Showing posts with label ලයනල් රංවල. Show all posts
Showing posts with label ලයනල් රංවල. Show all posts

Monday, September 16, 2019

ගොඩිනා බොහො දේ ලැබේ

ගොඩිනා බොහො දේ ලැබේ
මඩිනා බොහෝ දේ ලැබේ
බඳිනා කාලේ මගෙ ළඟා වෙලාදෝ

අර සොයා බලා ගමේ ගොඩේ කෙනෙක් ගෙනේදෝ

අර සොයා බලා ගමේ ගොඩේ කෙනෙක් ගෙනේදෝ

ගෑවේ සායම් නොවේ
දෙතොලේ බුලතේ ඔපේ
ගමටා ඔබිනා තාලේ ලියක් වෙසේදෝ

අර ගමේ ගොඩ් කෙනෙක් තමයි මාත් සොයන්නේ

අර ගමේ ගොඩ් කෙනෙක් තමයි මෙයත් සොයන්නේ

තෙන් තෙඳේ නම් තෙඳේ
නම් තෙඳෙ නම් තෙඳේ
තෙන් තෙඳේ නම් තෙඳේ නම් තෙඳේ නම්


මැණිකේ මගේ
ටිකිරී නඟේ
රෙද්දයි හැට්ටෙයි ඔබගේ රුවට අගෙයි නේ

අර ගමේ ගොඩ් කෙනෙක් තමයි මාත් සොයන්නේ

අර ගමේ ගොඩ් කෙනෙක් තමයි මෙයත් සොයන්නේ

ගොඩිනා බොහො දේ ලැබේ
මඩිනා බොහෝ දේ ලැබේ
බදිනා කාලේ මගෙ ළඟා වෙලාදෝ

අර සොයා බලා ගමේ ගොඩේ කෙනෙක් ගෙනේදෝ

අර සොයා බලා ගමේ ගොඩේ කෙනෙක් ගෙනේදෝ

ගෑවේ සායම් නොවේ
දෙතොලේ බුලතේ ඔපේ
ගමටා ඔබිනා තාලේ ලියක් වෙසේදෝ

අර ගමේ ගොඩ් කෙනෙක් තමයි මාත් සොයන්නේ

අර ගමේ ගොඩ් කෙනෙක් තමයි මෙයත් සොයන්නේ

තෙන් තෙඳේ නම් තෙඳේ
නම් තෙඳෙ නම් තෙඳේ
තෙන් තෙඳේ නම් තෙඳේ නම් තෙඳේ නම්


හැංගී කෙළී
ලැජ්ජාවෙනී
සොබනා රුවිනා දිලෙනා කෙනෙක් යසයි නේ

අර ගමේ ගොඩ් කෙනෙක් තමයි මාත් සොයන්නේ

අර ගමේ ගොඩ් කෙනෙක් තමයි මෙයත් සොයන්නේ

ගොඩිනා බොහො දේ ලැබේ
මඩිනා බොහෝ දේ ලැබේ
බදිනා කාලේ අපේ ළඟා වෙලාදෝ

අර සොයා බලා ගමේ ගොඩේ කෙනෙක් ගෙනේදෝ

අර සොයා බලා ගමේ ගොඩේ කෙනෙක් ගෙනේදෝ

ගොඩිනා බොහො දේ ලැබේ
මඩිනා බොහෝ දේ ලැබේ
බදිනා කාලේ අපේ ළඟා වෙලාදෝ

අර සොයා බලා ගමේ ගොඩේ කෙනෙක් ගෙනේදෝ

අර සොයා බලා ගමේ ගොඩේ කෙනෙක් ගෙනේදෝ

තෙන් තෙඳේ නම් තෙඳේ
නම් තෙඳෙ නම් තෙඳේ
තෙන් තෙඳේ නම් තෙඳේ නම් තෙඳේ නම්
....////

ගායනය - ලයනල් රන්වල සහ පිරිස
නාද රටා අදියුරු සැකසුම - ලයනල් රන්වල
නිර්මාණය - ලයනල් රන්වල ජන ගී ඇසරින්.


Godina Boho De Lebe - Lionel Ranwala

චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ නිර්මාණයකි.

වන්නම් සවුදම් ගායන



වන්නම් සවුදම් ගායන සූරිය මණ්ඩල සේමා
වන්නම් සවුදම් ගායන සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා
ගයමුව යාළුව මා හා

ඉහළු ගමින් කෝ (හෙයි)
වරෙල්ලා
වරෙල්ලා යාළු පණේ
පේරැස් මුදුවේ (හෙයි)
බලල්ලා
බලල්ලා දිස්නෙ නඟෝ
මහබඹා මැව් රන් පබාවතී ළඳ දෝ
මහබඹා මැව් රන් පබාවතී ළඳ දෝ

වන්නම් සවුදම් ගායන සූරිය මණ්ඩල සේමා
වන්නම් සවුදම් ගායන සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා
ගයමුව යාළුව මා හා

කනට දෙමික්කන්
පයට පදක්කම්
මම දෙඤ්ඤා
මම දෙඤ්ඤා


කනට දෙමික්කන්
පයට පදක්කම්
මම දෙඤ්ඤා
මම දෙඤ්ඤා

ආලවන්තයා මං බහක් දියං නංගෝ
ආලවන්තයා මං බහක් දියං නංගෝ
වන්නම් සවුදම් ගායන සූරිය මණ්ඩල සේමා
වන්නම් සවුදම් ගායන සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා
ගයමුව යාළුව මා හා

 

නැඟෙන හිරට රන් කරල් නැමෙන්නේ
පිණට නුඹේ
පිණට නුඹේ



නැඟෙන හිරට රන් කරල් නැමෙන්නේ
පිණට නුඹේ
පිණට නුඹේ
 


ආලවන්තයා මං බහක් දියං නංගෝ
ආලවන්තයා මං බහක් දියං නංගෝ
වන්නම් සවුදම් ගායන සූරිය මණ්ඩල සේමා
වන්නම් සවුදම් ගායන සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා
ගයමුව යාළුව මා හා

 

ඉහළු ගමින් කෝ (හෙයි)
වරෙල්ලා
වරෙල්ලා යාළු පණේ

පේරැස් මුදුවේ (හෙයි)
බලල්ලා
බලල්ලා දිස්නෙ නඟෝ

මහබඹා මැව් රන් පබාවතී ළඳ දෝ
මහබඹා මැව් රන් පබාවතී ළඳ දෝ

වන්නම් සවුදම් ගායන (වන්නම් සවුදම් ගායන)
සූරිය මණ්ඩල සේමා (සූරිය මණ්ඩල සේමා)
වන්නම් සවුදම් ගායන (වන්නම් සවුදම් ගායන)
සූරිය මණ්ඩල සේමා
ගායනය - ලයනල් රන්වල සහ පිරිස
ගායන වෘන්දය (පිරිමි)
ගායන වෘන්දය (කාන්තා)
නාද රටා අදියුරු සැකසුම - ලයනල් රන්වල
ජාතික රූපවාහිනිය මොණරාගල දිස්ත්‍රිකය පුරා ගවේෂණයෙන් එක් රැස් කර ගත් ජන ගී ගායනා හා නාද මාලා ඇසුරින්, වරුණ ලේල්වල අධ්‍යක්ෂණය කළ, 'අපේ කම' වැඩසටහන වෙනුවෙන් ලයනල් රන්වල ශූරීන් විසින් 1997 දී නිර්මාණය කළ ගීයකි.



Wannam Sawudam Gayana - Lionel Ranwala

Saturday, September 14, 2019

යුද්දෙටත් ඇවිත්


යුද්දෙටත් ඇවිත් සිඳු පිට නැවි නැඟිලා (පරංගි
උන්නමුත් ඇවිත් කොළඹට ගොඩ බැසලා
අන්දමත් සොඳයි කිසි බිසී ගාලා (කොළඹදි
කම්පලක් නැතත් සෙනඟක් මරාදාලා
යුද්දෙටත් ඇවිත්

යුද්දෙටත් ඇවිත් සිඳු පිට නැවි නැඟිලා
(පරංගි
උන්නමුත් ඇවිත් කොළඹට ගොඩ බැසලා

අන්දමත් සොඳයි

අන්දමත් සොඳයි කිසි බිසී ගාලා
(කොළඹදි
කම්පලක් නැතත් සෙනඟක් මරාදාලා
නොමදින් විකුම් පාලා
නොමදින් විකුම් පාලා


සැදෙමින් යුදට ජය ලන්දෙසින් සමගින් එ ජනරාලා
සැදෙමින් යුදට ජය ලන්දෙසින්
ජය ලන්දෙසින් සමගින් එ ජනරාලා

සමිඳුන්ගෙ භුවි පාලා
සමිඳුන්ගෙ භුවි පාලා

සියසේ අතින් මියෙමින් ගියෝ යුදයෙන් ඇනුම් කාලා
සියසේ අතින් මියෙමින් ගියෝ
මියෙමින් ගියෝ යුදයෙන් ඇනුම් කාලා
යුද්දෙටත් ඇවිත් සිඳු පිට නැවි නැඟිලා (පරංගි
උන්නමුත් ඇවිත් කොළඹට ගොඩ බැසලා
අන්දමත් සොඳයි කිසි බිසී ගාලා (කොළඹදි
කම්පලක් නැතත් සෙනඟක් මරාදාලා
යුද්දෙටත් ඇවිත්

යුද්දෙටත් ඇවිත් සිඳු පිට නැවි නැඟිලා
(පරංගි
උන්නමුත් ඇවිත් කොළඹට ගොඩ බැසලා

අන්දමත් සොඳයි

අන්දමත් සොඳයි කිසි බිසී ගාලා
(කොළඹදි
කම්පලක් නැතත් සෙනඟක් මරාදාලා

යුද්දෙටත් ඇවිත් සිඳු පිට
යුද්දෙටත් ඇවිත්

යුද්දෙටත් ඇවිත් සිඳු පිට
යුද්දෙටත් ඇවිත්

යුද්දෙටත් ඇවිත් සිඳු පිට
යුද්දෙටත් ඇවිත්

යුද්දෙටත් ඇවිත් සිඳු පිට
යුද්දෙටත් ඇවිත්

යුද්දෙටත් ඇවිත් සිඳු පිට
යුද්දෙටත් ඇවිත්

යුද්දෙටත් ඇවිත් සිඳු පිට
යුද්දෙටත් ඇවිත්


ගායනය - ලයනල් රන්වල සහ පිරිස
පද - හටන් කවි අතුරින්
නාද රටා සැකසුම - ලයනල් රන්වල


Yuddetath Evith - Lionel Ranwala

Thursday, September 12, 2019

අනෙ අම්මප මං කැමතියි

අනෙ අම්මප මං කැමතියි
හැම අතින්ම ගැලපෙනවා


අනෙ අම්මප මං කැමතියි
හැම අතින්ම ගැලපෙනවා


මයෙ පැංචෝ (ඇයි ?
අක්කණ්ඩී (ඈ
මට බහ දේවි දෝ
බැහැ නොකියා

අනෙ අම්මප මං කැමතියි
හැම අතින්ම ගැලපෙනවා

මයෙ පැංචෝ (ඇයි ?
අක්කණ්ඩී (ඈ
මට බහ දේවි දෝ
බැහැ නොකියා


අනෙ අම්මප මං කැමතියි

බිතක්කනේ යට ලීයේ
බිතක්කනේ යට ලීයේ
හැංගුව සෙනෙහෙ කොළේ (දුන්නද?
ගුංද ගතං ගතිද ගදං
ගුංද ගතං ගතිද ගදං

අක්කණ්ඩිට දෙන්ට කලින්
අප්පච්චිගෙ අතට ගිහිං
වින්නැහියක් වෙන්ට කලින්
අයියණ්ඩී යන්ට ගමින්


ඇයි බයේද මං යන්නේ
අනෙ අම්මප මං කැමතියි
හැම අතින්ම ගැලපෙනවා


සොල්දරයේ පෙට්ටගමේ
සොල්දරයේ පෙට්ටගමේ
හැංගුණු කේන්දරේ

ගුංද ගතං ගතිද ගදං
ගුංද ගතං ගතිද ගදං

හනි හනිකට කළු මැදලා
හරි හරියට ගලපාලා
කපු රාළට සලකාලා
පිළිවෙලකට මං එනවා


කොයි කපේ ද අයියණ්ඩී
අනෙ අම්මප මං කැමතියි
හැම අතින්ම ගැලපෙනවා


අනෙ අම්මප මං කැමතියි
හැම අතින්ම ගැලපෙනවා


මයෙ පැංචෝ
අක්කණ්ඩී
මට බහ දේවි දෝ
බැහැ නොකියා


අනෙ අම්මාපා මං කැමතියි
අම්මපා ?

ගායනය - සහන් රන්වල සමග ප්‍රදීප් මුතුකුඩආරච්චි සහ පිරිස
පද - සිසිර දිසානායක
තනුව - ලයනල් රන්වල


Ane Ammapa Man Kemathiy - Sahan Ranwala & Pradeep Muthukudaarachchi

Wednesday, September 11, 2019

මගෙ බුදු අප්පච්චියා

මගෙ බුදු අප්පච්චියා ... ආ.....
බුදුන් දැක නිවන් දැකපන්
මගෙ බුදු අප්පච්චියා .....


කෝම දෝ මේ දුක්
හිතකින් වාවා ගන්නේ
කෝම දෝ ආයෙත්
හැබැහින් දැක ගන්නේ


ආ.... ආආ ආආ ආආ ආ.......

