Showing posts with label ඩිෂාන් නානායක්කාර. Show all posts
Showing posts with label ඩිෂාන් නානායක්කාර. Show all posts

Monday, June 1, 2015

මට මවක් ලෙසින්

මට මවක් ලෙසින් ආදරේ කළ හැකි නම්
මට පියෙක් වගේ උවටැන් දීමට හැකිනම්
නැඟනියක් වගේ ජීවිතේ දිය හැකි නම්
බිරිඳ ඔබයි මගේ ජීවිතේ ඇති කල්
දෙවිඳු ඔබයි මගේ ජීවිතේ හැම කල්

අනන්ත කරදර දිවි ගමනේ
තරණය කළ යුතුද කී දොහේ...//
පතනා ලොව වුව සිහිනයකී
පලා යාම විසඳුමක් නොවේ
වටහා ගතහොත් දිවිය අපේ
බිරිඳ ඔබයි මගේ ජීවිතේ ඇති කල්
දෙවිඳු ඔබයි මගේ ජීවිතේ හැම කල්

තහනම් සිතිවිලි යුග දිවියේ
දමනය කළ යුතු බව දනිමී ...//
පතනා සැනසුම මිරිඟුවකී
සමාවෙන්න මට වරද මගේ
දුක පවසන්නට කෙනෙකු ඇති
දෙවිඳු ඔබයි මගේ ජීවිතේ හැම කල්

බිරිඳ ඔබයි මගේ ජීවිතේ ඇති කල්
දෙවිඳු ඔබයි මගේ ජීවිතේ හැම කල් ...//

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සහ සෝමසිරි මැදගෙදර
පද රචනය - ඩිෂාන් නානායක්කාර
තනුව හා සංගීතය - සෝමසිරි මැදගෙදර