Showing posts with label චන්ද්‍රානි මානෙල් කල්දේරා. Show all posts
Showing posts with label චන්ද්‍රානි මානෙල් කල්දේරා. Show all posts

Saturday, January 12, 2019

අඟුරුයි කන්නේ

අඟුරුයි කන්නේ 
වතුරයි බොන්නේ 
කොළඹයි දුවයන්නේ
මහ කඳු බෑවුම්
පල්ලම් පාලම්
දැක නැහැ නවතින්නේ...//

දර කොට උඩ දැමු පීලි දෙකක් උඩ 
දුම් ගුලි දම දම හූ කියලා...//

අඟුරුයි කන්නේ 
වතුරයි බොන්නේ 
කොළඹයි දුවයන්නේ
මහ කඳු බෑවුම්
පල්ලම් පාලම්
දැක නැහැ නවතින්නේ...//

උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක
කිය කිය මොර දෙනවා ...////

කළු කොඩි උස්සන් මිනිසුන් නග්ගන්
දඩි බිඩි ගා ගෙන යයි
තේ වතු මැද්දෙන් පොල් වතු අස්සෙන්
මැද්දෙන් ගොස් නවතී

අඟුරුයි කන්නේ 
වතුරයි බොන්නේ 
කොළඹයි දුවයන්නේ
මහ කඳු බෑවුම්
පල්ලම් පාලම්
දැක නැහැ නවතින්නේ...//

දර කොට උඩ දැමු පීලි දෙකක් උඩ 
දුම් ගුලි දම දම හූ කියලා...//

අඟුරුයි කන්නේ 
වතුරයි බොන්නේ 
කොළඹයි දුවයන්නේ
මහ කඳු බෑවුම්
පල්ලම් පාලම්
දැක නැහැ නවතින්නේ...//

ගායනය - චන්ද්‍රානි මානෙල් කල්දේරා
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - අඥාතයි

සුරතල් අපේ පෙනීලා

සුරතල් අපේ පෙනීලා
වන මල් කැලේ පිපීලා...//

කිංකිණි පරදන නාදෙට අපගේ 
ගලා යයි ජලේ 
හෝ ගා ගලා යයි ජලේ...//

පායයි පුන් සඳ අහසේ 
පුංචි ළමුන් දැකලා සේ
සුන්දර සිරි දුව වාගේ...//

සුරතල් අපේ පෙනීලා
වන මල් කැලේ පිපීලා...//

කිංකිණි පරදන නාදෙට අපගේ 
ගලා යයි ජලේ 
හෝ ගා ගලා යයි ජලේ...//

දේදුනු පායා එන්නේ
රන් තරු වැල් බැබලෙන්නේ
පුංචි ළමුන් හින්දයි නේ...//

සුරතල් අපේ පෙනීලා
වන මල් කැලේ පිපීලා...//

කිංකිණි පරදන නාදෙට අපගේ 
ගලා යයි ජලේ 
හෝ ගා ගලා යයි ජලේ...//

නාමල් ඕළු පිපෙන්නේ
මිණි මුතු ලොවට ලැබෙන්නේ
පුංචි ළමුන් හින්දයි නේ...//

ලල ලල්ල ලල්ල ලල්ලා////

කිංකිණි පරදන නාදෙට අපගේ 
ගලා යයි ජලේ 
හෝ ගා ගලා යයි ජලේ...//

පායයි පුන් සඳ අහසේ 
පුංචි ළමුන් දැකලා සේ
සුන්දර සිරි දුව වාගේ...//

සුරතල් අපේ පෙනීලා
වන මල් කැලේ පිපීලා...//

කිංකිණි පරදන නාදෙට අපගේ 
ගලා යයි ජලේ 
හෝ ගා ගලා යයි ජලේ...//

දේදුනු පායා එන්නේ
රන් තරු වැල් බැබලෙන්නේ
පුංචි ළමුන් හින්දයි නේ...//

ලල ලල්ල ලල්ල ලල්ලා////

ගායනය - චන්ද්‍රානි මානෙල් කල්දේරා
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - අඥාතයි