Sunday, December 8, 2013

දියට බැස

දියට බැස සඳ කැබලි එක් කොට
තනමි ඔබේ රුව මං
සීතලේ සඳ කැබලි සොයනෙමි
තාම දිය මත මං ...//

නිසල දිය මත
පාවෙවී ඔබ
සසල කරවයි මගේ මන දොළ
දියට බැස සඳ ගණිමි දෝතට මං
අනේ සඳ බොඳවී නොයන්
සීතලයි බොඳවී නොයන්

දියට බැස සඳ කැබලි එක් කොට
තනමි ඔබේ රුව මං
සීතලේ සඳ කැබලි සොයනෙමි
තාම දිය මත මං

නුඹට නොදැණුනි
මගේ තනිකම
කෝ කෙහෙද නුඹ බිදුනු පුර සඳ
සඳ දියෙහි බැස උණුසුමක් සෙව් මං
අනේ සඳ බොඳවී ගිහින්
සොළොස් සඳ කොහෙදෝ ගිහිං

දියට බැස සඳ කැබලි එක් කොට
තනමි ඔබේ රුව මං
සීතලේ සඳ කැබලි සොයනෙමි
තාම දිය මත මං ...//

ගායනය - සේනානායක වේරලියද්ද
පද - අමිල දිල්හාන්
තනුව - නිවුමාන් හෙන්රි

No comments: