආ.. ආ ආ..

සිනිඳු සුදු මුතු තලාවේ (ආ ආ.. ආ  ආ ආ.. ආ 
සිනිඳු සුදු මුතු තලාවේ
පිපෙන පෙණ පිඬු සිනාසේ ආ  ආආ..
පිපෙන පෙණ පිඬු සිනාසේ

සිනිඳු සුදු මුතු තලාවේ
පිපෙන පෙණ පිඬු සිනාසේ (ආ  ආආ..

පිපෙන පෙණ පිඬු සිනාසේ 
සිනිඳු සුදු මුතු තලාවේ (ආ ආ.. ආ  ආ ආ.. ආ ඕ ඕඕ ඕ ඕ ඕඕ ඕ

සැලෙන රළ මත ගිලී ඉපිලී
සැලෙන රළ මත ගිලී ඉපිලී

ගලන සිතුවිලි
ගලන සිතුවිලි
මුළා............වේ .......
(ආ ආ.. ආ... ආ.. ආ....
ආ ආ..  .. ආ.....
ආ... ආ.. ආ 

(සංගීත ඛණ්ඩය - අඅ 
(සංගීත ඛණ්ඩය - අඅ 

ගැඹුරු සත් සමුදුරු පතුළ බිඳ (ගැඹුරු සත් සමුදුරු පතුළ බිඳ)
ඇඹරි ඇඹරී වියරු දළ රළ

(සංගීත ඛණ්ඩය අඅ 
(සංගීත ඛණ්ඩය අඅ 

ගැඹුරු සත් සමුදුරු පතුළ බිඳ (ගැඹුරු සත් සමුදුරු පතුළ බිඳ)
ඇඹරි ඇඹරී වියරු දළ රළ
තුමුල මහමෙර දෙදරවයි

බුර බුරා නැගි කුරිරු ජල කඳ (අඅඅ  අඅ ආ..  අඅ ආ..
බුර බුරා නැගි කුරිරු ජල කඳ
දෙරණ සම්පත ගිල ගනියි 
දෙරණ සම්පත ගිල ගනියි (ගිල ගනියි)
ගිල ගනියි (ගිල ගනියි)

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ පිරිස
පද - මහගම සේකර
තනු - සෝමදාස ඇල්විටිගල

සත් සමුදුර චිත්‍රපටියෙන්

Saturday, November 30, 2013

අඩවන් දෑසින්

අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින් …//

පමා වෙවී හිඳිනට නැත වේලා
කාලය ඉගිලී යයි ඉගිලී යයි …//
සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා //
මීවිත උතුරා යයි උතුරා

අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින් …//

අවුල් දුහුල් වල සිහිල් පහස වැද
රඟනා රංගන නොනවත්වනු මැන
ඒ ගී හඬ මුලු ජීවිතයම සතු
රස බර සුළු මොහොතයි සුළු මොහොතයි

රෑ සිහිනෙන් දිව ගෑ සැපතක් සේ //
හෙට දින එය මිය යයි මිය යයි

අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින් …//

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - මහගම සේකර
තනුව - සෝමදාස ඇල්විටිගල
වෙස්ගත්තෝ චිත්‍රපටයෙන් (1970)


Adawan Desin - Victor Rathnayaka