Thursday, October 10, 2019

ප්‍රේමය මන රංජිත වේ


තානානෙ තනා...
තානානෙ තනා


ප්‍රේමය මන රංජිත වේ
කුමරා මම වෙමි මනමේ
කතා හදන වැදි දෙටුවෙනි
මමයි වැදි රජුට කෙටුවේ ...//

තානානෙ තනා...
තානානෙ තනා

කාල වර්ණ වැදි රජුණේ
කඩුව නිසයි මම තැවුණේ
ඔබ ළඟ කුමරිය මනමේ
කඩුව තවම මගෙ කොපුවේ ...//

තානානෙ තනා...
තානානෙ තනා

නීල වර්ණ වන ගොමුවේ
සොඳුරිගෙ නෙතු කඳුළු ද මේ
සිහින ලොවින් බැස එනු මැන
කඩුව තවම මගෙ කොපුවේ ...//

ප්‍රේමය මන රංජිත වේ
කුමරා මම වෙමි මනමේ
කතා හදන වැදි දෙටුවෙනි
මමයි වැදි රජුට කෙටුවේ ...//

තානානෙ තනා...
තානානෙ තනා

තානානෙ තනා...
තානානෙ තනා


තානානෙ තනා...
තානානෙ තනා


තානානෙ තනා...
තානානෙ තනා


ගායනය - අතුල අධිකාරි සහ පිරිස
පද - වසන්ත දුක්ගන්නාරාළ
සංගීතය - තරුපති මුණසිංහ


Premaya Mana Ranjitha We - Athula Adikari

No comments: