Saturday, March 28, 2015

මට මතකයි




මට මතකයි දුර ඈත අතීතෙක
ඔබ හමුවූ පෙර ආත්මයක්
මට මතකයි සීතල දවසක
මහ වැසි වසිනා රාත්‍රියක්

රැහැයි හඬක් නැති තරු එළියක් නැති
කඳු පෙත් අතරේ නිසංසලේ
තුං මං හන්දිය නොපෙණෙන මායිම
අම්බලමක අපි මුණගැසුණේ

මට මතකයි දුර ඈත අතීතෙක
ඔබ හමුවූ පෙර ආත්මයක්
මට මතකයි සීතල දවසක
මහ වැසි වසිනා රාත්‍රියක්

එදා මෙදා තුර කෝ ඔබ කොයිබද
ආත්ම ගණනක් සොයන සුවේ
කවදා හෝ යළි හමුවන දිනයක්
තුන් සිත විමසයි භවෙන් භවේ

මට මතකයි දුර ඈත අතීතෙක
ඔබ හමුවූ පෙර ආත්මයක්
මට මතකයි සීතල දවසක
මහ වැසි වසිනා රාත්‍රියක්
මහ වැසි වසිනා රාත්‍රියක්
මහ වැසි වසිනා රාත්‍රියක්
මහ වැසි වසිනා රාත්‍රියක්

ගායනය - ඉන්ද්‍රානි පෙරේරා
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය - ස්ටැන්ලි පීරිස්

(චිත්‍රය යසිරි ේමේ ශිල්පියා‍ේය)

No comments: