Showing posts with label ශාන්ති ගීතදේව. Show all posts
Showing posts with label ශාන්ති ගීතදේව. Show all posts

Tuesday, March 10, 2015

කවුරුදෝ අර කවුළුවෙන්


කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබි කම් කළේ
ඒ හිනාවේ මා වෙළන්නද
මා වෙළාගෙන මට තලන්නද
ඈ හිනාවෙන්නේ ....//

ඉතිං මට බැහැ ඈත යන්නට
ඒ නුවන් රැහැනින් මිදීලා
කවුළුවේ දොර හඳෙන් ඇරගෙන
නෙත් ළඟින් ඉන්නම්

කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබි කම් කළේ
ඒ හිනාවේ මා වෙළන්නද
මා වෙළාගෙන මට තලන්නද
ඈ හිනාවෙන්නේ

කතා නොකරන තාරකාවක්
පාර කීවත් මම නොයන්නම්
කවුළුවේ දොර හඳෙන් ඇරගෙන
නෙත් ළඟින් ඉන්නම්

කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබි කම් කළේ
ඒ හිනාවේ මා වෙළන්නද
මා වෙළාගෙන මට තලන්නද
ඈ හිනාවෙන්නේ

ඉතිං මට බැහැ ඈත යන්නට
ඒ නුවන් රැහැනින් මිදීලා
කවුළුවේ දොර හදෙන් ඇරගෙන
නෙත් ළඟින් ඉන්නම්

කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබි කම් කළේ
ඒ හිනාවේ මා වෙළන්නද
මා වෙළාගෙන මට තලන්නද
ඈ හිනාවෙන්නේ

ගායනය - ශාන්ති ගීතදේව
පද රචනය - ඩෝල්ටන් අල්විස්
තනුව - ශාන්ති ගීතදේව
මේ ගීය මහාචාර්ය සනත් නන්දසිරි විසින් ද ගයා ඇත.

සංගීත් නිපුන් ශාන්ති ගීතදේව ගායනා කරන ගීය


මහාචාර්ය සනත් නන්දසිරි ගායනා කරන ගීය