Showing posts with label දිලිනි හපුතන්ත්‍රී. Show all posts
Showing posts with label දිලිනි හපුතන්ත්‍රී. Show all posts

Saturday, January 12, 2019

කැවුම් කදක් දොර මුල්ලේ


කැවුම් කදක් දොර මුල්ලේ
කොකිස් කදක් අර මුල්ලේ
කෙහෙල් කැනක් උඩ එල්ලේ
ඇයි අම්මේ ඒ

නැවුම් කළෙන් දිය නාවන
අළුත් ඇදුම් තෑගි ලැබෙන
මලක් වගේ දූ සරසන
නැකත ඇව්ල්ලා

මං තනියම කාමරේක සෙල්ලං බෑ පෙර වාගේ
යහළු ළමයි කල්ලි ගැහෙන සද්දෙ ඇහෙනවා
යන්න හිතයි අම්මේ මට පාළු හිතෙනවා

පුංචි කමට නුඹ හිතුවට
පුංචි නොවෙයි දැන් දූ මට
ඉස්සර වගෙ කට්ටි පැනලි දැන් නම් හොද නෑ
හිතන්න දැන් පුංචි බබෙක් නොවේය කියලා

කැවුම් කදක් දොර මුල්ලේ
කොකිස් කදක් අර මුල්ලේ
කෙහෙල් කැනක් උඩ එල්ලේ
ඇයි අම්මේ ඒ
ඇස්වහ නෑ මයෙ දෝනිට 
සිරියාවයි දූ හරියට
හැම දෙවියෝ මගෙ දෝනිගෙ පිහිටට එනවා
බුදු සරණින් හැම උවදුරු නැතිවී යනවා

හිතට බරයි ඔය කතාව 
පුංචිනෙ මං අම්මෙ තාම
හැමදාමත් බොඩි දෝනී කියා අහන්න
මං ආසයි පොඩි ළමයෙක් වෙලාම ඉන්න
කැවුම් කදක් දොර මුල්ලේ
කොකිස් කදක් අර මුල්ලේ
කෙහෙල් කැනක් උඩ එල්ලේ
ඇයි අම්මේ ඒ

නැවුම් කළෙන් දිය නාවන
අළුත් ඇදුම් තෑගි ලැබෙන
මලක් වගේ දූ සරසන
නැකත ඇව්ල්ලා

ගායනය - නීලා වික්‍රමසිංහ සමග දිලිනි හපුතන්ත්‍රි
පද රචනය - ආනන්ද හේවාරංහිඳගේ
තනුව - අඥාතයි (නීලා වික්‍රමසිංහ මහත්මියගේ විය යුතුයි)