Showing posts with label ආර්. චිත්‍රා. Show all posts
Showing posts with label ආර්. චිත්‍රා. Show all posts

Sunday, April 12, 2015

බිංදු බිංදු අම මී බිංදූ

බිංදු බිංදු අම මී බිංදූ
රැන්දු රැන්දු දෙතොලේ රැන්දූ
මන්ද මන්ද ඔබ අද වෙන්වී
එන්න එන්න පියමැන ළංවී

කැන්දු කැන්දු සිතු සිතු වාරේ
වින්දු වින්දු මිහිරි සමීරේ
දුන්න දුකට ඔබ මට නොසිතා
යන්න ගියෙමි පෑ අත නොපතා

බිංදු බිංදු අම මී බිංදූ

මේ ගී ගැයු මිණි වීණා බිඳිලා
තත් මැද මා හෙළු කඳුළැලි මිදිලා ...//
රෑ දුටු සිහිනෙකි ගෙවුණු අතීතේ //
දල්වමු යලි අපි මධුර ප්‍රදීපේ

බිංදු බිංදු අම මී බිංදූ

වතට දෙනෙත මෙනි මා ළඟ උන්නේ
ඔබට නොමැත ආදරෙ වැටහෙන්නේ ...//
මැරුණු අතීතය එලෙස මැකේවා //
යළිදු ඔබේ හිත මා සතු වේවා

බිංදු බිංදු අම මී බිංදූ
රැන්දු රැන්දු දෙතොලේ රැන්දූ
මන්ද මන්ද ඔබ අද වෙන්වී
එන්න එන්න පියමැන ළංවී

බිංදු බිංදු අම මී බිංදූ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි සහ ආර්. චිත්‍රා
පද රචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

මිල්ටන් ගැයූ ප්‍රථම යුග ගීය මෙයයි.
1969 දී නිකුත් කළ Best Hits of Milton Mallawarachchi EP තැටියට අඩංගු වූ ගීයකි.
තැටි අංකය Philips JVPC 1061