Tuesday, April 7, 2015

සඳක් සදිසි ලඳක්

සඳක් සදිසි ඳක් නොවෙද ලැසි ගමනින් එන
අසන්නට හිතයි ඇයගෙන් වතගොත යන තැන
...//

මුතු වරුසා වත සරසා මැදියම් හිරු රැසේ
කොහි සිට කොහි යනවද ඔබ මොනවද ඔය හිසේ
...//

ගියොත් කෙනෙකු යළිත් නො එන තැන ඇති කුඹුරක
පියා සීසායි මම බත ගෙනයමි හනිකට
...//

සොහොන් බිම අසල කුඹුරක වෙහෙසෙයි තම පියා
ඔහුට ඇඹුල ගෙනයන ඔබ කියන් කවුද කියා
...//

පමාවේය හිමියනි මම ඔබගෙන් සමුගමි
නොමැරෙන යම් කෙනෙකු වේද ඒ නම මට හිමි
...//

අමරා දේවී ඔබ අමරා දේවී (ආ...
ආ... ආ... ආ...
නැණවත් දේවී ඔබ අමරාදේවී


 අමරා දේවී ඔබ අමරා දේවී (ම්ම්ම් ම්... ම්ම්ම් ම්... ම්ම්ම් ම්... ම්ම්ම් ම්...
නැණවත් දේවී ඔබ අමරාදේවී


අමරා දේවී ඔබ අමරා දේවී (ආ... ආ... ආ... ආ...
නැණවත් දේවී ඔබ අමරාදේවී


ගායනය - ආචාර්ය දයාරත්න රණතුංග සහ මහාචාර්ය අමරා රණතුංග
පද රචනය - ස්වර්ණදාස හේරත්
තනුව - ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු


Sandak Sadisi Landa (Amara Devi) - Dayarathna Ranathunga & Amara Ranathunga

No comments: