Showing posts with label ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු. Show all posts
Showing posts with label ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු. Show all posts

Thursday, August 22, 2019

දෑසේ නිදි නැති


දෑසේ නිදි නැති රෑ තුන් යාමේ
සිතුවිලි පැටලෙන්නේ
සාගර සතකින් එපිටහ ගිය පුත
නුඹ මට සිහිවන්නේ ...//

නුඹ කොහි ඇත්දැයි නොහැඟෙනවා සිත බියෙන් සසල වන්නේ
හීන්සැරේ යළි තුරුළට එන තුරු හදවත දුක් දෙන්නේ

දෑසේ නිදි නැති රෑ තුන් යාමේ
සිතුවිලි පැටලෙන්නේ
සාගර සතකින් එපිටහ ගිය පුත
නුඹ මට සිහිවන්නේ

බාලේ නුඹ නිදි කෙරුමට මා කී නැළවිලි සිහිවන්නේ
ඒ නැළවිලි ගී නැවත ගයන්නම් පුත නුඹ මෙහි එන්නේ

දෑසේ නිදි නැති රෑ තුන් යාමේ
සිතුවිලි පැටලෙන්නේ
සාගර සතකින් එපිටහ ගිය පුත
නුඹ මට සිහිවන්නේ

ගායනය - මහාචාර්ය අමරා රණතුංග
පද - මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර
තනුව - ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු



Dease Nidi Nethi - Amara Ranathunga

Tuesday, August 20, 2019

ලස්සණ රට මේකයි


ලස්සණ රට මේකයි
මේ සිරි ලංකාවයි ..//

නිදහස් ගීත ඇසේ
නිවහල් ගතිය දැනේ ...//

පොළවෙන් මිණි කැට මතුවෙනවා
මුහුදෙන් මුතු ඇට උපදිනවා
තරු කැට අහසේ දිලිසෙනවා
ඇළ දොළ ගංගා බැස යනවා
නිදහස් ගීත ගයා
නිදහස් ගීත ගයා

රන්වැලි සෑ කොත දිලිහෙනවා
අවුකන බුදු රැස් විහිදෙනවා
සීගිරි ලලනාවන් පිනවා
රඟ දෙයි දිය වැල් කලා වැවේ
නිදහස් ගීත ගයා
නිදහස් ගීත ගයා

ජය සිරිමහ බෝ සෙත වෙනවා
දළදා හිමි රට රැක දෙනවා
මිහින්තලෙන් දම් හඬ එනවා
බුදු සිරිතෙන් රට සැනසෙනවා

ගායනය - නාලිනී රණසිංහ
පද - චිත්‍රානන්ද අබේසේකර
තනුව - ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු මහතාගේ බවට මතකයේ ඇතැයි  නාලිනී රණසිංහ මහත්මිය ප්‍රකාශ කළ මුත්, එය තමාට එක හෙළාම තහවුරු කළ නොහැකි බවද කියා සිටියාය. මෙය නිදහස් උත්යවය අලලා නිර්මාණය වී ඇති ගීයක් බව පෙනී යයි. වාර්තා සොයා ගැනීමට නොහැකි විය.


Lassana Rata Mekai - Nalini Ranasinha

Thursday, August 15, 2019

සුවඳ මලක් වෙන්න බැරිද


සුවඳ මලක් වෙන්න බැරිද මට සිපගන්න
පිපී පිපී නෙත් විල මැද බමරා සනසන්න
සුවඳ මලක් වෙන්න බැරිද මට සිපගන්න

හැළෙන දොළෙන් ගලන ගඟෙන්
කිරි පෙණපිඬු වෙන්නම්
දෝත පුරා දිය බිඳ බිඳ
බොනු දැක සැනසෙන්නම්

සුවඳ මලක් වෙන්න බැරිද මට සිපගන්න

සුසුම් වැලෙන් සුසුම් වැලට
ඔබේ සුසුම් බොන්නම්
අදෙරයේ පණිවුඩ දී
සුළඟක් වී එන්නම්

සුවඳ මලක් වෙන්න බැරිද මට සිපගන්න

සිහින වලාකුළු එවලා
නිදි සුව ගෙන දෙන්නම්
ආශාවේ තොරන් මැදින්
ඔබ ජයගෙන ඉන්නම්

සුවඳ මලක් වෙන්න බැරිද මට සිපගන්න
පිපී පිපී නෙත් විල මැද බමරා සනසන්න
සුවඳ මලක් වෙන්න බැරිද මට සිපගන්න

ගායනය - නාලිනී රණසිංහ
පද - චිත්‍රානන්ද අබේසේකර
තනුව - ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු


Suwanda Malak Wenna Berida - Nalini Ranasinha

Tuesday, July 23, 2019

බිඳුණු පෙමක විරහ විරාමේ


බිඳුණු පෙමක විරහ විරාමේ
හද හඬනා හඬ මට දැණුනේ

ඒ කඳුළු බිඳක ඔය රුව මැවුණේ
නිසල පෙමක උරුමය ලැබුණේ


සුසුමේ උණුසුම ලබමින් නෑ ළතවන්නේ
ඈත මතකයෙන් වෙන් වී මා ළඟ ඉන්නේ

හිත නෑ දැන් තනිවම ඉන්නේ
මැණිකේ මා ළඟ හිනැහෙන්නේ


බිඳුණු පෙමක විරහ විරාමේ
හද හඬනා හඬ මට දැණුනේ

ඒ කඳුළු බිඳක ඔය රුව මැවුණේ
නිසල පෙමක උරුමය ලැබුණේ


හද සෙවණේ සිසිල පුදා විඩා නිවන්නේ
මගේ පෙමිනි සුහද ඔබේ දිවි එළිවන්නේ

හද සෙවණේ සිසිල ලබන්නේ
ඔබේ පෙමිනි යලි උපදින්නේ


බිඳුණු පෙමක විරහ විරාමේ
හද හඬනා හඬ මට දැණුනේ

ඒ කඳුළු බිඳක ඔය රුව මැවුණේ
නිසල පෙමක උරුමය ලැබුණේ


ගායනය - ස්වර්ණලතා කවීශ්වර සමග පුන්සිරි සොයිසා
පද - කුසුම් පීරිස්
තනුව - සංගීතය - ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු

Tuesday, April 7, 2015

සඳක් සදිසි ලඳක්

සඳක් සදිසි ඳක් නොවෙද ලැසි ගමනින් එන
අසන්නට හිතයි ඇයගෙන් වතගොත යන තැන
...//

මුතු වරුසා වත සරසා මැදියම් හිරු රැසේ
කොහි සිට කොහි යනවද ඔබ මොනවද ඔය හිසේ
...//

ගියොත් කෙනෙකු යළිත් නො එන තැන ඇති කුඹුරක
පියා සීසායි මම බත ගෙනයමි හනිකට
...//

සොහොන් බිම අසල කුඹුරක වෙහෙසෙයි තම පියා
ඔහුට ඇඹුල ගෙනයන ඔබ කියන් කවුද කියා
...//

පමාවේය හිමියනි මම ඔබගෙන් සමුගමි
නොමැරෙන යම් කෙනෙකු වේද ඒ නම මට හිමි
...//

අමරා දේවී ඔබ අමරා දේවී (ආ...
ආ... ආ... ආ...
නැණවත් දේවී ඔබ අමරාදේවී


 අමරා දේවී ඔබ අමරා දේවී (ම්ම්ම් ම්... ම්ම්ම් ම්... ම්ම්ම් ම්... ම්ම්ම් ම්...
නැණවත් දේවී ඔබ අමරාදේවී


අමරා දේවී ඔබ අමරා දේවී (ආ... ආ... ආ... ආ...
නැණවත් දේවී ඔබ අමරාදේවී


ගායනය - ආචාර්ය දයාරත්න රණතුංග සහ මහාචාර්ය අමරා රණතුංග
පද රචනය - ස්වර්ණදාස හේරත්
තනුව - ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු


Sandak Sadisi Landa (Amara Devi) - Dayarathna Ranathunga & Amara Ranathunga

මල් පිපිලා


මල් පිපිලා
මල් පිපිලා
ජීවිත උයනේ මල් පිපිලා
ආත්මයේ දසන්තයේ සුවඳ ගලා
ප්‍රාර්ථනා මල් පිපිලා
ප්‍රාර්ථනා මල් පිපිලා
මල් පිපිලා
.
මගෙ දෙතොලට ඔබෙ දෙකොපුල හිමි නැත
මගෙ දෑතට ඔබෙ රතැඟිලි හිමි නැත
එත් මගේ යුග දෙනෙතට උරුමයි
කම් නැත මියුලැසියේ
ඒ ඇති මට මගෙ නෙත් යුග පියෙන තුරා
මල් පිපිලා
.
රෑ බඹරෙකු මා දකින වෙලාවක
මධු පිරි මලකට ඇදෙන වෙලාවක
ආශා රැහැනින් හදවත පිබිදෙයි
කම් නැත මියුලැසියේ
සිහින ලොවේදී මා ඔබ දකින තුරා
.
මල් පිපිලා
මල් පිපිලා
ජීවිත උයනේ මල් පිපිලා
ආත්මයේ දසන්තයේ සුවඳ ගලා
ප්‍රාර්ථනා මල් පිපිලා
ප්‍රාර්ථනා මල් පිපිලා
ප්‍රාර්ථනා මල් පිපිලා

ගායනය - ආචාර්ය දයාරත්න රණතුංග
පද රචනය - චන්ද්‍රසේන රංගේ
තනුව - ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු


චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ නිර්මාණයකි.
Mal Pipila - Dayarathna Ranathunga