Showing posts with label බී. වික්ටර් පෙරේරා. Show all posts
Showing posts with label බී. වික්ටර් පෙරේරා. Show all posts

Thursday, November 29, 2018

ගෝනගලට මාව දෙතෙයි



පුව තෙතෙයි තෙතෙයි
පුව තෙතෙයි ...//

ගෝනගලට මාව දෙතෙයි
ගෝනගලට මාව දෙතෙයියා ...//

මගෙ වයසේ කළු කෙල්ලන් ගමේ නැතේයා
ඒගොල්ලන් දීග ගිහිං දීග කතේයා
සිරි සැප දීග කතේයා ...//

ගෝනගලට මාව දෙතෙයි
ගෝනගලට මාව දෙතෙයියා ...//

මගේ දෑතෙ නටන කුල්ල තාල දෙතේයා
හිතේ රැඳුණු දහයිය පොතු ඉවත යතේයා
මගේ හිතෙත් මලක් පිපී සුවඳ දෙතේයා
සුවඳ දෙතේයා
කියාගන්න බැරි තරමට සතුටු සිතේයා
අද සතුටු සිතේයා

ගෝනගලට මාව දෙතෙයි
ගෝනගලට මාව දෙතෙයියා ...//

මගේ දෑතෙ නටන කුල්ල තාල දෙතේයා
හිතේ රැඳුණු දහයිය පොතු ඉවත යතේයා
මගේ හිතෙත් මලක් පිපී සුවඳ දෙතේයා
සුවඳ දෙතේයා
කියාගන්න බැරි තරමට සතුටු සිතේයා
අද සතුටු සිතේයා ////.

ගායනය - චන්ද්‍රාණි ගුණවර්ධන
පද - ඩෝල්ටන් අල්විස්
තනුව - බී. වික්ටර් පෙරේරා


(චිත්‍රය ජයසිරි සේමගේ ශිල්පියාගේ ය)


Tuesday, November 27, 2018

ලොකු නැන්ද එනව




ලොකු නැන්ද එනව
නැන්ද එනව
අන්න එනව අපේ දිහාවේ ...//
කොන්ද නමල කන්ද නැගල ලන්ද දිගේ
උන්දැ එනව අපේ දිහාවේ //

ලොකු නැන්ද එනව
නැන්ද එනව
අන්න එනව අපේ දිහාවේ ...//
කොන්ද නමල කන්ද නැගල ලන්ද දිගේ
උන්දැ එනව අපේ දිහාවේ //

ලහි ලහියේ ඈ එන්නේ
අම්ම එක්ක අද මා ගැන දීග දොඩන්නයි ....//

දොංත දොදොං
තරිකිට දොංත දොදොං
තරිකිට දොංත දොදොං
තරිකිට කුන්ද කුඳත්තා ....//

රබන් පදේ මට ඇහෙනව
ලොකු නැන්දා වඩින වෙලාවේ

ලොකු නැන්ද එනව
නැන්ද එනව
මෙන්න එනව අපේ දිහාවේ ...//
කොන්ද නමල කන්ද නැගල ලන්ද දිගේ
උන්දැ එනව අපේ දිහාවේ ////.

ගායනය - චන්ද්‍රාණි ගුණවර්ධන
පද - ඩෝල්ටන් අල්විස්
තනුව - බී. වික්ටර් පෙරේරා