Saturday, March 28, 2015

සිතින් මා ඔබේ



 
සිතින් මා ඔබේ ආදරී දිවා රැයේ
ගතින් නෑ ප්‍රියේ මා ඔබේ ලෝකයේ ...//

හොරෙන් බලා සිනාසුණා බැඳී
හැඟුම් තුළින් දුරස් වුණා අපී
බැඳී පෙම් සිනා
ඔබෙන් වෙන් වුණා
ඉතින් ආදරේ කොයි ලෙසින් කියන්නදෝ

සිතින් මා ඔබේ ආදරී දිවා රැයේ
ගතින් නෑ ප්‍රියේ මා ඔබේ ලෝකයේ

හොරෙන් එබී බලන්න බෑ ප්‍රියේ
යුගත් වනා කියන්නදෝ කෙසේ
එයා මා ළඟයි
මගේ නෙත් හඬයි
අනේ නොයන්න ගේ ළඟින් එබී බලා ඔයා

සිතින් මා ඔබේ ආදරී දිවා රැයේ
ගතින් නෑ ප්‍රියේ මා ඔබේ ලෝකයේ ...//

ගායනය - ඉන්ද්‍රානි පෙරේරා
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
 

(චිත්‍රය ‍ජෝර්ජ් කීට් ශිල්පියා‍ගේය)

No comments: