Thursday, October 10, 2019

මා අහිංසකයි කියූ


මා අහිංසකයි කියූ
ඔබම රිදුම් දේවී
අපි පැතූ පැතුම් හද සුසුමින්
කැඩී බිඳී යාවී
මගෙ සිත වැලපේවී
ඔබ සිනා සලාවී

මගෙ සිත වැලපේවී
ඔබ සිනා සලාවී

සඳටත් මගෙ දුක දැණුනා
සඳත් කඳුළු බිඳු සැලුවා
පණ මෙන් මට පෙම් කළ ඔබ
පුදුමයි සරදම් කෙරුවා

මා අහිංසකයි කියූ
ඔබම රිදුම් දේවී
අපි පැතූ පැතුම් හද සුසුමින්
කැඩී බිඳී යාවී
මගෙ සිත වැලපේවී
ඔබ සිනා සලාවී

මගෙ සිත වැලපේවී
ඔබ සිනා සලාවී

තරුවක් අහසින් වැටුණා
අහස සිනාසී උන්නා
මා අගයක් නැති හින්දා
අහක බලන් ඔබ යනවා

මා අහිංසකයි කියූ
ඔබම රිදුම් දේවී
අපි පැතූ පැතුම් හද සුසුමින්
කැඩී බිඳී යාවී
මගෙ සිත වැලපේවී
ඔබ සිනා සලාවී

මගෙ සිත වැලපේවී
ඔබ සිනා සලාවී
මගෙ සිත වැලපේවී
ඔබ සිනා සලාවී

මගෙ සිත වැලපේවී
ඔබ සිනා සලාවී


ගායනය - අතුල අධිකාරි
පද - ලලිත් වසන්ත
තනුව - ජයසිරි අමරසේකර


Ma Ahinsakai Kiyu - Athula Adikari

No comments: