Saturday, March 28, 2015

මයුරී මගේ


මයුරී මගේ සුදු කෙල්ලේ කියා
ඇමතූ විලාසේ කදිමයි ඔයා
දඟකාර දෑ‍සේ බැල්මක් හෙළා
සනසන්නකෝ මා ප්‍රියේ ළංවෙලා

නෑඹුල් වියේදී බැඳි ආදරේ
වෙනසක් වෙලා නෑ තව මා කෙරේ
සුරතේ වෙලීලා සයුරු තෙරේ
ඇවිදින්න යන්න එන්නකෝ හෙමින් සැරේ

මයුරී මගේ සුදු කෙල්ලේ කියා
ඇමතූ විලාසේ කදිමයි ඔයා
දඟකාර දෑ‍සේ බැල්මක් හෙළා
සනසන්නකෝ මා ප්‍රියේ ළංවෙලා

බමරුයි මලයි සේ හිඳිමූ බැඳී
සිතු දේ පැතූ දේ ඇත සන්සිඳී
තැවුලක් නිසා හෝ හදවත් රිදී
වෙන්වීලා යන්න නම් එපා මගෙන් මිදී

මයුරී මගේ සුදු කෙල්ලේ කියා
ඇමතූ විලාසේ කදිමයි ඔයා
දඟකාර දෑ‍සේ බැල්මක් හෙළා
සනසන්නකෝ මා ප්‍රියේ ළංවෙලා

ගායනය - ඉන්ද්‍රානි පෙරේරා
පද රචනය - උපාලි ධනවලවිතාන
තනුව හා සංගීතය - ස්ටැන්ලි පීරිස්

No comments: