ඔබ දුරක ගිහින්
ඔබ දුරක ගිහින්
පුංචි මතකයක්
පරිස්සමට හද තුළ රඳමි
දෑසක දැවටෙන
දැහැනක නැවතී
ඒ ඔබදැයි හොරැහින් බලමී
ඔබ දුරක ගිහින්
දෑසට නොපෙනෙන සිතිවිලි ඉකිබිඳ
වන්දනීය ආත්ම ගමනේ
දුටුව නිසයි ඔබෙ හදවත විනිවිද
සියුමැලි සිත හොඳටම බැඳුනේ
ඔබ දුරක ගිහින්
පුංචි මතකයක්
පරිස්සමට හද තුළ රඳමි
දෑසක දැවටෙන
දැහැනක නැවතී
ඒ ඔබදැයි හොරැහින් බලමී
ඔබ දුරක ගිහින්
යම් මතු දිනයක හමු නොවුනද අපි
සැමරුම් සෙනෙහස හද පුදමී
සමුගත්තද ඔබ දුකම තුරුළු කර
නිබඳව ඔබ සිහිනේ රඳමී
ඔබ දුරක ගිහින්
පුංචි මතකයක්
පරිස්සමට හද තුළ රඳමි
දෑසක දැවටෙන
දැහැනක නැවතී
ඒ ඔබදැයි හොරැහින් බලමී
ඔබ දුරක ගිහින්
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - ඉන්ද්‍රසිරි සුරවීර
තනුව හා සංගීතය - ඉන්ද්‍රජිත් මිරිහාන
චිත්‍රය ලුයී ජෝවර් ගේ නිර්මාණයකි.