Saturday, January 12, 2019

කුරුම්බැට්ටි මැෂිමේ

කුරුම්බැට්ටි මැෂිමේ
මගෙ කුරුම්බැට්ටි මැෂිමේ ....//

ගවුම් පොඩිත්තක් මහලා ඕනද
කමිස පොඩියක් මහලා ඕනද ....//

කොස් කොළයක් මෙහෙ අරගෙන ආවොත්
රැලි රැලි කපලා
ඔපනැලි තියලා
ගවුම් පොඩිත්තක් මහලා දෙන්නම්

කුරුම්බැට්ටි මැෂිමේ
මගෙ කුරුම්බැට්ටි මැෂිමේ ....//

ගවුම් පොඩිත්තක් මහලා ඕනද
කමිස පොඩියක් මහලා ඕනද ....//

කූරටු ඉඳිකටුවෙන් හිල් විදලා
ලේන්සු පොඩියක්
මල් මල් සායක්
කොස් කොළ රෙද්දෙන් මහලා දෙන්නම්

කුරුම්බැට්ටි මැෂිමේ
මගෙ කුරුම්බැට්ටි මැෂිමේ ....//

ගවුම් පොඩිත්තක් මහලා ඕනද
කමිස පොඩියක් මහලා ඕනද ....//
කුරුම්බැට්ටි මැෂිමේ
මගෙ කුරුම්බැට්ටි මැෂිමේ ....//

ගායනය - එල්සි රොද්‍රිගෝ
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - සරත් දසනායක

No comments: