Saturday, March 28, 2015

ජැන්ඩි පහට ඇඳලා


ජැන්ඩි පහට ඇඳලා
අනංගයා වාගේ
ඔබ යන හැටි දැකලා
සිත බැඳුනා මාගේ

ඇයි දැන් නොබලන්නේ
ඔබ ඉස්සර වාගේ
වරදක් නැහැ මාගේ
තරහක් නැහැ මාගේ

ඔතරම් ආඩම්බර ඇයිදෝ
ඉවත බලන්නේ තරහයි දෝ
හිනාවෙලා බලන්නකෝ
ආදරේ යැයි කියන්නකෝ

ජැන්ඩි පහට ඇඳලා
අනංගයා වාගේ
ඔබ යන හැටි දැකලා
සිත බැඳුනා මාගේ

මතක් වෙලා එන බව දනිමී
එදා මමත් ඔබ මගහරිමී
මුසා අසා රැවටීලා
යන්න එපා පිටුපාලා

ජැන්ඩි පහට ඇඳලා
අනංගයා වාගේ
ඔබ යන හැටි දැකලා
සිත බැඳුනා මාගේ

ඇයි දැන් නොබලන්නේ
ඔබ ඉස්සර වාගේ
වරදක් නැහැ මාගේ
තරහක් නැහැ මාගේ

ගායනය - ඉන්ද්‍රානි පෙරේරා
පද රචනය - වර්නන් පෙරේරා
තනුව හා සංගීතය - ලාල් තේනබදු

No comments: