Showing posts with label උපාලි කන්නංගර. Show all posts
Showing posts with label උපාලි කන්නංගර. Show all posts

Wednesday, December 19, 2018

ගගනෝදරේ



ගගනෝදරේ මුළු රෑ පුරා
සඳ සීතලේ ගැඹුරේ
අරුණෝදයේ වන මායිමේ
මල් මාලතී හැඬුවේ
අඳුරේ තනිවී
තරුවක් සුසුම් හෙලුවේ

නෙක පාට වලාවෙක වල්මත් වී ගිය
තරුවට අමතක පෙම් පුවතේ ...//
මතකේ අවදිවී යළි එන දා
පෙර මං සලකුණු නොමැතේ

ගගනෝදරේ මුළු රෑ පුරා
සඳ සීතලේ ගැඹුරේ

දුර මන්දාකිණියේ තරු අතරේ
මැළැවුණු ඔබෙ රුව නෙත ගැටුණේ ...//
ගිම්හානයේ ඔබ සමුගත් දා
උණුසුම දෙතොලේ සිඳුණේ

ගගනෝදරේ මුළු රෑ පුරා
සඳ සීතලේ ගැඹුරේ
අරුණෝදයේ වන මායිමේ
මල් මාලතී හැඬුවේ
අඳුරේ තනිවී
තරුවක් සුසුම් හෙලුවේ

ගායනය - උපාලි කන්නංගර
පද - ඉන්ද්‍රානි බොතේජු
තනුව - උපාලි කන්නංගර

නිදි නැති දෑසේ



නිදි නැති දෑසේ
ඔබෙ වත පෙරසේ
හිනැහෙයි රහසේ පැතුම් මවා
සැමරුම් සිහිවේ
මතකය පෑරේ
කෙළෙස හිඳිම්දෝ සිත රවටා ....//
කෙළෙස හිඳිම්දෝ සිත රවටා

මගේ ලොවේ සඳුවී හිනැහෙන්නට
අනාගතේ මංපෙත සාදන්නට
ඔබට වරම් නැති වුවත් ළඳේ
වෙනසක් නෑ මගෙ සෙනෙහෙ හදේ
රෝස වසන්තේ මිලින වෙලා අද
අපි දෙදෙනා දෙතැනකට වෙලා //

නිදි නැති දෑසේ
ඔබෙ වත පෙරසේ
හිනැහෙයි රහසේ පැතුම් මවා
සැමරුම් සිහිවේ
මතකය පෑරේ
කෙළෙස හිඳිම්දෝ සිත රවටා //

මව්පියො අභිමුව ඔබ අසරණ බව
අනිකෙකු අත ගෙන ඔබ යා යුතු බව
නෙත කඳුළෙන් වුව පිළිගන්නම්
මෙය නම් දෛවේ නොසැලෙන්නම්
ඔබට සොඳුරු නව ලොවක් පතා මා
මගේ මිලින ලොව තනිවෙන්නම් //

නිදි නැති දෑසේ
ඔබෙ වත පෙරසේ
හිනැහෙයි රහසේ පැතුම් මවා
සැමරුම් සිහිවේ
මතකය පෑරේ
කෙළෙස හිඳිම්දෝ සිත රවටා ////.

ගායනය - උපාලි කන්නංගර
පද - ලලිත් වසන්ත
තනුව - උපාලි කන්නංගර

පිල ගැට්ටේ



කුමක් වුනත් මොකද්ද මේ
වරක් දෙකක් වුණා බොලේ
ලස්සණ ලස්සණ ඇස් දෙක දැක්කම
හදවත ගැස්සෙන අන්දම ඇත්තට
මටත් අළුත් හිතක් ඇතේ
උද්වේගයත් නිමක් නැතේ
මෙච්චර අච්චර ඔච්චර මෙච්චර කොච්චරවත් ඇත සුන්දර විස්තර .....

පිල ගැට්ටේ ඇනතියාන මං ගුරු පාර දිහාවේ බලාන උන්නේ
සුදු හැට්ටේකින් ළමා සාරියෙන් සැරසී එනතුරු මගෙ සුදු මැණකේ
අදවත් මේ මට බහක් දේවිදැයි හිතාන මං උන්නත් හනිහනිකේ
ඇයි මැණිකේ මගෙ රත්තරනේ නුඹ නොදොඩා නොබලා ඔය යන්නේ

හිස උස්සා මා දිහා බලා කට කොණකින් වත් හිනැහුනෙ නැත්තේ
හිතා ගන්න බෑ මොන මොනවාදෝ තිබුනේ හිත ඇතුළේ මැණිකේ
පොඩි කාලේ සිට මගෙ සුදු මැණිකේ තාමත් උඹ පින් පාටයි
පුර හඳ වාගේ මැණිකෙගෙ රූපේ දකින කොටත් හරි ආසයි

පිල ගැට්ටේ ඇනතියාන මං ගුරු පාර දිහාවේ බලාන උන්නේ
ඇයි මැණිකේ මගෙ රත්තරනේ නුඹ නොදොඩා නොබලා ඔය යන්නේ

ලෙන්ගත් මා ගැන හිතා බලා එක වදනක් වත් ඇයි නොදොඩන්නේ
කියාගන්න බෑ අමුතු අමුතු දේ තිබුණේ හිත ඇතුඝේ මැණිකේ
මට හිතෙනා හැටියට නම් මැණිකේ දැන් ආඩම්බර වාගෙයි
මැණිකෙගෙ ආලේ හිමිවන තාලේ හිතන කොටත් හරි ආසයි

පිල ගැට්ටේ ඇනතියාන මං ගුරු පාර දිහාවේ බලාන උන්නේ
සුදු හැට්ටේකින් ළමා සාරියෙන් සැරසී එනතුරු මගෙ සුදු මැණකේ
අදවත් මේ මට බහක් දේවිදැයි හිතාන මං උන්නත් හනිහනිකේ
ඇයි මැණිකේ මගෙ රත්තරනේ නුඹ නොදොඩා නොබලා ඔය යන්නේ ////.

ගායනය - උපාලි කන්නංගර
පද - හේමසිරි හල්පිට
තනුව - උපාලි කන්නංගර

Tuesday, December 18, 2018

ඉවසිල්ලක් නෑ



 ඉවසිල්ලක් නෑ දකින තුරා
ඔය සුදු මූණ නුඹේ
සැනසිල්ලක් නෑ ලැබෙන තුරා
මට ඔය දෑත නඟේ
ඇස්වහ නෑ කටවහ නෑ
නුඹෙ රූපෙට උපමා නෑ
මනලෝල සිනාවට ආශා වෙලා
මගෙ හිත උන්මාද වෙලා

ඉවසිල්ලක් නෑ දකින තුරා
ඔය සුදු මූණ නුඹේ

දුටුව දිනේ මන බැඳුණේ නුඹ දඟකාර නිසා
තවත් අගේ වැඩි වෙන්නේ ආඩම්බර හින්දා
හඳක් වගේ සුදු මුහුණේ ඇඳෙන සිනා දැකලා
මටත් හොරා බොළඳ මගේ හිත මනමාල වෙලා

ඉවසිල්ලක් නෑ දකින තුරා
ඔය සුදු මූණ නුඹේ
සැනසිල්ලක් නෑ ලැබෙන තුරා
මට ඔය දෑත නඟේ

මල් වයසේ සමනලියේ නුඹෙ ආදරය පතා
මම එන්නේ හද පතුළේ ඇති ආදරය නිසා
හැම මොහොතේ ළතැවිල්ලේ මම ඉන්නේ ඉවසා
හැංගෙන්නේ ඇයි කෙල්ලේ ආදර හිත හංගා

ඉවසිල්ලක් නෑ දකින තුරා
ඔය සුදු මූණ නුඹේ
සැනසිල්ලක් නෑ ලැබෙන තුරා
මට ඔය දෑත නඟේ
ඇස්වහ නෑ කටවහ නෑ
නුඹෙ රූපෙට උපමා නෑ
මනලෝල සිනාවට ආශා වෙලා
මගෙ හිත උන්මාද වෙලා

ඉවසිල්ලක් නෑ දකින තුරා
ඔය සුදු මූණ නුඹේ
සැනසිල්ලක් නෑ ලැබෙන තුරා
මට ඔය දෑත නඟේ ...//

ගායනය - උපාලි කන්නංගර
පද - සිනෙත් බැද්දගේ
තනුව - උපාලි කන්නංගර