අම්මා වෝ වෝ වෝ වෝ වෝ වෝ වෝ
අම්මා වෝ වෝ වෝ වෝ වෝ වෝ වෝ


ආ.... ආආ ආආ ආආ ආ.......
වල් පැල වද දෙනවෝ
යායේම නුඹ නැතිදා
කාගෙත් බඩ දනවෝ
ලාහක වී නැතිදා
අගේට උන්නා
ඇස්වහ වැදුණ ද

අපෙ අප්පෝ

අම්මා වෝ වෝ වෝ වෝ වෝ වෝ වෝ
අම්මා වෝ වෝ වෝ වෝ වෝ වෝ වෝ


අපේ මත්තෙම නැහී
අප හැරදා ගියෙ මයෙ දෙයියා
වෙලේ කමතේ නැතේ අද
උම්බෑ හඬ මයෙ මීමා


අම්මා වෝ වෝ වෝ වෝ වෝ වෝ වෝ
අම්මා වෝ වෝ වෝ වෝ වෝ වෝ වෝ

අම්මා වෝ වෝ වෝ වෝ වෝ වෝ වෝ
අම්මා වෝ වෝ වෝ වෝ වෝ වෝ වෝ


මගෙ බුදු අප්පච්චියා ... ආ.....
බුදුන් දැක නිවන් දැකපන්
මගෙ බුදු අප්පච්චියා .....


ගායනය - ලයනල් රන්වල සහ පිරිස
පද - සිසිර දිසානායක
නාද රටා - ලයනල් රන්වල

මෙම ගීයේ නාද රටා සැකසුණේ මොණරාගල කමත් ගී ඇසුරෙන්. එය සිසිරට පහදා දෙන රන්වලයන්, ගීය ලියවෙන්න ඕනෑ ආකාරය සිසිරට පහදා දුන්නා.

ගමේ ගොවි රාළ ගෙ මී හරකා මිය ගිහිං. ගොවිතැනේ දි තමන්ට අනේක සවිය වූ මේ සතා, ගොවි රාළ හැමදාම සැලකුවෙ දරුවෙක් ට එහා ගිය සෙනෙහසකින්. වෙලේ අම්බරුවන්ට අඬහැර පාන්නේ අප්පච්චියේ කියල. අද ඒ අප්පච්චි මියෑදිල. වාවන්නෙ නෑ හිත.

සිසිර, මේ ගීයෙ අවසානය වන තෙක් මේ මියගොස් ඇත්තේ ඔය මී හරකා වන බව හැඟෙන්න බෑ. ඒක අසන්නාට දැනෙන්න ඕනැ අන්තිමට.

එහෙම තමයි ලයනල් රන්වල ගීය ලියවෙන්න ඕනැ ආකාරය පැහැදිලි කළේ. ඒත් ඒ ගීය ම ලයනල් රන්වලයන් ගැයූ අවසන් ගීය වීම හරි පුදුම දෙයක්.

මේ වග අකුරු කරන මගෙ ඇස්වලත් කඳුළු බිඳුවක් මෝදු වුණේ, රන්වල ශූරින් ගේ වියෝව වගෙම, සිසිර ගෙ පද බැඳුමෙන් සංවේදී වූ සිත නිසා.


 
Mage Budu Appachchiya - Lionel Ranwala

ඇහුවම කන් පිරෙණා


ඇහුවම කන් පිරෙණා
පොඩි මස්සිනේ
නයි මිරිසක් වාගේ
ඇගෙ කෑමුරේ
නයි මිරිසක් වාගේ


දුටුවම හිත පිරෙණා
ලොකු මස්සිනේ
වංගෙඩියක් වාගේ
ඇගෙ රූ සිරී
වංගෙඩියක් වාගේ


නෙළුමේ සීපද අහන්ට කදිමයි
දෑතේ වැඩපල සුරුවම් වාගෙයි


වචනෙ කට සැර මී සේ වූවයි
සිරුරේ හැඩ පිල් නැටුවා ගාණයි


නයි මිරිසක් වාගේ
වංගෙඩියක් වාගේ
නයි මිරිසක් වංගෙඩියක් කරගැහුවා වාගෙයි


ඇහුවම කන් පිරෙණා
පොඩි මස්සිනේ
නයි මිරිසක් වාගේ
ඇගෙ කෑමුරේ
නයි මිරිසක් වාගේ


දුටුවම හිත පිරෙණා
ලොකු මස්සිනේ
වංගෙඩියක් වාගේ
ඇගෙ රූ සිරී
වංගෙඩියක් වාගේ


බොරුවේ උපතයි අපෙ කපු උන්දා
කවදා පිහිටක් වේවිද මන්දා


සොයලා දෙනකල් ඉන්නද හැමදා
දන්නා යකු ඇයි නරකද මන්දා


නයි මිරිසක් වාගේ
වංගෙඩියක් වාගේ
නයි මිරිසක් වංගෙඩියක් කරගැහුවා වාගෙයි


ඇහුවම කන් පිරෙණා
පොඩි මස්සිනේ
නයි මිරිසක් වාගේ
ඇගෙ කෑමුරේ
නයි මිරිසක් වාගේ


දුටුවම හිත පිරෙණා
ලොකු මස්සිනේ
වංගෙඩියක් වාගේ
ඇගෙ රූ සිරී
වංගෙඩියක් වාගේ


නයි මිරිසක් වාගේ
වංගෙඩියක් වාගේ
නයි මිරිසක් වංගෙඩියක් කරගැහුවා වාගෙයි


ගායනය - බන්දුල විජේවීර සහ ලයනල් රන්වල සමග රන්වල බලකාය
පද - සිසිර දිසානායක
තනුව - ලයනල් රන්වල


Ehuwama Kan Pirena (Nai Mirisak Wage) - Lionel Ranawala & Bandula Wijeweera

Tuesday, September 10, 2019

හායි ඔයාලා


හායි ...

බායි ...

මුණගැහුණම හායි හායි
වෙන් වෙනකොට බායි බායි
හායි හායි
බායි බායි
හායි ඔයාලා
යනවද බායි කියාලා


හායි ඔයාලා
යනවද බායි කියාලා
හායි බායි ලා


මුණගැහුණම හායි හායි
වෙන් වෙනකොට බායි බායි
හායි හායි
බායි බායි
හායි ඔයාලා
යනවද බායි කියාලා


හායි ඔයාලා
යනවද බායි කියාලා
හායි බායි ලා

වචන දහස් ගණනක්ලූ
අකුරු පනස් හතරක්ලූ
අපේ හෝඩියේ


අපේ හෝඩියේ

ඇහිඳ ගන්න වචන වලින් ඇයි දොඩවන්නේ
ඇහිඳ ගන්න වචන වලින් ඇයි දොඩවන්නේ
ඇයි දොඩවන්නේ
ඇයි දොඩවන්නේ

ඇයි දොඩවන්නේ

තම්දෙන තම්දෙන තම්දෙන තනා

මුණගැහුණම හායි හායි
වෙන් වෙනකොට බායි බායි
හායි හායි
බායි බායි
හායි ඔයාලා
යනවද බායි කියාලා


හායි ඔයාලා
යනවද බායි කියාලා
හායි බායි ලා


රට පන්නෙට හැසිරෙන්නේ
බහ බාගෙට දොඩවන්නේ
සිංගිරීසියේ


ඉංගිරීසියේ

අගක් මුලක් නැතිව ගිහිං කොලෑ වෙයන්නේ
අගක් මුලක් නැතිව ගිහිං කොලෑ වෙයන්නේ
කොලෑ වෙයන්නේ
කොලෑ වෙයන්නේ


කොලෑ වෙයන්නේ
තම්දෙන තම්දෙන තම්දෙන තනා

මුණගැහුණම හායි හායි
වෙන් වෙනකොට බායි බායි
හායි හායි
බායි බායි
හායි ඔයාලා
යනවද බායි කියාලා


හායි ඔයාලා
යනවද බායි කියාලා
හායි බායි ලා


හායි ඔයාලා
යනවද බායි කියාලා


හායි ඔයාලා
යනවද බායි කියාලා


හායි ඔයාලා
යනවද බායි කියාලා

හායි ඔයාලා
යනවද බායි කියාලා


ගායනය - ලයනල් රන්වල සහ රන්වල බලකාය
පද - සිසිර දිසානායක

තනුව - ලයනල් රන්වල




Hai Oyala - Lionel Ranwala & Ranwala Balakaya

කහමලියේ


කහමලියේ
අන්නර කහමලියේ
අන්නර කහමලියේ
අන්නර කහමලියේ


තරිකිට කුකුඳ කුඳක්
තරිකිට කුකුඳ කුඳක්
තරිකිට කුකුඳ කුඳක්
තරිකිට කුකුඳ කුඳක්


ආවේ ..... කරකාරෙට ගන්ටයි සෝඩි නඟේ

බෝසේ .... සරු විදානෙකී මම බිංතැන්නේ


බිංතැන්නේ බොල
බිංතැන්නේ බොල
බිංතැන්නේ බොල
බිංතැන්නේ


තෝත් නටාපිය මාත් නටන්නම් විදානෙ රාළෙගෙ බිංතැන්නේ

තත් තත් තත් තත්
තත් තත් තත් තත්
තත් තත් තත් තරකිට දොම්නත් තා

දොම්කිට තරිකිට
දොම්කිට තරිකිට
දොම්කිට තරිකිට
දොම් දොම් තක්


කහමලියේ
අන්නර කහමලියේ
අන්නර කහමලියේ
අන්නර කහමලියේ


තරිකිට කුකුඳ කුඳක්
තරිකිට කුකුඳ කුඳක්
තරිකිට කුකුඳ කුඳක්
තරිකිට කුකුඳ කුඳක්


පැහෙන ගොයමෙ කහ පාට ගාන කහමලියා
කහමලියා
හෝ ඕඕ...
කෝල බාලොලියා
සිනහ කැකිර වගෙ කෝඩුකාර කහමලියා
කහමලියා
හෝ ඕඕ...
බිංතැන්නේ ට පෑහෙනා

බිංතැන්නේ බොල
බිංතැන්නේ බොල
බිංතැන්නේ බොල
බිංතැන්නේ


තෝත් නටාපිය මාත් නටන්නම් විදානෙ රාළෙගෙ බිංතැන්නේ

තත් තත් තත් තත්
තත් තත් තත් තත්
තත් තත් තත් තරකිට දොම්නත් තා

දොම්කිට තරිකිට
දොම්කිට තරිකිට
දොම්කිට තරිකිට
දොම් දොම් තක්


කහමලියේ
අන්නර කහමලියේ
අන්නර කහමලියේ
අන්නර කහමලියේ


තරිකිට කුකුඳ කුඳක්
තරිකිට කුකුඳ කුඳක්
තරිකිට කුකුඳ කුඳක්
තරිකිට කුකුඳ කුඳක්


ආවේ ..... කරකාරෙට ගන්ටයි සෝඩි නඟේ

බෝසේ .... සරු විදානෙකී මම බිංතැන්නේ


බිංතැන්නේ බොල
බිංතැන්නේ බොල
බිංතැන්නේ බොල
බිංතැන්නේ


තෝත් නටාපිය මාත් නටන්නම් විදානෙ රාළෙගෙ බිංතැන්නේ

ගායනය - ලයනල් රන්වල සහ රන්වල බලකාය
පද - සිසිර දිසානායක
තනුව - ලයනල් රන්වල


Kahamaliye - Lionel Ranwala & Ranwala Balakaya

ගම අවුලඤ්ඤම්


ගම අවුලඤ්ඤම්
හබ පටලඤ්ඤම්
ගිණිගෙඩි දෙඤ්ඤම්
දෙඤ්ඤම්
දෙඤ්ඤම්

ගම අවුලඤ්ඤම්
හබ පටලඤ්ඤම්
ගිණිගෙඩි දෙඤ්ඤම් දෙඤ්ඤම් දෙඤ්ඤම්


සුදුවට පිරුවට ඇඳගෙන එන්නේ
දානෙට සීලෙට මුලටම ඉන්නේ


දානෙට සීලෙට මුලටම ඉන්නේ

වයසට යනකොට මොනවද වෙන්නේ
කට වට කර වැට කොහොම බඳින්නේ


කට වට කර වැට කොහොම බඳින්නේ

දොමිකිට කිට දොම් දොම්
දොමි දොමිකිට කිට දොම් දොම්

ගම අවුලඤ්ඤම්
හබ පටලඤ්ඤම්
ගිණිගෙඩි දෙඤ්ඤම්
දෙඤ්ඤම්
දෙඤ්ඤම්


කේළාම් ඕපාදූප
කියමින් ගම වට යාම
සතුටකි නුඹට කදීම
මැගි නැන්දේ

හෙ හෙහෙහෙහේ
මැගි නැන්දේ

ගම අවුලඤ්ඤම්
හබ පටලඤ්ඤම්
ගිණිගෙඩි දෙඤ්ඤම්
දෙඤ්ඤම්
දෙඤ්ඤම්

ගම අවුලඤ්ඤම්
හබ පටලඤ්ඤම්
ගිණිගෙඩි දෙඤ්ඤම්
දෙඤ්ඤම්
දෙඤ්ඤම්

ගිණිගෙඩි දෙඤ්ඤම් දෙඤ්ඤම් දෙඤ්ඤම්


සුදුවට පිරුවට ඇඳගෙන එන්නේ
දානෙට සීලෙට මුලටම ඉන්නේ


දානෙට සීලෙට මුලටම ඉන්නේ

වයසට යනකොට මොනවද වෙන්නේ
කට වට කර වැට කොහොම බඳින්නේ

කට වට කර වැට කොහොම බඳින්නේ

දොමිකිට කිට දොම් දොම්
දොමි දොමිකිට කිට දොම් දොම්

ගම අවුලඤ්ඤම්
හබ පටලඤ්ඤම්
ගිණිගෙඩි දෙඤ්ඤම්
දෙඤ්ඤම්
දෙඤ්ඤම්

අහල පහළ කෙටවීම
සිරිතකි නුඹෙ හැමදාම
කොතැනද ඔහොම ගියාම
නවතින්නේ

හෙ හෙහෙහෙහේ
නවතින්නේ

ගම අවුලඤ්ඤම්
හබ පටලඤ්ඤම්
ගිණිගෙඩි දෙඤ්ඤම්
දෙඤ්ඤම්
දෙඤ්ඤම්

ගම අවුලඤ්ඤම්
හබ පටලඤ්ඤම්
ගිණිගෙඩි දෙඤ්ඤම්
දෙඤ්ඤම්
දෙඤ්ඤම්

ගිණිගෙඩි දෙඤ්ඤම් දෙඤ්ඤම් දෙඤ්ඤම්


සුදුවට පිරුවට ඇඳගෙන එන්නේ
දානෙට සීලෙට මුලටම ඉන්නේ


දානෙට සීලෙට මුලටම ඉන්නේ

වයසට යනකොට මොනවද වෙන්නේ
කට වට කර වැට කොහොම බඳින්නේ


