Showing posts with label මහින්ද අල්ගම. Show all posts
Showing posts with label මහින්ද අල්ගම. Show all posts

Thursday, January 5, 2017

චන්ද්‍ර මඬුළු යට

චන්ද්‍ර මඬුළු යට සුරංගනාවන්
දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ

රන් තැටියට කිරි පැණි පුරවාගෙන
හඳහාමී දූ බලන්න එනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
හඳහාමී කෙලෙසද මෙහි එන්නේ

කිරි මුට්ටිය නුඹෙ ගඟේ ගියාලූ
ගඟට උඩින් කිරි කොක්කු ගියාලූ
දුවේ එපා ඒ කතා අහන්නට
මමයි නුඹට ලේ කිරි කර දෙන්නේ

චන්ද්‍ර මඬුළු යට සුරංගනාවන්
දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ

දූ අල්ලන්නට හැන්දෑ යාමේ
මල්ලක් අරගෙන බිල්ලෙක් එනවලු
වීර දුවේ මා බිය නොමවන්නේ
සිහල ලෙයයි නුඹ සිරුර දිවෙන්නේ

චන්ද්‍ර මඬුළු යට සුරංගනාවන්
දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ

ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - මහින්ද අල්ගම
තනුව - විශාරද නන්දා මාලිනී