Showing posts with label තරුපති මුණසිංහ. Show all posts
Showing posts with label තරුපති මුණසිංහ. Show all posts

Thursday, October 10, 2019

ප්‍රේමය මන රංජිත වේ


තානානෙ තනා...
තානානෙ තනා


ප්‍රේමය මන රංජිත වේ
කුමරා මම වෙමි මනමේ
කතා හදන වැදි දෙටුවෙනි
මමයි වැදි රජුට කෙටුවේ ...//

තානානෙ තනා...
තානානෙ තනා

කාල වර්ණ වැදි රජුණේ
කඩුව නිසයි මම තැවුණේ
ඔබ ළඟ කුමරිය මනමේ
කඩුව තවම මගෙ කොපුවේ ...//

තානානෙ තනා...
තානානෙ තනා

නීල වර්ණ වන ගොමුවේ
සොඳුරිගෙ නෙතු කඳුළු ද මේ
සිහින ලොවින් බැස එනු මැන
කඩුව තවම මගෙ කොපුවේ ...//

ප්‍රේමය මන රංජිත වේ
කුමරා මම වෙමි මනමේ
කතා හදන වැදි දෙටුවෙනි
මමයි වැදි රජුට කෙටුවේ ...//

තානානෙ තනා...
තානානෙ තනා

තානානෙ තනා...
තානානෙ තනා


තානානෙ තනා...
තානානෙ තනා


තානානෙ තනා...
තානානෙ තනා


ගායනය - අතුල අධිකාරි සහ පිරිස
පද - වසන්ත දුක්ගන්නාරාළ
සංගීතය - තරුපති මුණසිංහ


Premaya Mana Ranjitha We - Athula Adikari

Wednesday, March 13, 2019

උණ පුරුකේ බලු වලිගේ

ආයිෂ් අම්මා ගුණ්ඩූ
ආංහ් හා....

උණ පුරුකේ බලු වලිගේ දාලා තිබුණත් නෑ ඇදේ ඇරෙන්නේ
ආංහ්
උණ පුරුකේ බලු වලිගේ දාලා තිබුණත් නෑ ඇදේ ඇරෙන්නේ
හුඟ දෙනෙක් ඒ වගේ
ටික දෙනෙක් එහෙම නෑ
අපි ඉන්නේ එතනයි
ලබා උපන් හැටියට නේ බබා වැනෙන්නේ
ආයිෂ් අම්මා ගුණ්ඩූ

මෙතනට කොහෙන්ද ආවේ
මෙතනින් කොහේද යන්නේ
හරියට කවදද යන්නේ
ඉන්නේ කී දොහද නොදැන නැටුම් නටන්නේ
ඉන්නේ කී දොහද නොදැන නැටුම් නටන්නේ
විඩක් කැමතියි විඩක් අකමැතියි
කැමතියි අකමැතියි

මිල මුදල් සොයනවා
අඹු දරුවො රකිනවා
පොට්ටනිය බඳිනවා
යනකොට කිසිවක් නෑ හිස් අතින්ම යනවා
යනකොට කිසිවක් නෑ හිස් අතින්ම යනවා
හහ් හහ් හහ් හා හ
ආයිෂ් අම්මා ගුණ්ඩූ

කපටියො මුදුනෙ ඉන්නවා
මෝඩයො බර උහුලනවා
ඒ වගෙ දවස ගෙවනවා
කැරකෙන ලෝකෙක අපි හැල්මෙ දුවනවා
කැරකෙන ලෝකෙක අපි හැල්මෙ දුවනවා

ම්.. දැනුයි මට කල්පනාවට ආවෙ

උණ පුරුකේ බලු වලිගේ දාලා තිබුණත් නෑ ඇදේ ඇරෙන්නේ
අනේ
උණ පුරුකේ බලු වලිගේ දාලා තිබුණත් නෑ ඇදේ ඇරෙන්නේ
හුඟ දෙනෙක් ඒ වගේ
ටික දෙනෙක් එහෙම නෑ
අපි ඉන්නේ එතනයි
ලබා උපන් හැටියට නේ බබා වැනෙන්නේ
ලබා උපන් හැටියට නේ බබා වැනෙන්නේ

ගායනය - ඇන්ටන් ජූඩ් සහ විමල්ජිත් දොඹගහවත්ත
පද - ජෝ අබේවික්‍රම
තනුව හා සංගීතය - තරුපති මුණසිංහ
චන්ද්‍රරත්න මාපිටිගම අධ්‍යක්ෂණය කළ “සබඳ පබිලිස්” ටෙලි නාට්‍යයේ තේමා ගීයයි.

Sunday, November 12, 2017

අයිලයට වැහිලා

අයිලයට වැහිලා උඹෙ තානම් බලනා
රුක් අත්තන මල මමයි නුඹේ
හුළුඅත්තක් පපු කැනැත්ත මයෙ දෙයියෝ
උඹේ සුරල් අහං ඉඳල
බෙර පැ‍ළෙන්න මං ඇඬුවා //

පෙරහැරේ ගියත් ඇතෙක්නෙ බබළන
මඩු පොළේ උජාරුවටම රජවුණ ...//
වෙන බිසෝවරුන් වටවුණාට සිව් කොන
උඹ මගේ නිසාවද මට මේ දුක

දොංත ගතං ගදිත ගදං
ගතිත්ද ගුං තත් දෙඟතත් දෝං
රෙගත ගති ඟුදගත්
(බෙර පදය)

වට ගමනේ මාලක්කං වල හුරතල්
එකියන්ට උඹ ගන්ට නෑ ඉවසුම් ...//
මට බලන් ඉන්ට බෑ මයෙ දෙයියෝ
උඹ මගේ නිසාවද මට මේ දුක

දෝං ගදිත් තත්
දෙහිං ඟුදත් ඟුද
දොංත ගදිත් තත් දෙහිං
(බෙර පදය)

අයිලයට වැහිලා උඹෙ තානම් බලනා
රුක් අත්තන මල මමයි නුඹේ
හුළුඅත්තක් පපු කැනැත්ත මයෙ දෙයියෝ
උඹේ සුරල් අහං ඉඳල
බෙර පැ‍ළෙන්න මං ඇඬුවා //

හේ... ඒහේ ඒ..... ඒහේ ඒ.....
හේ.... අ...හ්.. අ..හ්.. හ.......

ඒ.....හ් ආහ්.. ආහ්.. ආහ්.. ආ......

ගායනය - කුමාරි මුණසිංහ
බෙර පද හඬ මුසුව - ජැක්සන් ඇන්තනී
පද - වසන්ත දුග්ගන්නාරාළ
තනුව හා සංගීතය - තරුපති මුණසිංහ

Friday, January 20, 2017

පාවී එන්න සුළඟේ


පාවී ....
එන්න සුළඟේ (සුළඟේ.. සුළඟේ.. සුළඟේ..)

පාවී ....
එන්න සුළඟේ (සුළඟේ.. සුළඟේ.. සුළඟේ..)

පාවී ....
එන්න සුළඟේ ...//

පාවී පාවී පාවී පාවී පාවී එන්න සුළඟේ //

කඳුකරයේ
කොහි සිට හෝ
හිමවත පුරාම සරනා
හද විමසා
ඔහු එන දා
ඇසිපිය නොවසා බලා ඉන්නෙමී

වසන්ත මේඝයෙහී
වියෝගෙ කුසුම් සොරා ...//

නෙක ඇසුරේ
දුක නොකියා
රහසින්ම පැමිණෙන්න සුළඟේ ...//

පාවී ....
එන්න සුළඟේ ...//

පාවී පාවී පාවී පාවී පාවී එන්න සුළඟේ //

වන තුරුළේ
දුර සිට හෝ
තරු එළි පිටාර ගලනා
රැය කැඳවා
ඔහු එන දා
මඟ හිඳ නොකියාම හෙමින් සැරේ

අනන්ත රසෝගයේ
සරාගි හැඟුම් සොරා ..//

හද ඇසුරේ
දුක නොකියා
රහසින්ම පැමිණෙන්න සුළඟේ ...//

පාවී ....
එන්න සුළඟේ ...//

පාවී පාවී පාවී පාවී පාවී එන්න සුළඟේ //

My love is sweet
And it's for ever
it make a strong and on & on
My love is strong just like a wind (like a wind .. like a wind ..)
My love is strong just like a wind (like a wind .. like a wind ..)
My love is strong and it's for ever just like the wind

පාවී ....
එන්න සුළඟේ ...//

පාවී පාවී පාවී පාවී පාවී එන්න සුළඟේ //

පාවී ....
එන්න සුළඟේ

ගායනය - සමිතා එරන්දතී මුදුන්කොටුව
පද - කැළුම් ශ්‍රීමාල්
තනුව - අතුල අධිකාරී
සංගීතය - තරුපති මුණසිංහ

2006 දී ප්‍රථම වරට තිරගත වූ "දේදුනු වැස්ස" චිත්‍රපටියේ ගීයකි.


