Showing posts with label අමිල දිල්හාන්. Show all posts
Showing posts with label අමිල දිල්හාන්. Show all posts

Monday, September 7, 2026

මට නුඹ හිමි නැති බැව්

මට නුඹ හිමි නැති බැව්

සිත නෑ අදහන්නේ

සිත හැඬුවා ඇති දැන්

ඔබ නෑ යළි එන්නේ


වත හසරැල් ගවසා

ගිනියම් මා හිත ඉකි බින්දා

ඒ ද නො ඒ දැයි සිතමින්

මගෙ හිත මග බලමින් උන්නා

ලොවම කෙසේ කීවත්

ඔබ යළි ඒ යැයි සිත කීවා


මට නුඹ හිමි නැති බැව්

සිත නෑ අදහන්නේ

සිත හැඬුවා ඇති දැන්

ඔබ නෑ යළි එන්නේ


අඳුර එළිය නොපෙනී

කළ දේ කී දේ නොදනී

මුදා නොහැර මසිතින්

රඳවා ගත් වරද මගෙයි

යළි උපදින්න සිතා

විගසින් මිය යන්න සිතෙයි


මට නුඹ හිමි නැති බැව්

සිත නෑ අදහන්නේ

සිත හැඬුවා ඇති දැන්

ඔබ නෑ යළි එන්නේ


මට නුඹ හිමි නැති බැව්

සිත නෑ අදහන්නේ

සිත හැඬුවා ඇති දැන්

ඔබ නෑ යළි එන්නේ


ආ..... 

අඅආ......


ගායනය - අනුරාධා පෙරේරා

පද - අයන්ති ප්‍රනාන්දු

තනුව - අමිල දිල්හාන්

සංගීතය - අමිල දිල්හාන්




මේ ගීය රූපවාහිනී වැඩ සටහනක...


ගායන ශිල්පී අමල් පෙරේරා ද එලෙස රූපවාහිනී වැඩසටහනකදී ගායනා කළා.





Sunday, December 8, 2013

දියට බැස

දියට බැස සඳ කැබලි එක් කොට
තනමි ඔබේ රුව මං
සීතලේ සඳ කැබලි සොයනෙමි
තාම දිය මත මං ...//

නිසල දිය මත
පාවෙවී ඔබ
සසල කරවයි මගේ මන දොළ
දියට බැස සඳ ගණිමි දෝතට මං
අනේ සඳ බොඳවී නොයන්
සීතලයි බොඳවී නොයන්

දියට බැස සඳ කැබලි එක් කොට
තනමි ඔබේ රුව මං
සීතලේ සඳ කැබලි සොයනෙමි
තාම දිය මත මං

නුඹට නොදැණුනි
මගේ තනිකම
කෝ කෙහෙද නුඹ බිදුනු පුර සඳ
සඳ දියෙහි බැස උණුසුමක් සෙව් මං
අනේ සඳ බොඳවී ගිහින්
සොළොස් සඳ කොහෙදෝ ගිහිං

දියට බැස සඳ කැබලි එක් කොට
තනමි ඔබේ රුව මං
සීතලේ සඳ කැබලි සොයනෙමි
තාම දිය මත මං ...//

ගායනය - සේනානායක වේරලියද්ද
පද - අමිල දිල්හාන්
තනුව - නිවුමාන් හෙන්රි