Showing posts with label සුනිල් රත්නායක. Show all posts
Showing posts with label සුනිල් රත්නායක. Show all posts

Saturday, March 16, 2019

කිරිල්ලියක් විය

කිරිල්ලියක් විය තටු නැත ලැබිලා
ඉගිලී යන්නට අහස වටා
ලොව හිනැහෙද්දී දෑස වසාගෙන
දෙපයින් ඇය යයි දෙරණ පුරා

බාලේ ගෙවු මුත් එකම කැදැල්ලක
එකම ලෙයක එක කිරි කඳුළක දැවටී
රිදී කාසි වල සුවඳින් මත්වී
එක කුස හොත් පින් සුවඳ මැකී වියැකී

කිරිල්ලියක් විය තටු නැත ලැබිලා
ඉගිලී යන්නට අහස වටා
ලොව හිනැහෙද්දී දෑස වසාගෙන
දෙපයින් ඇය යයි දෙරණ පුරා

මිලානවී ගිය ජීවය පිබිදී
දෙතොල් අගට රන් සිනහ පිරී ඉතිරී
දැවී ඉරිතැලුණු හදවත මත්තට
බලා හිඳී වැටෙනා තුරු පොද වැස්සක්

පොද වැස්සක්
පොද වැස්සක්

ගායනය - විශාරද මාලිනී බුලත්සිංහල
පද - සුනිල් රත්නායක
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
කුමාරසිරි අබේකෝන්ගේ "පොද වැස්සක්" ටෙලි නාට්‍යයේ ගීයකි.

Wednesday, May 27, 2015

තරු පොකුරු පිපෙනා

තරු පොකුරු පිපෙනා
මන්දාකිණි මැද්දෙන්

මිහි බිමට හඬණා
පුරුදු හුරු සුවඳක්

සිත සඳුන් තවරා
ගලා ඒ

නිවී දිලිහෙනා
ඔබේ නෙතු බලා
ආදරෙන් ආදරෙන්
කවුළු පියන් හැරදා
බලා හිඳිමි මා

සුර ලලනන් ගැවසෙනා
සුරපුරක් මතුවෙනා

විශ්වයම හිනැහෙනා
රන් යුගත් එක්වෙනා

මතු දිනය ළඟ එනා
ළංවෙනා

(භවත්‍රා)

(භවත්‍රා) (භවත්‍රා)

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - සුනිල් රත්නායක
සංගීතය - සුරේෂ් මාලියද්දේ
"භවත්‍රා" ටෙලි නාට්‍යයෙන්(තේමා ගීය)

Sunday, March 29, 2015

වලා අතුල සිරියහනේ


වලා අතුල සිරියහනේ
උණුසුම් හිරු කෙඳි පොරවා
ඉන්ද්‍රචාප කුමාරයා
නිදා වැටෙනවා

මල් සුගන්ධයෙන් නැළැවෙන
ලතා මඬුල්ලේ ලැගගෙන
රෑන් රෑන් සියොතුන් ගී
සින්දු කියනවා

ජීවිතය වගේ මුමුණන
ආදරය වගේ දිලිහෙන
දිය තරංග පොකුරක්
එළියෙන් නලියනවා

නොදරුවෙකු අතින් බොඳවුන
සිතුවමක් ලෙසින් සුන්දර
පාට රෑනකින් දස අත
රටා වියනවා

කිරිවැදී නටන ගොයමට
මිහිදුමින් වැටුනු පිණිකැට
රන්දමක් වගේ ගෙල වට
රනින් දිළෙනවා

හෙටක් ගැන යමක් නොදකින
හෙටක් තිබේ දැයි නොසිතන
කෙනෙක් මධුවිතක් තොල් අග
තවරගන්නවා

වලා අතුල සිරියහනේ
උණුසුම් හිරු කෙඳි පොරවා
ඉන්ද්‍රචාප කුමාරයා
නිදා වැටෙනවා

මල් සුගන්ධයෙන් නැළැවෙන
ලතා මඬුල්ලේ ලැගගෙන
රෑන් රෑන් සියොතුන් ගී
සින්දු කියනවා

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - සුනිල් රත්නායක
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
දළ රළ පෙළ ටෙලි සිතුවමෙන්.


Wala Athula Siri Yahane - Amarasiri Peiris