Paawee Enna Sulange - Samitha Mudunkotuwa

Monday, September 26, 2016

සිතිජ ඉම මායිමෙන්

සිතිජ ඉම මායිමෙන්
පාට දේදුනු මැකෙයි
මතක ලුහුබැඳ ගොහින්
සුවඳ දෝතට ගෙනෙයි

ඈත දුර සඳ දිළෙයි
තරුත් ඒ ළඟ හිඳියි
කෝළ ඔය හිතට මං තාම හරි ආදරෙයි
ආදරෙයි

සීත රෑ පිනි වහියි
සුසුම් හද පාරවයි
නීල තරු ඇස් දෙකක්
අරන් හඳ මෝදු වෙයි ...//
නපුරු දම් පාට හැන්දෑවෙ මං අසරණයි

කුමුදු කොඳ මල් පිපෙයි
සෙනේ හසරැළි නැඟෙයි
මිලින නෙත් මත වෙළී
හාදු වැස්සක් වැටෙයි
දරා ගන්නත් බයයි
හිරුත් දැන් අවදිවෙයි
ඔන්න මනමාල සුළි සුළඟ හරි කරදරයි

සිතිජ ඉම මායිමෙන්
පාට දේදුනු මැකෙයි
මතක ලුහුබැඳ ගොහින්
සුවඳ දෝතට ගෙනෙයි

ඈත දුර සඳ දිළෙයි
තරුත් ඒ ළඟ හිඳියි
කෝළ ඔය හිතට මං තාම හරි ආදරෙයි
ආදරෙයි

කෝළ ඔය හිතට මං තාම හරි ආදරෙයි
ආදරෙයි
ආදරෙයි

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - උපුල් ශාන්ත සන්නස්ගල
තනුව - තරුපති මුණසිංහ

Friday, June 5, 2015

ජසයා මමයි ගිනි කසයා වාගේ

ජසයා මමයි ගිනි කසයා වාගේ
ගමෙන් ගමෙහි නටනා
රජ මැතිවරු එන මඟ
උඩට උඩු වියන් පය පාවඩ එළනා ...//

මගෙ කකුල නොණ්ඩි කර මුහුණ විසුළු කර
වැරහැලි ගත රඳවා ...//
ඔය අප්පුහාමිල මට ඔච්චම් කරන්නේ
පේඬිහමා කියලා

ජසයා මමයි ගිනි කසයා වාගේ
ගමෙන් ගමෙහි නටනා
රජ මැතිවරු එන මඟ
උඩට උඩු වියන් පය පාවඩ එළනා

මගෙ භාරි හැඩයි ගිරි දේවි වගේ
ඇගෙ ජාති ජන්ම නොබලා ..//
හොඳ වංශක්කාර ලොකු මහතුන් සේරම
ඈ පස්සෙන් වැටිලා

ජසයා මමයි ගිනි කසයා වාගේ
ගමෙන් ගමෙහි නටනා
රජ මැතිවරු එන මඟ
උඩට උඩු වියන් පය පාවඩ එළනා ...//

ගායනය - ජානක වික්‍රමසිංහ
පද රචනය - බණ්ඩාර ඇහැළියගොඩ
තනුව හා සංගීතය - තරුපති මුණසිංහ

Sunday, December 8, 2013

කෙහෙරැල් කඩාගෙන

කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ
නාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේ
බැල්මෙන් කතාවෙන් කලබලයක් නැත්තේ
කොහොමද ළඳුනි ඔය විධියට හැඩ බැලුවේ ...//

නිතරම කෙරෙන්නේ සරදම් කවට කතා
සියොළඟ දුවන්නේ පියකරු සුපෙම්වතා
වන වදුලක සැඟවුණ සිව්පාද සතා
සමග ඔබී ඔබෙ කරවට කිඳුණු පබා

කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ
නාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේ
බැල්මෙන් කතාවෙන් කලබලයක් නැත්තේ
කොහොමද ළඳුනි ඔය විධියට හැඩ බැලුවේ

තුරඟුන් නිදන ඉස්තාලය අතේ අරන්
අරියාදුවට දුන් සිනහව සින්න කරන්
කයිවාරුවට නවගුණ වැල තුරුළු කරන්
කිරිගරුඬෙන් බේසම ළඟ පතුල බලන්

කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ
නාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේ
බැල්මෙන් කතාවෙන් කලබලයක් නැත්තේ
කොහොමද ළඳුනි ඔය විධියට හැඩ බැලුවේ ...//

ගායනය - සේනානායක වේරලියද්ද
පද - පත්මකුමාර මෙත්තසේන
තනුව - තරුපති මුණසිංහ