කට වට කර වැට කොහොම බඳින්නේ

දොමිකිට කිට දොම් දොම්
දොම් දොමිකිට කිට දොම් දොම්
....////.

ගායනය - ලයනල් රන්වල සහ රන්වල බලකාය
පද - සිසිර දිසානායක
තනුව - ලයනල් රන්වල


Gama Awulangnam - Lionel Ranawala & Ranwala Balakaya

Monday, September 9, 2019

කැලේ පනින්නේ

කැලේ පනින්නේ කොළේ වහන්නේ නෑ ආයේ
කරදර දෙන්නේ හිරිහැර දෙන්නේ නෑ ආයේ


වහන් වී ඉඳලා
නෑ නෑ නෑ
මහ උළු ගේ තැපලා (මේ ගොයියා)
ගමට ඇවිදිල්ලා

වහන් වෙන්නේ මොටද බොලන්නේ
මොනව ? මොනව ?
මොනව කිව්වා ?
කූරු ගැණ ගැණ මං උන්නා
ඔහෙ පලයන්
ඔහෙ පලයන්
කූරු ගැණලම ඇඟ හිරිවැටුණේ
ආයෙ උළු ගෙට නැහැ යන්නේ


අඬහැරේ පාලා (හේ හේ හේ)
ගමට කියහල්ලා (හේ හේ හේ)
අයිය ඇවිදිල්ලා

කැලේ පනින්නේ කොළේ වහන්නේ නෑ ආයේ
කරදර දෙන්නේ හිරිහැර දෙන්නේ නෑ ආයේ


වහන් වී ඉඳලා
නෑ නෑ නෑ
මහ උළු ගේ තැපලා (මේ ගොයියා)
ගමට ඇවිදිල්ලා

 

දෑත දෙපයේ හයිය තියෙන්නා
නැතුව
නැතුව

නැතුව අයියෙ ..

හේන ගිණි ලා පෙරළන්නා
ඇන්නෑවේ
ඇන්නෑවේ


පොඩියට පැල් කොටයක් අටවාලා
ඉන්නම් කාගෙත් අයිය වගේ


අණබෙර ගහපල්ලා (හේ හේ හේ)
සොකරි නටහල්ලා (හේ හේ හේ)
අයිය ඇවිදිල්ලා

කැලේ පනින්නේ කොළේ වහන්නේ නෑ ආයේ
කරදර දෙන්නේ හිරිහැර දෙන්නේ නෑ ආයේ


වහන් වී ඉඳලා
නෑ නෑ...
මහ උළු ගේ තැපලා (මේ ගොයියා)
ගමට ඇවිදිල්ලා

ගමට ඇවිදිල්ලා

ගායනය - සහන් රන්වල සහ රන්වල බලකාය
පද - සිසිර දිසානායක
තනුව - ලයනල් රන්වල




Kele Paninne - Sahan Ranwala & Ranwala Balakaya

Saturday, April 13, 2019

මේ අවුරුදු කාලේ


මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
අඅඅ අඅඅ ආ....
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
අඅඅ අඅඅ ආ....

ආ හා... අඅඅ අඅඅ ආ....
ආ හා... අඅඅ අඅඅ ආ....

දොං තරිකිට කැත්ත ‍දොදොං
පිළ වටකර කැත්ත දොදොං
දමා තැල්ල ඩිඟිසි ඩි‍‍ඟොයි
දමා තැල්ල තක තෙය්යත් තාං
කැවුම් කොකිස් තෙලේ බැ‍දෙයි
කැවිළි සුවඳ සිතට දැනෙයි

බා(න්) බා(න්) බා කිකිළී
ඊයෙ උදේ ගිය කිකිළී
තාම ආවෙ නෑ කිකිළී
බා(න්) බා(න්) බා

ගත්තිංඥා තිංඥා ගති ගත ගෝ ගති ගත ගෝ
ඔන්චිලි චිලි වාරම් ගම දෙවනත් වෙන්නා
මැංගිරි ඩිණිකෝ
අවුරුදු ආවෝ

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
අඅඅ අඅඅ ආ....

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
අඅඅ අඅඅ ආ....

ආ හා... අඅඅ අඅඅ ආ.…
ආ හා... අඅඅ අඅඅ ආ....

දොං තරිකිට කැත්ත ‍දොදොං
පිළ වටකර කැත්ත දොදොං
දමා තැල්ල ඩිඟිසි ඩි‍‍ඟොයි
දමා තැල්ල තක තෙය්යත් තාං
ගමේ රබන් දොරට වඩියි
සිනහ මුහුණු අවට පෙනෙයි

බා(න්) බා(න්) බා කිකිළී
ඊයෙ උදේ ගිය කිකිළී
තාම ආවෙ නෑ කිකිළී
බා(න්) බා(න්) බා

ගත්තිංඥා තිංඥා ගති ගත ගෝ ගති ගත ගෝ
සිංහල අවුරුද්දේ මල් කැකුළක් සේ දිළිසේ
මැංගිරි ඩිණිකෝ
අවුරුදු ආවෝ

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
අඅඅ අඅඅ ආ....

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
ඒ ඒ ඒ....

ආ හා... අඅඅ අඅඅ ආ.....
ආ හා... අඅඅ අඅඅ ආ.… /////.

ගායනය - ලයනල් රන්වල සහ රන්වල බලකාය
ගී පද - ජයතිස්ස බොරළුගොඩ
සංගීතය - ලයනල් රන්වල

ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ සංහිඳ වැඩසටහනකින් පහත හඬ ඛණ්ඩය උපුටා ගත්තෙ. අහන්න ලයනල් රන්වලයන් ගීය ගැන ඉදිරිපත් කළ පූර්විකාව.

රන්වල බලකායේ මේ ගීයේ වීඩියෝව


Friday, April 12, 2019

කජු වාරේ

කජු වාරේ..
කජු වාරේ... එරබදු යායේ..
කොහෝ කොහෝ නාදේ ...
ගමට කියන්නේ ....
අවුරුදු ඇවිදිල්ලා
අවුරුදු ඇවිදිල්ලා

පුංචි කොල්ලො රංචු ගැසෙයි
පංච බෙල්ලො ඔණ්ඩු දමයි

පුංචි කොල්ලො රංචු ගැසෙයි
පංච බෙල්ලො ඔණ්ඩු දමයි

හත්මාළුව පරදවන්න
කොණ්ඩ කැවුම් කොණ්ඩෙ බඳී

හත්මාළුව පරදවන්න
කොණ්ඩ කැවුම් කොණ්ඩෙ බඳී

කොක්කු දෙදහසක් ඇවිදින්
පුත්තලමේ දොන්
තවත් දෙදහසක් ඇවිදින්
අතරමගදි දොන්

සඳුන් කැලේ අපි යනකොට
රිලව් පනිනවා
එක රිලවෙක් බඩ බැඳගෙන
පිණුම් ගහනවා

මේ ඉසව්වේ ...
රබන් වැයෙන්නා ...
මේ පද ඇසී ..
ගමක් නටන්නා ..

කජු වාරේ..
කජු වාරේ... එරබදු යායේ..
කොහෝ කොහෝ නාදේ ...
ගමට කියන්නේ .....
අවුරුදු ඇවිදිල්ලා
අවුරුදු ඇවිදිල්ලා

පුංචි කොල්ලො රංචු ගැසෙයි
පංච බෙල්ලො ඔණ්ඩු දමයි

පුංචි කොල්ලො රංචු ගැසෙයි
පංච බෙල්ලො ඔණ්ඩු දමයි

හත්මාළුව පරදවන්න
කොණ්ඩ කැවුම් කොණ්ඩෙ බඳී

හත්මාළුව පරදවන්න
කොණ්ඩ කැවුම් කොණ්ඩෙ බඳී

බුබුල් බුලත් මම ගත්තා
තුට්ටු දෙකට මං වික්කා
තුට්ටු දෙකට ගත්තු බුලත්
සල්ලි හතට මට වික්කා

වත්ත කතත් කතත්තා
ඉඩම කතත් කතත්තා
වත්ත කතත් ඉඩම කතත්
දෙකම කතත් කතත්තා

මේ නොනගතේ
ඉරත් නැවතිලා
මේ සැණකෙළී
බලා ඉන්නවා

කජු වාරේ..
කජු වාරේ... එරබදු යායේ..
කොහෝ කොහෝ නාදේ ...
ගමට කියන්නේ ....
අවුරුදු ඇවිදිල්ලා
අවුරුදු ඇවිදිල්ලා ////.

ගායනය - ලයනල් රන්වල ප්‍රමුඛ රන්වල බලකාය
පද - සිසිර දිසානායක
සංගීතය - ලයනල් රන්වල

කජු වාරේ ගීයේ වීඩියෝව