ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට
නෑ ඔබ එන්නේ
හිත වදදේවී ඔබ ඉල්ලලා
ඔබ ඉල්ලලා ...//
කවියක් වාගේ ජීවත් වෙන්න
තාලේ ගෙනවිත් දෙන්න
පද වැල් එළි වැටේ ළඟම නතර වෙලා ...//
ආදරෙ නාමෙන් මියැදෙන්න හැදුවත්
දුකමයි සෙතක් වෙන්නෙ නෑ
හිත පිළිගන්නේම නෑ
ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට
නෑ ඔබ එන්නේ
හිත වදදේවී ඔබ ඉල්ලලා
ඔබ ඉල්ලලා
හිතුවත් ගලන ගඟ සේ ඉන්න
බාධා අතැරලා ගලන
ආදර කතරෙදි හිඳිලා ගියා ...//
ආදරෙ නාමෙන් මියැදෙන්න හැදුවත්
දුකමයි සෙතක් වෙන්නෙ නෑ
හිත පිළිගන්නේම නෑ
ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට
නෑ ඔබ එන්නේ
හිත වදදේවී ඔබ ඉල්ලලා
ඔබ ඉල්ලලා ...//
ගායනය - සේනානායක වේරලියද්ද
පද - සදීප්ත ගුණවර්ධන
තනුව - කුෂාන් මනීන්ද්ර
No comments:
Post a Comment