Saturday, January 12, 2019

කැවුම් කදක් දොර මුල්ලේ


කැවුම් කදක් දොර මුල්ලේ
කොකිස් කදක් අර මුල්ලේ
කෙහෙල් කැනක් උඩ එල්ලේ
ඇයි අම්මේ 

නැවුම් කළෙන් දිය නාවන
අළුත් ඇදුම් තෑගි ලැබෙන
මලක් වගේ දූ සරසන
නැකත ඇව්ල්ලා

මං තනියම කාමරේක සෙල්ලං බෑ පෙර වාගේ
යහළු ළමයි කල්ලි ගැහෙන සද්දෙ ඇහෙනවා
යන්න හිතයි අම්මේ මට පාළු හිතෙනවා

පුංචි කමට නුඹ හිතුවට
පුංචි නොවෙයි දැන් දූ මට
ඉස්සර වගෙ කට්ටි පැනලි දැන් නම් හොද නෑ
හිතන්න දැන් පුංචි බබෙක් නොවේය කියලා

කැවුම් කදක් දොර මුල්ලේ
කොකිස් කදක් අර මුල්ලේ
කෙහෙල් කැනක් උඩ එල්ලේ
ඇයි අම්මේ 
ඇස්වහ නෑ මයෙ දෝනිට 
සිරියාවයි දූ හරියට
හැම දෙවියෝ මගෙ දෝනිගෙ පිහිටට එනවා
බුදු සරණින් හැම උවදුරු නැතිවී යනවා

හිතට බරයි ඔය කතාව 
පුංචිනෙ මං අම්මෙ තාම
හැමදාමත් බොඩි දෝනී කියා අහන්න
මං ආසයි පොඩි ළමයෙක් වෙලාම ඉන්න
කැවුම් කදක් දොර මුල්ලේ
කොකිස් කදක් අර මුල්ලේ
කෙහෙල් කැනක් උඩ එල්ලේ
ඇයි අම්මේ 

නැවුම් කළෙන් දිය නාවන
අළුත් ඇදුම් තෑගි ලැබෙන
මලක් වගේ දූ සරසන
නැකත ඇව්ල්ලා

ගායනය - නීලා වික්‍රමසිංහ සමග දිලිනි හපුතන්ත්‍රි
පද රචනය - ආනන්ද හේවාරංහිඳගේ
තනුව - අඥාතයි (නීලා වික්‍රමසිංහ මහත්මියගේ විය යුතුයි)

No comments: