කුමක් වුනත් මොකද්ද මේ
වරක් දෙකක් වුණා බොලේ
ලස්සණ ලස්සණ ඇස් දෙක දැක්කම
හදවත ගැස්සෙන අන්දම ඇත්තට
මටත් අළුත් හිතක් ඇතේ
උද්වේගයත් නිමක් නැතේ
මෙච්චර අච්චර ඔච්චර මෙච්චර කොච්චරවත් ඇත සුන්දර විස්තර .....
පිල ගැට්ටේ ඇනතියාන මං ගුරු පාර දිහාවේ බලාන උන්නේ
සුදු හැට්ටේකින් ළමා සාරියෙන් සැරසී එනතුරු මගෙ සුදු
මැණකේ
අදවත් මේ මට බහක් දේවිදැයි හිතාන මං උන්නත් හනිහනිකේ
ඇයි මැණිකේ මගෙ රත්තරනේ නුඹ නොදොඩා නොබලා ඔය යන්නේ
හිස උස්සා මා දිහා බලා කට කොණකින් වත් හිනැහුනෙ නැත්තේ
හිතා ගන්න බෑ මොන මොනවාදෝ තිබුනේ හිත ඇතුළේ මැණිකේ
පොඩි කාලේ සිට මගෙ සුදු මැණිකේ තාමත් උඹ පින් පාටයි
පුර හඳ වාගේ මැණිකෙගෙ රූපේ දකින කොටත් හරි ආසයි
පිල ගැට්ටේ ඇනතියාන මං ගුරු පාර දිහාවේ බලාන උන්නේ
ඇයි මැණිකේ මගෙ රත්තරනේ නුඹ නොදොඩා නොබලා ඔය යන්නේ
ලෙන්ගත් මා ගැන හිතා බලා එක වදනක් වත් ඇයි නොදොඩන්නේ
කියාගන්න බෑ අමුතු අමුතු දේ තිබුණේ හිත ඇතුඝේ මැණිකේ
මට හිතෙනා හැටියට නම් මැණිකේ දැන් ආඩම්බර වාගෙයි
මැණිකෙගෙ ආලේ හිමිවන තාලේ හිතන කොටත් හරි ආසයි
පිල ගැට්ටේ ඇනතියාන මං ගුරු පාර දිහාවේ බලාන උන්නේ
සුදු හැට්ටේකින් ළමා සාරියෙන් සැරසී එනතුරු මගෙ සුදු
මැණකේ
අදවත් මේ මට බහක් දේවිදැයි හිතාන මං උන්නත් හනිහනිකේ
ඇයි මැණිකේ මගෙ රත්තරනේ නුඹ නොදොඩා නොබලා ඔය යන්නේ ////.
ගායනය - උපාලි කන්නංගර
පද - හේමසිරි හල්පිට
තනුව - උපාලි කන්නංගර
No comments:
Post a Comment