Saturday, March 28, 2015

ගාලා සුවඳ රස අඳුන්



ගාලා සුවඳ රස අඳුන්
කාලා සුවඳ රස බොජුන්
බීලා මිහිරි මී විතෙන්
ජීවිතේ ගෙවී යාවී මේ ලෙසින්
සැමදාම සන්තෝසයෙන්...//

මල් පිපී සතර දිගන්තේ
රොන් සලා නැගෙන වසන්තේ ..//

ඇල් පවන් ඒ හමා
සිත් සතන් ගිමන් නිවා ..//

ගාලා සුවඳ රස අඳුන්
කාලා සුවඳ රස බොජුන්
බීලා මිහිරි මී විතෙන්
ජීවිතේ ගෙවී යාවී මේ ලෙසින්
සැමදාම සන්තෝසයෙන්

රත් දෙතොල් නුරා පිරී
රන් ළඳුන් සිනා සිසී ..//

ජීවිතේ අරුත මේ යැයි කියා
නිල් ඇසින් වහස් බැලුම් නැඟේ ...//

ගාලා සුවඳ රස අඳුන්
කාලා සුවඳ රස බොජුන්
බීලා මිහිරි මී විතෙන්
ජීවිතේ ගෙවී යාවී මේ ලෙසින්
සැමදාම සන්තෝසයෙන් ..//
සැමදාම සන්තෝසයෙන් /////

ගායනය - ත්‍රී සිස්ටර්ස්
පද රචනය - මහගම සේකර
තනුව හා සංගීතය - සෝමදාස ඇල්විටිගල
"සිහින ලොවක්" චිත්‍රපටිය (1972) සඳහා ගායනා කරන ලදී.

No comments: